කන්න බොන්න කලින් එන්න

කුරුනැගල නගරයේ ගමක් වගේ හදපු අවන්හල සරුකෙත Saruketha – Kurunegala

banner

කුරුනෑගල පැත්තේ ගියොත් කන්න හොඳ තෑනක් ගැනයි අපි අද කියන්න යන්නේ.සුන්දර කුඹුරු යායකට මුහුනලා පිහිටි මේ අවන්හලේ නම වෙන්නේ සරුකෙත.සරුකෙත අවන්හල නිර්මානය වෙලා තියෙන්නේ ගමක සංකල්පය යොදාගෙනයි.ඉතාම ඉස්තරම් කුලුබඩු සහ කෑම වර්ග භාවිතයෙන් ප්‍රනීත ආහාර වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට මේ saruketha kurunegala අවන්හල නම් කරන්න පුලුවනි.

වටපිටාව

saruketha

මේ අවන්හලේ එක විශේශත්වයක් තමයි මෙහි පිහිටීම.මෙ අවන්හල මුහුනලා තියෙන්නේ වෙල් යායකට.ඒ වගෙම පසෙකට වෙන්නට විශාල ප්‍රමානයක් උන ගස් වවලා තියනවා.ඒ නිසා මේ අවන්හල එලිමහනේ උනත් ලොකු සිසිලසක් තියනවා.ඒ වගෙම වටේම ගස් කොලන් වලින් පිරිලායි තියෙන්නේ.අවන්හලේ සැකැස්ම ගමක් විදියට නිර්මානය වෙලා තියනවා.අවන්හලේ කුස්සිය පැත්තකට වෙන්නටත් ප්‍රධාන ආහාර ගන්න අවන්හල් වගේම එලිමහනේත් ඉඳගෙන කන්න පුලුවන් වෙන විදියට මෙතන මේස පු‍ටු සකස් කරලා තියෙනවා.හැම තැනම පැහැදිලිව ඉංග්‍රීසියෙන් අදාල ස්ථාන නම් කරලයි තියෙන්නේ.වී බිස්සක් එහෙමත් එලියේ හදලා තියෙනවා.ඒ වගෙම මේ අවන්හල ඇතුල ලීයෙන් හෙවිලි කල වහලයේ පොල් අත් අතුරලයි තියෙන්නේ.බිත්ති මැටි පැහැයට හුරු වෙන්නට සකස් කරලා තියෙන්නේ ගැමි ගෙදරක ලක්ශන මේ අවන්හලට ඇති කරන්න වෙන්න ඕනි.

saruketha5

බඩජාරි මෙනුපත

මේ අවන්හලේ දිවා වරුවට නම් ඉතා ලොකු තද බදයක් තියෙනවා.කොහොම උනත් දේශීය කෑම වල ඉඳන් විදෙස් කෑම වර්ග දක්වා ඉතා දිගු මෙනු පතකට අනුව ලොකු බුෆේ එකක් මෙහි සකස් කරලා තියෙනවා ඒ වගෙම මෙනු එකෙන් බලලාත් ඔබට ඕඩර් කරන්න පුලුවනි.මෙහි බුෆේ එක සුප් එකේ ඉඳන් ප්‍රධාන ආහාර දක්වා කැමති විදියට ‍තෝරගන්න පුලුවනි.බත් වලට අමතරව නූඩ්ල්ස් වගේ කැමත් මේ බුෆේ එකට ඇතුලත්.ඒ වගෙම චිකන් බීෆ් ‍ෆිශ් ඕනි එකක් කැමති විදියට බෙදා ගන්න පුලුවනි.මේ කෑම් මෙනු එකේ විදෙස් කෑම වලට වඩා දේශීය කෑම් රසවත් කියන්න ඕනි.ලංකාවේ විදියට ගෙදර හැදුවා වගේ ගමේ කැම ගොඩක් මේ මෙනු එකට ඇතුලත්.මේ බුෆේ එක 1200ක වගේ මිලක් වෙනවා

saruketha2

බුෆේ එකෙන් පිට කන්න ගන්නවා නම් රයිස් ඇන්ඩ් කරි වගේ කැමත්,වෙනම සී ෆුඩ් මෙනු එකකුත් බිරියානි නාසි වගේ කැම තින්දියානු ක්‍රමයට හදාපු එක එක කැමත් ප්‍රධාන ආහාර විදියට කන්න ගන්න පුලුවනි.මීට අමතරව සැඩ්විච් වර්ග ඉතාලියානු ක්‍රමයට විවිද කෑම ,පලතුරු බීම ඩෙසර්ට් වර්ග සහ සුප් වර්ගත් මෙතනට අවොත් කන්න ගන්න පුලුවනි.

saruketha4

saruketha3පෙලක් දවස් වලට මෙහි විශේශ කෑම වර්ග ලබා දෙනවා.ඒ දේවල අවන්හල් භූමියේ එලිමහනේ ඔවුන් විස්තර දර්ශනය කරලා තියනවා.උදේ දිවා සහ රාත්‍රී වරු තුනටම මෙතන ආහාර සපයන බව කියන්න ඕනි.ගනන් නම් ටිකක් සැරයි මේ අවන්හලේ.ඒ වගෙම ගන්න පෝශන් උනත් ඒ තරම් ලොකු නම් නෑ කියන්න ඕනි.

සේවාව

මෙහි ඉන්න සේවකයන් ඉතා සුහදශීලි අය.ඉතා හොඳින් මෙහි එන අයට සලකනවා.ඔවුන් මේ මෙනු එකෙන් ඔබට සරිලන කෑම හොයා ගන්න උදව කරාවි.මේ සේවකයන් සරමකින් සැරසිලා තමයි ඉන්නේ.ඉතින් මේ අය අදුරගන්නත් පහසුයි.කොහොම උනත් මේ අවන්හලේ එන පිරිසත් එක්ක ඔබේ කෑම වේල මේසයට එන්න නම් ටිකක් ප්‍රමාද වෙන්නත් පුලුවනි.ඒත් ඒක එතරම් ලොකු ප්‍රමාදයක් නෙවෙයි.මෙහි ඇති Wash Room පවා මෙහි අය හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා කියලා කියන්න පුලුවනි.

මග

මෙතනට එනවා නම් කුරුනැගල නගරයට ඇවිත් එතනින් දඹුල්ල පාරේ මුත්තෙට්‍ටුගල හංදිය එහෙම පහුකරලා මීටර් 500ක් වගේ ගියහම පාරෙන් වම් අත පැත්තට වන්නටයි මේ අවන්හල පිහිටන්නේ.කුරුනෑගල නගරයේ ඉඳන් කිලෝමීටර් 3ක විතර දුරකින් තමයි මේ අවන්හල පිහිටන්නේ

මෙහි එකවර ගොඩ දෙනෙක්ට එක වර ආහාර ගන්න පුලුවනි.ඔවුන් පුන්චි සාද වලටත් මේ අවන්හල ලබාදෙනවා.මෙහි දුරකථන අංකය වෙන්නේ 0713950022/0374691123. ඔබත් කුරුනෑගල නගරය පැත්තේ ආවොත් මේ sarukethaට ගොඩ වෙලා රසවත් ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *