කන්න බොන්න කලින් එන්න

Sasha Food Court Seeduwa – සියලු වර්ගයේ කෑම පිහිටි සෂා ෆුඩ් කෝට් සීදූව

banner

ක‍ටුනායක ගුවන්තො‍ටුපල කිට්‍ටුව තියන රසවත් කෑම සපයන අගනා අවන්හලක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් සශා ෆුඩ් කෝට්.ඔවුන් සතුව තවත් අවන්හල දෙකක් නාවල සහ මීගමුවෙත් තියනවා.මේ සීදුවේ අවන්හල පිහිටන්නේ ඔවුන් සතු විශාල මහල් ගොඩනැගිල්ලක් තුල තමයි මේ අවන්හල පිහිටන්නේ.මෙහි අවන්හලට අමතරව උත්සව ශාලාවක් ලමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් පිහිටනවා.

වටපිටාව

sasha

මේ අවන්හල මහපාරට ආසන්නයේම පිහිටන අවන්හලක්.මේ අවන්හලේ සැලකිය යුතු ඉඩක වාහන පාකිං පහසුකම පවතිනවා.මෙහි ඇතුලත ඉතා අලංකාරව පවතිනවා.බිම ටයිල් අතුරා ඉතා පිරිසිද්ව ඇතුලත පවත්වාගෙන යනවා.මේ පු‍ටු වල දිගට වෙලාවක් ඉඳගෙන ඉන්න පුලුවනි.ඇතුලත අවුන් සත් කෑම වර්ග වල නම් පෙන්නුම් කරලා තියනවා.ඒවගේ ගනන් මිනුම් බලන්න නම් මෙනු එකක් ඉල්ලා ගන්න වෙනවා.මෙහි ඇත්ලත හොඳින් ඒ සී කරලා.බුෆේ කැම සඳහා වෙන් වූ වෙනම ඉඩක පිදුරු දමා ශැදූ තැනක මැටි හට්ටි වල ආහාර සකසා තියන හැටි අනර්ගයි.මෙහි ඇතුලත තරමක් විශාලා ටී වී එකකුත් තියනවා.රාත්‍රී කාලයට නම් ඇතුලත විදුලි පහන් ආලෝකයත් එක්ක අවන්හල දර්ශනීයව දිස් වෙනවා.

බඩජාරි මෙනුපත

sashaa3

මෙතන කෑමට දේශීය කෑම ඉන්දියානු කෑම වර්ග සහ බටහිර ක්‍රමයට සකසන ආහාර තුන් ආකාරයටම කෑමට ගන්න පුලුවන්.ලංකාවේ විදියට රසවත් මාලු පිනි එක්ක බුෆේ ක්‍රමයට හෝ වෙනම කෑම් මිලට ගන්න පුලුවන්.ගමේ කෑම ගනනාවක් ඔවුන්ගේ බත් එකට හම්බවෙන මාලු පිනි වලට ඇතුලත්.එහි රසත් ඉස්තරම්.ගොඩ දෙනෙක් මෙහි එන්නේ මේ දේශීය ආහාර වේලේ ර්ස බලන්නයි.රයිස් ඇන්ඩ් කරි එකක් 180ක් වගේ මිලකට ගන්න පුලුවනි.දේශීයා කෑම වලට අමතරව බේක්‍රි කෑම වර්ගත් මෙහි අලෙවි කරනවා.අපි දන්න කියන ශෝට් ඊට්ස් වර්ග වලට අමතරව ටිකක් වෙනස් විදියේ නම් වලින් යුක්ත කෙටි ආහාර වර්ගත් මෙහි තියනවා.තමන් කෑම්ති විදියකට කන්න ගන්න පුලුවන්.බටහිර කෑම විදියට පීසා සබ්මැරීන් ක්ලබ් සැන්ඩ්විච් වගේ කෑමත් තිබෙනාවා.

sashaa2

මෙහි ෆ්‍රයිඩ් රයිස් එකක් 480ක් වගේ වෙනවා බිරියානි ලම්ප් ප්‍රයිස් වගේ කෑමත් 450 මිල සීමාවේ පවතින්නේ.කොත්තු වර්ග විවිද විදියට ගන්නත් මෙතනදි ඔබට පුලුවනි.එලවලු කොත්තු බිත්තර කොත්තු මාලු හෝ චිකන් කොත්තු රෝස් චිකන් කොත්තු චීස් කොත්ත් චීස් සී ෆුඩ් කොත්තු ඉඳි ආප්ප කොත්තු වගේ ගොඩක් වෙනස් විදියේ කොත්ත් වර්ග ගනනාවක් කන්න් අගන්න පුලුවනි.ටේබල් ප්‍රයිස් එක 400-900 අතර වෙනවා. මේ වගේමයි පීසා වර්ගත් .පීසා කුඩා සාමානය සහ විශාල ලෙස ප්‍රමාන තුනකින් මිලට ගන්න පුලුවනි.මීට අමතරව සුප් වර්ග විවිද විදියට රයිස් වර්ග නූඩ්ලෙස් චීන ආහාර වර්ග ගනනාවක් ඔවුන්ගේ මෙනු එක සත්යි.ඔවුන්ගේ මෙනු එකේ කෑම වර්ග ගනනාවක් ඇතුලත්..

sashaa4

මෙහි ගොඩ දෙනෙක් දේශීයා ආහාර වල රස බලන්න තමයි එන්නේ.කෑම වල මිල නම් ටිකක් විතර වැඩියි.කොහොම උනත් ලැබෙන ප්‍රමාන එක්ක සලකද්දි තරමක් දුරට ඒ මුදල සාධාරනයි කියන්න පුලුවනි.සමස්තයක් විදියට කෑම වල වරදක් කියන්න නෑ.

sashaa

සේවාව

මෙතන අවන්හල ටිකක් ලොකු එකක්.ගොඩ දෙනෙක් රාත්‍රී කාලයට මෙහි පැමිනෙනවා.ගොඩ දෙනෙක් ආහාරයට ආවත් මෙහි සේවකයක් සැලකිය යුතු පිරිසක් ඉන්නවා.ඉතින් ඔබ ට වැඩි වෙලාවක් කෑම මේසයට එනකන් බලාගෙන ඉන්න නම් වෙන්නේ නෑ.ඔවුන් සතුව ටේක් අවෙ සේවාවකුත් තියනවා.ඔබ මේ අහල පහල නම් ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් ඔවුන්ගේ මෙනු එක බලලා අවශය කෑම ඇනවුම් කරන්නත් පුලුවනි.පෙලක් දවස් වලට මෙහි සංගීත කන්ඩායමකුත් රාත්‍රියට සංගීතය සපයනවා.ඉතින් පවුලක් එක්ක හරි යාලුවෝ එක්ක හරි විනෝදයෙන් ගත කරමින් ආහාර වේලක් ගන හොඳ සේවාවක් ඔවුන් සපයනවා.

මග

ඔබ කොලඹ සිට මෙහි එනවා නම් මීගමුව පාරේ ඇවිත් සීදුව හංදිය පසු කරලා මීටර් 100ක් වගේ ආවහම පාරෙන් දකුනු අත පැත්තේ යි තියෙන්නේ .විශාල ගොඩනැගිල්ලක පිහිටන නිසා හොයා ගන්න අපහසු වෙන්නේ නෑ.

ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ (077) 763-5110 .188, Seeduwa Village, Seeduwa, Negombo තම්යි ඔවුන්ගේ ලිපිනය වෙන්නේ.ඔබත් මේ පැත්තේ අවොත් රසවත් ආහාර වෙලක් කන්න Sasha Food Court  ගොඩ වෙලා යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *