කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට රසම රස ශෝට් ඊට්ස් කන්න එන්න ගාල්ලේ සහන අවන්හලට – Sahana Restaurant Galle

banner

ගාලු නගරය දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් යහමින් ගැවසෙන නගරයක්.ගාලු නගරය බොහොමයක් විදේශිකයන් යන එන තැනක් නිසාවෙන් නගරයේ අවන්හල් වල කෑම වල මිල ගනන් නම් ටිකක් සෑරයි.ගාලු නගරයට ඇවිත් සහනදායි මිලකට ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල නමින් සහන.නමට ගැලපෙන විදියටම සහන්දායි මිලකට රසවත් ආහාර මේ සහන අවන්හලේ කන්න ගන්න පුලුවනි.

වටපිටාව

sahana2

මේ අවන්හල පිහිටන්නේ ගාල්ල මාතර පධාන පාරට මුහුනලායි.මේ හරියට කියන්නේ දෙවැට කියලා.පාර අයිනට වන්නට පිහිටි මේ අවන්හලේ එකපසක් මුහුදට මුහුනලායි පිහිටන්නේ.අවන්හල ප්‍රදාන අවන්හල් වගෙම පසෙකින් වහලයක් සහිත විවුර්ථ කොටසකිනුත් යුක්ත වෙනවා.ඇතුලත කොන්ක්‍රීට් වලින් සැදි මේස සහ ලී මේස වටේට ලී පු‍ටු තියලයි තියෙන්නේ.අවන්හල ඇතුලත ටිකක් අඳුරුයි.ඒවගෙම හැම වෙලේම මේ අවන්හල ඇත්ලත ටිකක් කලබල කාරි වටපිටාවක් තමයි තියෙන්නේ.ඒ තරම් ලොකු පිරිසිද් ගතියක් පේන්නත් නෑ.මේ අවන්හල ඇතුලත ඉතා විශාල පිරිසකට එකවර ඉඳගෙන කෑම කන්න ගන්න පුලුවනි. කොහොම උනත් මේ අවන්හලට ඇවිත් මුහුද පැත්තට වෙන්නට ඉඳගත්ත නම් මුහුදු හුලං විඳගෙන ආහාර ගන්න පුලුවන්.ඔබ මෙහි එනවා නම් පාකිං පහසුවත් මෙතන තියනවා

මෙනුපත

sahana12

මේ අවන්හල ගොඩක්ම ප්‍රසිද්ද රසවත් කෙටි කැම වලට තමයි.ගොඩ දෙන්ක් මේ අවන්හලට එන්නේ රසවත් කෙටි කෑම අතේ ඇති මිලකට කන්න.කෙටි කෑම විදියට පේස්ට්‍රි වර්ග,රෝල්ස් වර්ග,බනිස් වර්ග ,පැටිස්,ඩ්‍රම්ස්ටික් වගේ කෑම් ගනනාවක් කන්න ගන්න පුලුවනි.ඒ වගෙමයි කප් කේක්,පැන් කේක්,ම‍ෆින් ඩෝනට් වගේ කෑමත් මේ අවන්හල සත්යි.කොහොම උනත් මේ අවන්හලට ඇවිත් බිත්තර රෝල් එකක් එක්ක උනු උනු තේකක් බොන්න තියනවා නම් පංකාදුයි කියන්න පුලුවනි.මේ අවන්හලේ කෑම නැවුම් අන්දමින් තියනවා.ඒ අතරින් මේ රෝල් එක වඩත් රසවත්.මැද පිරවුම බිත්තර භාගයක් එක්ක ඉතාම රසවත්.ඒත් එක්ක උනු උනුවට තේකක් බොන්න පුලුවන් නම් ඒක ඉතා හොඳ ‍තෝරගැනීමක් .

sahana1

මේ අවන්හලේ ප්‍රධාන ආහාරත් සපයනවා.ඒත් ගොඩ දෙනෙක් මෙහි එන්නේ කෙටි කැම කන්න තමයි.මිල අතින් බැලුවොත් රෝල්ස්,පැටිස් පේස්ට්‍රි බනිස් වර්ග වල මිල පවතින්නේ රුපියල් 50ට අඩුවෙන්.ඒ වගෙමයි අනික් බොහොමයක් කෑම වල මිල ගනනුත් ඉතා සාධාරනයි.

සේවාව

ස්වයං සේවා විදියට තමයි මෙහි වැඩ කටයුත් සිද්ද වෙන්නේ.අපිට ඕනි කරන ඒවා කැශියර් එකට බිල ගෙවලා ගන්න වෙන්නේ.මෙහි වැඩ කරන අයත් ඉන්නවා.ඔවුන්ගෙනුත් ඔබට උදව් ගන්න පුලුවනි.කොහොම උනත් මෙහි වැඩ කරන අය හැම වෙලේම කාර්‍ය බහුලයි.මොකද ඒ තරමට මේ අවන්හලට පාරිබෝගිකයන් පැමිනෙනවා..වැසිකිලි පහසුකම් උනත් මේ අවන්හලේ හොඳින් තියනවා.ලොකුවට සේවාව ගැන කියන්න දේවල් නැති උනත් හොඳ මට්ටමේ සේවාවක්

මග

මෙතනට ඔබ මතර පැත්තේ ඉඳන් හෝ හයිවේ එකේ ඇවිත් ගාලු නගරයට එනවා නම් හයිවේ එකෙන් එලියට ඇවිත් ප්‍රධාන මාතර පාරට වැටිලා ගාල්ල නගරය දෙසට මීටර් 600ක් වගේ එන්න ඕනි.එහෙම එනනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

සහන ප්‍රධාන අවන්හල තමයි අපි මේ කිව්ව තැන පිහිටන්නේ.ගාලු නගරය මැද ප්‍රධාන වීදියේත් කරාපිටිය නගරයේත් තවත් සහන අවන්හල පවතිනවා.ගොඩ දෙනෙක් අතේ ඇති මිලට පිරිසිදු වගෙම රසවත් බේකයි කෑම කන්න මේ අවන්හල වෙතට පැමිනෙනවා.මෙහි දුරකථන අංකය වෙන්නේ 0912222192.ඔවුන් උදේ 6 .30 වගේ ඉඳ රාත්‍රී වෙනකන් විවුර්ථයි.ඔබත් ගාලු නගරයේ සංචාරයකට ආවොත් Sahana Restaurant එකට ඇවිත් යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *