කන්න බොන්න කලින් එන්න

ආරුගම්බේ වෙරල තීර්යේ පීසා අවන්හල Seahorse Pizzeria Arugambay

banner

ආරුගම්බේ වෙරල තීරය දෙස් විදෙස් ගොඩ දෙනෙක්ගේ ආකර්ශනයට ලක් වුනු මුහුදු තීරයක්.ලෝකයේ ඇති සුන්දරතම මුහුදු වෙරලවල් වලින් එකක් වීම හේතුවෙන් ගොඩක් විදෙස් සංචාරකයන් සර්‍ෆිං අත්දැකීම විඳගන්න මෙහි පැමිනෙනවා.ඒ වගේම දේශිය සංචාරකයන් නැහෙනහිර සංචාරයකදි ආරුගම්බේ වෙරල තීරයේ සුන්දරත්වය දැකගන්න මෙහි එනවා.එහෙම ඇවිදින් කටට රසට නියම පීසා එකක් කන්න පුලුවන් නියම ඉතාලියානු අවන්හලක් ගැන තොරතුරු කියන්නයි අපේ මේ සූදානම..මේ අවන්හල නමින් සීහෝස් පිසේරියා The Sea Horse Pizzeria.

seahorse9

වටපිට

එලි මහනට විවුර්ථ වෙන විදියට මෙහි ආසන සකස් කරලා තියනවා.එලියේ නම් ලීයෙන් කල මේස පු‍ටු සකස් කරලා පොලතු සෙව්ලි කල හට් විදියට සකස් වෙලා තියන්වා.ඇතුලත පිරිසිදුවට වගේම පිලිවෙලකට තියන බව කියන්න ඕනි.මෙහි නමට් ගැලපෙන පරිද්දෙන් මුහුදු අශ්වයෙක්ගේ රූපයක් අවන්හල් භූමියේ හොඳින් දැකගන්න පුලුවන්.

seahorse7

මේ අවන්හලේ ආහාරයට ප්‍රධාන වශයෙන්ම කෑමට තියෙන්නේ පීසා තමයි.මේ පීසා හැදෙන්නේ ඉතාලි ක්‍රමයට දැව උඳුනේ.ගඩොලින් සකස් කල පීසා උදුන මෙහි යන එන කටත් දැකගන්න හැකියි.ඒ වගේම පීසා හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඉතා නැවුම් ඒවා.

seahorse12

මෙහි එතරම් ලොකු මෙනු එකක් නෑ.මාගරිටා ,ටොනාඩෝ ,සී ෆුඩ්  ,චිකන්   වගේ පීසා වර්ග 800-1600 අත මිල සීමාවේ පවතිනවා.ඒ ඕනි එකක් නියම ගානට තුනියට ක්‍රිස්පි ගතියත් එක්ක දැකීමට ප්‍රිය වෙන විදියට සරසිලායි මේසයට ලෑබෙන්නේ.පීසා එකේ මිල රස සහ ප්‍රමාන්යත් එක්ක බලනකොට ඉතා රසවත් අත්දැකීමක් මෙහි ආවොත් ඔබට ලබා ගන්න සීහෝස් අවන්හලට ආවොත් පුලුවන්.

seahorse3

මේ කැම වලට අමතරව පැස්ටා වර්ග ,පෝක් චිකන් වගේ මස් වර්ග වල ribs වගෙම සශිමි කියන ජපන් කෑමත් මෙතන විශේශ කැම විදියට ඇනවුම් කරන්න පුලුවන්.අතුරු පසකට යනව නම් පලතුරු සලාද වගෙම කේක් කෑල්ලක් රස බලන පුලුවන් නම් ඒ කෑමත් ඉතා රසවත්.ඒ වගෙම කියන්න ඕනි මේ අවන්හලේම කඕකියන් හදන අයිස් ක්‍රීම් වීදුරුවක රස බලන්නත් මෙහි ආවොත් ඔබට හැකියි.කැම අතින් ගත්තහම මෙනු එක පොඩි එකක් උනත් අපිට වෙනත් අවන්හල් වල දකින්න නැති ටිකක් වෙනස් කෑම මෙහි ආවොත් කන්න ගන්න පුලුවන්.

seahorse11

මෙහි ඉතා හොඳ මට්ටමේ සේවාවක් සපයන බවත් කිව යුතුයි.අපි දැනගත්තු විදියට මේ අවන්හල පවත්වාගෙන යන්නේ විදෙස් ජාතික කාන්තාවක් විසින්.කොහොම උනත් මෙහි වැඩ කරන අය ඉතා හොඳ සේවාවක් මෙහි එන අයට සලසනවා

seahorse10

මග

පොතුවිල් නගරයේ ඉඳන් ආරුගම්බේය් පැත්තට පානම පාර දිගේ කිලෝ මීටර් 4ක් වගේ දුරකින් ආරු ගම්බේය් මුහුදු තීරය පෙනෙන දුරින් තමයි මේ අවන්හලන්  පිහිටන්නේ.

මෙතන දුරකථන අංකය වෙන්නේ 0771722356. සීහෝස් අවන්හලේ අවන්හලට අමතරව කාමර පහසුකම් ,යන එන අයට යෝගා පන්ති වගේ දේවලුත් කරනවා.ආරුගම්බේය් වෙරල ත්‍රීරයට ඔබත් සාංචාරයකට ආවොත් සී හෝස් අවන්හලට ගෝ වෙලා රසම රස පීස එකක රස බලන්න අමතක කරන්න එපා.නැගෙනහිර මුහුදු තීරය පිස හමා එන මුහුදු සුලං ‍රැල්ලක පහස විඳින ගමන් රසවත් පීසා එකක් කන ගමන් ජීවිතේට අමතක නොවන රසවත් අත්දැකීමක් විඳගන්න ඔබට මෙහි ආවොත් පුලුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *