කන්න බොන්න කලින් එන්න

Royal Food Kingdom – Nugegoda ඉක්මන් බඩගිනි කාරයෙක්ට කැම වෙලක් ගන්න රෝයල් ෆුඩ් කින්ග්ඩම්

banner

නුගේගොඩ නගර මධ්‍යයෙන් පරන කැස්බෑව පාරේ ටික දුරක් ආවොත් හම්බවෙන අවන්හලක් තමයි රෝයල් ෆුඩ් කින්ග්ඩම් කියන්නේ.ඔබට වැඩි වෙලාවක් ගත නොකර කැමති කැම අරගෙන කන්න පුලුවන් හොඳ අවන්හලක් කියලා රෝයල් ෆුඩ් කින්ග්ඩම් හඳුන්වාදෙන්න පුලුවන්.

වටපිටාව.

royal1

මෙය පිහිටන්නේ පරන කැස්බෑව පාරට මුහුන්ලා.වෙනම පාකිං පහසුකම් නැති උනත් අවුලක් නැතුව ඒ හරියෙන් පාර දෙපැත්තේ වාහනයක් නතර කර ගන්න පුලුවන්.ඔ‍ටුන්නක් සහිතව ලෝගෝ එකක් ඇතුව රෝයල් ෆුඩ් කින්ග්ඩම් නමින් විශාල ව නම ගහලායෛ තියෙන්නේ.මහල් දෙකක ගොඩනැගිල්ලක පහල මාලයේ තමයි මේ අවන්හල පවත්වාගෙන යන්නේ.ඇතුලත යම්තාක් දුරකට පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේනවා.ලොකු සැප පහසුවක් නැති උනත් 4 දෙනෙක්ට එකට ඉඳගෙන කන්න පුලුවන් විදියට මේස පු‍ටු අතුරලා..

බඩජාරි මෙනුපත

royal3

මෙතන කන්න ගන්න පුලුවන් සාමාන්‍ය කැම වර්ග තමයි. දවල්ට වගේ නම් ෆ්‍රයිඩ් රයිස් සහ රයිස් ඇන්ඩ් කරි කැමට ගන්න පුලුවන්.ගොඩක් වෙලාවට මාලුව වර්ග හයක් විතර තියනවා.ඔබට කැමති විදියට 4ක් ‍තෝරගෙන කන්න ගන්න පුලුවන්.ඇති වෙන්න කන්න ගන්න පුලුවන් එකත් වාසියක්.ෆ්‍රයිඩ් රයිස් එකක් 270ක් වගේ වෙනවා.රාත්‍රී කාලයටත් කැම ගන්න පුලුවන්.මේ කැම වලට යම් තාක් දුරකට අජිනමොටෝ නම් එකතු කරන ගතියක් පේන්න තියනවා.රස අවුලක් නෑ.රයිස් ඇන්ඩ් කරි කනවා නම් මෙනු එක දවසෙන් දවසට වෙනස් වෙනවා.දවසින් දවසට විශේශ කැම වර්ගත් ගන්න පුලුවන්.ඒ දේ ඉස්සරහ තියන බෝඩ් එකේ දර්ශනය කරලයි තියෙන්නේ

සේවාව

මෙතන ස්වයං සේවා විදියට තමයි වැඩකටයුතු සිද්ද වෙන්නේ.අපි ඕනි කරන දේ මිල ගෙවලා ගන්න ඕනි.මෙතන වැඩ කරන සේවකයන්ගෙනුත් හොඳ සේවාවක් සපයනවා කිව්වොත් නිවැරදියි.ඒත් ටිකක් වැඩිදියුනු කරගන්න නම් දේවල් තියනවා.කොහොම උනත් සමස්ථයක් විදියට හොඳ මට්ටමේ සේවාවක් ඔවුන් සපයනවා.

මග

මෙතනට එන්න ලිපිනය කිව්වොත් අංක විසිනවය පරන කැස්බෑව පාර නුගේගොඩ.හයිලෙවෙල් පාරේ දෙල්කඳ මංසංදියෙ ඉඳන් එනවා නම් නුගේගොඩ පැත්හ්ටට පරන කැස්බෑව පාරේ එන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් නුගේගොඩ නගරයේ පුද්ගලික බස්නැවතුම් පලේ ඉඳන් ඉස්සරහට පාරේ තමයි මෙතන පිහිටන්නේ
මෙතන උදැසන හතේ ඉඳන් රාත්‍රී දහය වන තෙක් විවුර්ථව පවතිනවා.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0718669359.     කියන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *