කන්න බොන්න කලින් එන්න

Royal Burger – Havlock Town අතේ තියන මිලට රසට බර්ගර් එකක් එන්න රෝයල් බර්ගර්

banner

කොලඹ නගරයේ අඩු මිලට රසට බර්ගර් එකක් කන්න හිතුනොත් එන්න හොඳ තැනක් තමයි රෝයල් බර්ගර් කියන්නේ. මෙතන එතරම් ජනප්‍රිය තැනක් නම් නෙවෙයි. ඒත් එක් වරක් බර්ගර් එකක් කාලා බැලුවොත් නැවතත් මෙතනට එන්න හිතෙන තරමට රසවත් බර්ගර් මෙහි පිරිනමනවා

වටපිටාව

මෙතන ඉතා කුඩා ඉඩක් තමයි තියෙන්නේ. ඉතාම කුඩායි.දැවයෙන් කල කලු පාට මේස පු‍ටු ඇතුලත තියලා තියනවා. වැඩි කාර්‍ය බහුල ගතියක් නම් නෑ.වැඩි දෙනෙක් අතර තවමත් මෙතන ජනප්‍රිය නැති නිසා වෙන්න ඕනි. දෙන්නෙක්ට උනත් වැඩි කලබලයක් නැතුව බර්ගර් එකක් කන්න හොඳ වටපිටාවක් මෙතන තියනව. ඇතුලත පිරිසිදුයි.

බඩජාරි මෙනුපත

royalburger3

කැම විදියට මෙතන මූලිකවම බර්ගර් තියනවා. ඒ වගේම විවිද පැස්ටා වර්ග,සබ්මැරීන්,ලසන්ය,සහ සැලඩ් වගේම චිකන් රයිස් එකකුත් ගන්න පුලුවන්.ලොකු මෙනු එකක් නැතත්.හොඳ විව්දත්වයක් මෙනු එකේ තියනවා.
අපි මෙතනට ඇවිත් ඇනවුම් කලා චිකන් ක්‍රිස්පි බර්ගර් එකක් සහ ඩබල් බීෆ් බර්ගර් එකක්.ක්‍රිස්පි බන් එක හොඳින් නැවුම්ව සැකසී තිබුනා.එය උනුසුම්.ඇතුලත නියමිත ප්‍රමානයට සලාද කොල තක්කාලි මයෝ වලින් සහ ලොකු බැදුනු කුකුල්මසින් යුක්ත උනා. ඇත්තෙන්ම එය ඉතා රසවත්. මේ ඇනවුම රුපියල් 340ක් . එයට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ ජින්ජර් බියර් හෝ පෙප්සි බීමත් ලැබෙනවා.මිලත් එක්ක බලද්දි ඉතාමා වටිනවා. බඩත් පිරෙන්න පොඩි බඩජාරියෙක්ට හොඳටම ඇති.

HOOTERS OF AMERICA, LLC BURGER MONDAYS

ඩබල් බීෆ් බර්ගර් එකත් ඉතාමත් රසවත්.මුදු බන් එකත් එක්ක මයෝ තක්කාලි පෙති දෙවරක් ඇතිරූ චීස් පෙති සමගින් දෙවරක් ඇතිරූ බීෆ් පෙති දැක්මත් දිවගට කෙල උනන තරම්.රස උඕරිමයි.මෙහි මිල 440ක්. මේකටත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ බීම ඇතුලත්.ඔවුන්ගේ හැම කෑමක් එක්කම බීම සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලැබෙනවා.බර්ගර් එක වෙනමත් ගන්න පුලුවන්. එතකොට තවත් ගනන් අඩුයි.

මෙතනින් මාලු බර්ගර් එකක් ගන්නවානම් 280ක් වෙනවා.ඩ්‍රික්න්ක්ස් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නැතුව 160යි.චිකන් බර්ගර් එකක් විතරක් 180යි.පැස්ටා ක්‍රීම් සෝස් එකක් 220යි,චිකන් කාබෝනාරා එකක් 300ක් වෙනවා.චිකන් හොට් ඩෝග් එකක් 250කට බීමත් එක්ක. හොට් ඩෝග් එක විතරක් ගන්නවා නම් 120ක් වෙන්නේ.මෙතන රෝයල් චිකන් රයිස් එකකුත් තියනවා.. ඒකක් 250යි.චිකන් සීසර් සැලඩ් එකක් 400ක්, ඒමික්ස් සැලඩ් එකක් 350යි.තව ඩෙසර්ට් වලට අයිස් මයිලෝ ගන්නත් පුලුවන්.ඒකක් 110ක් වෙන්නේ.ගනන් අහ්ටින් බැලුවොත් ඉතාම සාධාරනයි.

සේවාව

මෙතන ඉතා කුඩා තැනක් .සේවා හොඳ මට්ටමේ තියනවා. කෑම මේසයට එන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ වගේම උනුසුම්ව පිලිගන්නනවා.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් තිඹිරිගස්යාය පහු කරලා කිලෝ මීටරයක් විතර කිරුලපන පැත්තට එන්න ඕනි.ලිම්බිනි බස් නැවතුම ට පේන හරියේ පාරෙන් දකුනු අත පැත්තේ. රෝයල් ඉන්ස්ටිට්යුට් එක ඉස්සරහින් පාරෙන් අනික් පැත්තේ තමයි පිහිටන්නේ

ඔබත් මේ පැත්තට ඇවිත් අතේ තියන මිලට රසට බර්ගර් එකක් කන්න ඕනි නම් එන්න හොඳම තැනක් තමයි රෝයල් බර්ගර් කියන්නේ. ගෙවන මිලට ඉතා රසවත් බර්ගර් එකක් නම් එන්න රෝයල් බර්ගර් එකට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *