කන්න බොන්න කලින් එන්න

Raheema Hotel රසවත් බුරියානි එකකට කොත්තුවකට කියාපු රහීමා හෝටලය

banner

රහීමා හෝටලය කියන්නේ කොලඹ ගොඩ දෙනෙක් දන්න කියන තැනක්. ඔවුන් මෙතන හෝටලය ආරම්භ කරලා තියෙන්නේ 1947 වර්ශයේ.එදා ඉඳන් අද වෙනකන් කෑම රස නොවෙනස් ව පවත්වාගැනීම නිසාම ඔවුන් තවමත් අගනුවර හොඳ කෑම කඩයක් ලෙස ජනප්‍රියයි.බොහොමයක් පාසල් ලමුන් අතර මෙතන ජනප්‍රියයි. ඒ අගනුවර ප්‍රධාන පාසල් දෙකක් ලඟ පිහිටා තියන නිසා වෙන්න ඕනි. ඒ වගේමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාත් රහීමා හෝටලයේ හොඳ රසවතෙක්.

වටපිටාව

raheema1

මෙතන මහල් දෙකකින් යුක්තයි.එහි පහත මාලය සාමාන්‍ය හෝටලයක් වගෙයි.ගොඩක් වෙලාවට කොත්තු කනවා නම් මෙතන තමයි කන්න පුලුවන්.ඉහල මාලය නූඩ්ල්ස් රයිස් වගේ කෑම කන්න හොඳයි.එහෙමයි ඔවුන් මහල් දෙක පවත්වාගෙන යන්නේ.ඉහල මාලය කර්ට්න් දාලා හොඳින් ඒසී සහිතයි.ඒ වගේම ටී වී එකකුත් තියනවා.බිම ටයිල් කරලා.හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා.පහල මාලායට වඩා ඉහල මහල සැපයි.දෙදෙනෙකුට හතරකට සහ 6 දෙනෙකුට එකට වාඩි වෙන්න පුලුවන් විදියට මේස පු‍ටු හදලා තියනවා.පු‍ටු හොඳ සැප පහසුයි.ගොඩක් වෙලාවට මෙතන මිනිසුන් පිරිලා.ඒත් රසවත් කෑමක් කන්න ඒක ඒතරම් බාදාවක් නෙවෙයි.

බඩජාරි මෙනුපත

raheema2

මෙතන ඇවිත් රස බැලිය යුතුම කෑම තමයි එලු මස් බුරියානිය සහ කොත්තු .එලුමස් බුරියානියේ පැහැය ඉතා අනර්ගයි.බාස්මතී බත් රසට හොඳින් මෙලෙක්ව සැදුනු එලු මස් සමග ලැබෙන හොද්ද සහ රයිතා එක ඉස්තරම්.ඔබ එලු මස් රසට අකමැති නම් උත්සහ කරන්න චිකන් බිරියානිය. එහි රසත් උපරිමයි. පොඩ්ඩක් තෙල් ගතිය නම් වැඩියි.ඒ කොහොම උනත් රස ඉස්තරම්.කොත්තුවක් කන්න උනත් මෙතන පංකාදුයි. රහීමා අවන්හලේ කොත්තුවත් දකින පමනින්ම කටට කෙල උනන සුලුයි.කෑම රසවත් වගේම ඇති වෙන්නට කෑම ලැබෙනවා.මිලත් ඉතාම සාධාරනයි. පරාට එකක් එක්ක මස් හොදි උනත් ඉතාම රසවත්.ඔබට මෙහි එනවා න්ම් එයත් උත්සහ කරන්න පුලුවන්.ඩෙසර්ට් එකකට යනවා නම් වටලප්පම් එකක් කන්න.බඩ හොඳටම පිරෙයි..

බාස්මතී චිකන් බුරියානි එකක් 340ක් වගේ වෙනවා. මට්න් බුරියානිය 380ක් වගේ ගානක් යන්නේ.බීෆ් බුරියානි නම් 270ක් වගේ.චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 350ක් වෙනවා.මට්න් නූඩ්ල්ස් එකක් 330යි .චිඅකන් එක්ක ත් ඒ ගනන් තමයි වෙන්නේ.චිකන් වර්ග ගන්නවා නම් ඩෙවල් චිලි ගාලික් විදියට ගන්න පුලුව. ඒව350 හේ මිල සීමාවේ.සී ෆුඩ් වර්ගත් 200-350ත් අතර මිලකට ගන්න පුලුවන්.ඒ වගේම ‍තෝසේ, නාන්,පරාට,100-150 අතර මිලකට විවිද වර්ගයෙන් ගන්න පුලුවන්.රසවත් වටලප්පම් එකක් 110ක් වගේ ව්නවා. අයිස් මයිලෝ එකක් රස බලනවා නම් ඒකක් රුපියල් 100ක්. කොහොම උනත් රුපියල් 400ක් 500ක් වියදම් කරනකොට රසට බඩ පිරෙන්න කන්න නියම තැනක් තමයි රහීමා හෝටලේ.

සේවාව

මෙතන කොතරම් කාර්‍ය බහුල තැනක් උනත් ඉතා හොඳ ඉක්මන් සේවයක් සපයනවා.ඉක්මනට අපට අවශ්‍ය කැම බීම මේසයට ගෙනත් දෙන්න මෙහි වේටර් වරුන් කරයශීලී. ඒ වගේම මිත්‍රශීලි අය. ඔවුන් රතු පැහැ ජැකට්‍ටුවකින් සැරසිලයි ඉන්නේ.ඒකත් ඇහැ යන හොඳ දෙයක්. ඒ වගේම ගොඩක් වේටර් වරු මෙහි කාලයක් තිස්සේ වැඩ කරන අය.ඉතින් හොඳ සේවාවක් දෙන්න ඔවුන් නිතර සැදී පැහැදී ඉන්නවා.

මග

මෙතනට එනවා නම් තර්ස්ටන් එක ගාවට එන්න ඕනි. හරියටම තර්ස්ටන් එක ඉදිරිපස තමයි පිහිටන්නේ. හොයාගන්න වැඩි අමාරුවක් වෙන්න දෙයක් නම් නෑ.කොලඹ පැත්තට කැම්පස් එක පහුවෙලා පලමු බස්නැවතුමේ ඉඳන් පයින් යන දුර පාරෙන් දකුනු අත පැත්තේ තමයි රහීමා එක පිහිටන්නේ

ඔබත් වරක් හෝ ඇවිත් යන්න කාලා රස බලන්න හොඳ හෝටලයක් තමයි රහීමා කියන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *