කන්න බොන්න කලින් එන්න

Seedevi Family Restaurant – Anuradhapura අනුරාධපුරේ චාරිකාවක් ඇවිත් හිතේ හැටියට කෑම වේලක් කන්න සීදේවී අවන්හල

banner

සීදේවී ෆැමිලි රෙස්‍ටුවරන්ට් කියන්නේ අනුරාධපුර නගරයේ ආහාර ගන්න පුලුවන් හොඳ තැනක්.නගරයේ මැදට වන්නට පිහිටන හංඳා හැම දේටම පහසුයි.දශකයකට පමන ඉහතදී කුඩාවට පටන් අරන් දියුනු උනු ව්‍යාපාරයක් විදියට තමයි සීදේවී අවන්හල අද මේ තරම් උසස් මට්ටමක තියෙන්නේ.මෙහි අයිතිකරු චන්දන කිත්සිරි මහතා තවත් මෙවනි ව්‍යාපාර ගනනක හිමිකරුවෙක්.මේ අවන්හල ඇරඹෙන්නේ 2012 වර්ශ්යේ.අනුරාධපුර නගරයට චාරිකාවක් ආවොත් හිතේ හැටියට රසවත් කෑම වේලක් කන්න කියාපු තැනක් තමයි සීදේවී අවන්හල.

වටපිටාව.

seedevi2

නගරයේ මැද්දට වන්නට පිහිටියත් මෙහි ඉතා හොඳ වාහන නතර කිරීමේ තැනක් තියනවා.ඒ නිසා වාහන නවතා තැබීමේ අපහසුවක් නම් ඔබට පැන නැගෙන එකක් නෑ.මෙතනට් ඇතුල් වෙන්න තියෙන්නේ වැරන්ඩා එකක් හරහා.. ඇතුලත සියලු දේ නවීන විදියට නිර්මානය වෙලා තියනවා.එක වර ගොඩ දෙනෙකුට ආහාර ගන්න පුලුවන්.ඉඩ පිලිබඳව ප්‍රශ්නයක් නෑ. ලොකු ලේ මේස සහ පු‍ටු වලින් යුක්තයි.සියලු දේ චාම්ව ඒ වගේම නවීන විදියට නිර්මානය කරලා තියනවා.
කුස්සියට උනත් ගිහින් බලන්න පුලුවන්.කිසි ප්‍රශ්නයක් නෑ. ඒ දේවලුත් ඉතාම පිරිසිදුවට කෝකියන් අතින් වෙන හැටි බලාගන්න පුලුවන්.ඇතුලත ඉතා පිරිසිදුයි.කපල් එකකට උනත් පාඩුවේ කතාවක් දාන්න මෙතන හොඳයි. ඒ වගේම පවුලකට උනත් ආහාර වේලකට මෙතන ඉස්තරම්.

බඩජාරි මෙනුපත

seedevi3

මෙතන කෑම ගැන කතා කලොත් දේශීය කෑම වගේම චීන රසට ඉන්දියානු කෑම සහ බටහිර කෑම වර්ග ගොඩාක් මෙහි ඇතුලත්.දිග මෙනු එකක් ඔවුන් සතුයි.අනෙක් අනුරාධපුර අවන්හල් අතරින් ගොඩාක් වෙනස් මෙනු එකක් ඔවුන් සතුයි.
විවිද වර්ගයේ සුප් වර්ග,ඔම්ලට් වර්ග පැස්ටා වර්ග, තායි ක්‍රමේට හදපු විවිද කෑම වර්ගත් මෙහි තියනවා. තායි ක්‍රමයට නම් නූඩ්ල්ස් වර්ග රයිස් වර්ග වගේම ඌරු මස් කුකුල් මස් කැමත් ගන්න පුලුවන්.

seedevi4

ඔබ බර්ගර් කන්නට කැමැති කෙනෙක් නම් මෙතන බර්ගර් ගන්නත් පුලුවන්.රයිස් විදියට නාසි චොප්සි රයිස් සී ෆුඩ් රයිස් වගේ කෑම තිබෙනවා. මීට අමතරව දිග ඩෙසර්ට් ලයිස්තුවක් ඔවුන් සතුයි.වටලප්පන් පලතුරු සලාද ක්‍රීම් කැරමල් වගේ ගොඩක් ඩෙසර්ට් එහි ඇතුලත්.පලතුරු බීමත් මෙහි තියනවා.තේ කෝපි වගේ උනුසුම් බීම වර්ගත් ගන්න පුලුවන්. කැම වර්ග ගොඩක් තියන නිසා කාට උනත් ප්‍රශ්නයක් නෑ.තමන්ගේ හිතේ හැටියට කෑම ‍තෝරාගන්න පුලුවන්.ඒක ඉතා හොඳ ලක්ශනයක්. අනුරාධපුර වගේ නගරයක වෙනත් මෙවැනි අවන්හලක් හොයාගන්නත් නැති තරම්.

මෙහි වඩාත්ම හොඳ උදේ දිවා රාත්‍රී තියන බුෆේ එක.එය හොඳ තේරීමක් වෙයි.තමුන්ට රිසි පරිදි කැම වර්ග ගනනාවක් ‍තෝරගන්න අවස්ථාව ලැබෙනවා.ඒ වගෙම කෑම ඉතාම රසයි.

මෙතන් කැම නම් ටිකක් විතර ගනන්.දෙදෙනෙක්ට කෑම වලට රුපිය 1000-1200ක් අතර මිලක් යාවි.ඒත් ගෙවන මිලට කැම සහ අනෙක් දේ සැලකුවොත් ප්‍රශ්නයක් නෑ.

සේවාව

මෙතන් ඉතා හොඳ සේවාවක් ඔවුන් සපයනවා. වැඩකරන අය හොඳ මිත්‍රශීලී.මේ කෑම වර්ග ගැන හොඳ අවබෝදයක් ඔවුන් සතුයි. ඉතින් ඔබට කැමති පරිදි ආහාර ගන්න ඔවුන් උදව් කරාවි.මෙහි කුඩා දරුවන්ට වෙනම ක්‍රීඩා කිරීමට තැනකුත් පවතිනවා. ඒ වගේම වොශෲම් උනත් ඉතා හොඳ මට්ටමේ පවතිනවා.සමස්ථයක් විදියට ඔවුන්ගේ සේවාව හොඳයි

මග

මෙතනට එනවා නම් අනුරාධපුර නගරයේ තියන ජයන්ති මාවත දිගේ එන්න ඕනි.කුරුනෑගල පාරෙන් එනවා නම් පොතානේගම හංඳියෙන්ම තියන ජයන්ති මාවත.ඒ පාරේ අවොත් කිලෝමීටර් දෙකයි.පාරෙන් දකුනු අත පැත්තෙයි තියෙන්නේ.කොහොම උනත් අනුරාධපුර කියන්නේ ලංකාවේ වැඩිම රවුන් ද බෝට් තියන නගරය.ඉතින් නගරයේ ඉඳන් පාර නම් හොයා ගන්න පෙලක් වෙලාවට වටයක් ගහන්න වෙන්න පුලුවන්. හොඳම දේ නගරයට ඇවිත් කාගෙන් හරි අහන එක.

ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 077 739 0306. ඒ වගේම ලිපිනය කියනවා නම් No. 562/B/1 ජයන්ති මාවත අනුරාධපුර.

ඔබත් අනුරාධපුරේ චාරිකාවක් ඇවිත් හිතේ හැටියට කෑම වර්ග ‍තෝරාගෙන කෑම වේලක් කන්න හිතුනොත් එන්න පුලුවන් හොඳම තැන තමයි සීදේවී අවන්හල


Leave a Reply

Your email address will not be published. Required fields are marked *