කන්න බොන්න කලින් එන්න

Saraswathi Logde – Bambalapitiya ඉන්දියානු ක්‍රමයට අඩු මිලකට වෙජිටේරියන් කැම වෙලක් කන්න සරස්වතී ලොජ්

banner

සරස්වතී ලොජ් කියන්නේ ගාලු පාරේ පිහිටලා තියන ඉන්දියානු අවන්හලක්.වෙජිටේරියන් ක්‍රමයට පමනක් ඔවුන් ආහාර සපයනවා.මෙතන ඉතා රසවත් අපි එදිනෙදා ආහාරයට ගන්න දකුනු ඉන්දීයානු ආහාර ගනනාවක් මිලට ගන්න පුලුවන් තැනක් විදියට කා අතරත් ප්‍රසිද්ධයි.

වටපිටාව

saraswathi1

මේ අවන්හල පිහිටන්නේ ගාලු පාරේ අයිනෙමයි.ඇතුලත සාමාන්‍ය හෝටලයක් වගෙයි. ඒ තරම් පෙනුමට නම් හොඳක් නෑ.යම් තාක් දුරකට පිරිසිදු කමක් තියනවා.බිමට ටයිල් අතුරලා.යකඩින් නිමවුනු පු‍ටු සහිතව මේස හතර දෙනෙක්ට එක වර කන්න පුලුවන් වෙන විදියට සකස් කරලා.ගාලු පාර ලඟින්ම පිහිටන නිසා කලබල ගතිය නම් ටිකක් විතර වැඩියි

බඩජාරි මෙනුපත

saraswathi2

මෙතන කෑම නම් ඉතා රසවත්.ගොඩ දෙනෙක් ඉන්දීය කැම ලෝලීන් ගේ නමගිය තැනක් තමයි සරස්වතී ලොජ් කියන්නේ.පරිප්පු හොදි එක්ක ‍තෝසේ කනවා නම් ඉතා රසවත් ‍තෝරාගැනීමක්. ඒ වගේමයි පිට්‍ටුත්.ඔවුන්ගේ රයිස් ඇන්ඩ් කරියත් ඉස්තරම්.එය දෙදෙනෙකුට ප්‍රමානවත් තරම්.ඒ තරම් ලොකුයි.ඉස්තරම් වර්ගයේ සහලින් නිමවුනු බතට මාලු පිනි තුනක් හතරක් පපඩම් රසම් වඩේ ඇතිවෙන්නම හම්බවෙනවා.ලොකු භාජන වලින් කැමති අයුරට මදිනම් මේ මාලු පිනි ඉල්ලගන්නත් පුලුවන්.රාත්‍රියට පිට්‍ටු කන්න ගන්නත් පුලුවන්.එයත් ලොකුවට නියම පිට්‍ටු රසට තියනවා.ඉඳි ආප්ප සමග හොදි එක උනත් ඉතා රස්වත්.

saraswathi3

මෙතන උලුදු වඩයක් 45ක් වගේ වෙනවා මසල වඩේත් ඒ ගනන්.‍තෝසේ වර්ග 60-160 වගේ අතර මිලකට වෙනස් රසයන්ගෙන් මිලට ගන්න පුලුවන්.අපි කලින් කිව්ව පිට්‍ටුවක් 50ක් වෙනවා.වෙජිටේරියන් නාසි ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියනවා.ඒ වා 200යි.බිරියානි එකක් 130යි.

සේවාව

සේවාව ගැන කියන්න තරමේ ලොකු හොඳකුත් නෑ නරකකුත් නෑ.කැම බීම ඉක්මනට මේසේට ගෙනත් දෙන්න ඔවුන් කඩිසරයි.අවන්හලට එන පාරිබෝගිකයින් ගැන ඔවුන් හොඳ විමසිල්ලකින් ඉන්න බව පේනවා.

මග

මේ අවන්හල තියෙන්නේ ගාලු පාර අයිනේ.කොලඹ ඉඳන් එනවා නම් බම්බලපිටියේ විශාකා විදයාලය එහෙම පහු කරන් ඇව්විත් ෆෝසේකා මාවත පැත්තට දකුනට හැරෙන්න වෙනවා.ඒකේ ගාලු පාර කිට්‍ටුවටම එනකොට දකුනු අතින් හොයාගන්න පුලුවන් වෙයි සරස්වතී ලොජ් එක

මෙතන දුරකථන අංකය වෙන්නේ 0112581913.ඔවුන් උදේ 6 විතර ඉඳන් රාත්‍රී 10.30 පමන වෙනතුරු විවුර්ථව තියන් ඉන්නවා.ඉතින් ඔබත් ඉංඳියානු ක්‍රමයට අඩු මිලකට වෙජිටේරියන් කැම වෙලක් කන්න එන්න හොඳ තැනක් තමයි සරස්වතී ලොජ් එක


Leave a Reply

Your email address will not be published. Required fields are marked *