කන්න බොන්න කලින් එන්න

Sanhinda – Anuradhapura අනුරාධපුර පූජා නගරේ බලන්න ඇවිත් රසම රස බීම වීදුරුවක් බොන්න සංහිඳ පලතුරු බීම

banner

අනුරාධපුර පූජා නගරේ බලන්න ඇවිත් රසම රස බීම වීදුරුවක් බොන්න පුලුවන් තැනක් තමයි සංහිඳ පලතුරු බීම අලෙවිසැල.අනුරාධපුර කියන්නේ ගොඩක් වියලි පලාතක්.මෙහේ ආවහම නිතර තිබහ හැදෙනවා. ඒ වෙලාවට රසවත් නැවුම් පලතුරු යුශ වීදුරුවක් බොන්න පන්කාදු තෑනක් තමයි සංහිඳ.නමේ හැටියටම මෙහි ඔබේ පිපාසය සියයට සියයක් සංසිඳවනවා.

වටපිටාව

sanhinda

මෙතන ඉතා කුඩා තෑනක්.පාකිං වලට නම් තැනක් නෑ.නගරයේ මැදක තියන නිසා වාහනයක් නම් මෙතන අයිනේ නවත්වන්න ටිකක් අමාරු වැඩක්.ඇතුලත ඉතා කුඩා ඉඩක් තමයි තියෙන්නේ.කුඩා වීදුරු මේස එක්ක පුන්චි ස්ටූල් තිබෙනවා.කුඩා මේස දෙකයි. එක පාර 8කට වගේ නම් ඉන්න පුලුවන්. ඇතුලේ ෆැන් එකක් තියනවා. ඒත් දවාලකට නම් මේ තියන රස්නෙන් මිදෙන්න ඒ ෆැන් එකේ හුලඟ ප්‍රමානවත් නැති තරම්.

බඩජාරි මෙනුපත.

sanhinda3

මෙතන ගොඩක් පලතුරු නැවුම්පලට්තුරු.. ඒවා කඩේ ඉස්සරහත් තියලා තියනවා.මෙ අවටින් ගොඩක් පලතුරු හැදෙන එක නැවුම්ව මේව දෙන්න පුලුවන් වෙන්න හේතුවක්.දිවුල් පැපොල් වගේ පලතුරු අනුරාධපුරේ සුලභයි.ගොඩක් පලතුරු යුශ වර්ග මෙහි පෙරසූදානම් කරලයි තියෙන්නේ.ඒව ශීතකානයේ දාලා.මෙතන පලතුරු බීම,පලතුරු සලාද අයිස් ක්‍රීම් වර්ග වගේම මිල්ක්ශේක් වර්ගත් ගන්න පුලුවන්.දෙහි යුශ වීදුරුවක් 60ක් වෙනවා..ඒ වගේම දොඩම් යුශත් ඒ ගනන්.පැපොල් පැශන් ෆෘට් කොමඩු වගේ බීම රුපියල් අසූවක් වෙනවා.අයිස් ක්‍රීම් උඩින් දමාපු දිවුල් වීදුරුව ඉතාම රසවත්. එහි ලුනු රස සහ පැනි රස නියමෙටම තිබෙනවා

මෙතන පලතුරු සලාදයක් ගන්නවා නම් 100ක් වෙනවා.ඒකට අයිස් ක්‍රීමුත් දාගන්නවා නම් 120ක්.අයිස් ක්‍රීම් වෙනම කන්න ගන්නවා නම් වැනිලා ස්ට්‍රෝබෙරි චොකලට් සහ ෆෘට් ඇන්ඩ් නට් රසට ගන්න පුලුවන්.මිල්ක් ශේක් ඕනි එකක් 120යි. ඒවා ස්ට්‍රෝබෙරි චොකලට් ෆලූඩ රසයෙන් ගන්න පුලුවන්.ඒ වගේම් වෙනස් බීමක් විදියට දෙහි රස අයිස් ටී එකක් 50කට ගන පුලුවන්.ලැබෙන ප්‍රමානෙත් රසත් එක්ක මේ ගනන් නම් සාධාරනයි. සියලු බීම හදන්නේ බෝතල් කල ජලයෙන්.අනුරාධපුරේ අමුතු රස වතුර නොවෙන නිසාත් වෙනසක් තියනවා.මෙහි බීම වර්ග වලට අමතරව රෝල්ස් පැටිස් බනිස් වගේ ආහාරත් ගන්න පුලුවන්.

sanhinda2

සේවාව

මෙතන සේවාව හොඳයි.ඉකමනට ඕනි කරන බීම ගන්න පුලුවන්.පෙර සූදානම් කරපු නිසා කොහොමත් ඉක්මන්. ඒවගේමයි මෙහි තුන් දෙනෙක් ඉන්නව සේවයට. පවුලක් වගෙයි මේක කරගෙන යන්නේ.එයාලා ඉතාම සුහදශීලී අය. හිනා වෙලා ඔබත් එක්ක කතා බහ කරාවි.

මග

මෙතනට එනවා නම් අනුරාධපුර මාකට් පෙදෙසට එන්න ඕනි.මාකට එක ගාව ඉඳන් ධර්මපාල මාවතේ පරන බස් නැවතුම් පල පැත්තට මීටර් 200ක් වගේ ගියහම පාරෙන් වම් අත පැත්තෙන් දෛඤ පුලුවන් සංහින්ද අවන්හල

ඔබත් අනුරාධපුරේ චාරිකාවක් ආවොත් නියම පලතුරු බීම වීදුරුවක් බොන්න යන්න සංහිඳ අවන්හලට ගොඩ වෙන්නත් අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *