කන්න බොන්න කලින් එන්න

Raffles Deli – Kohuwala ( රැෆල්ස් ඩෙලි )

banner

අපි මේ කියන්න යන්නේ කොහුවල තිබෙන තවත් ආහාර කඩයක් ගැන .එය නමින් ‍රැෆ්ල්ස් ඩෙලි. Raffles කියන පුද්ගලික සමාගම යටතේ පවත්වාගෙන යන අවන්හලක් තමයි ‍රැෆල්ස් ඩෙලි කියන්නේ.ඔවුන් සතුව කේටරින් සේවාවක් සහ හෝටල් පාසලක් තිබෙනවා.ඒවත් ආහාර සම්බන්ද දේවල් නිසා කෑම පිලිබඳව හොයා බලන්න අපිත් ගොඩ උනා ‍රැෆල්ස් ඩෙලි වෙතට.

වටපිටාව

මෙහි ඇතුලත පිරිසිදුව තියනවා.මේසා පු‍ටු උනත් පිලිවෙලකට සකස් කරලා. දෙදෙනෙකුට සරිලන කිඩා මේස වගේම උස් ස්ටූල් මත තනියෙන් කෑම ගන්න පුලුවන් විදියට ඇතුලත සකස් කරලා තියනවා.මෙහි වයි ෆයි කලාපයකුත් තියනවා. ඒ නිසා ඔබේ අත ඇති ස්මාර්ට් දුරකථනෙන් අන්තර්ජාලයට සම්බන්ද වෙන්නත් පුලුවන්.ඒ වගේමයි ඇතුලත ඈ සී කරලා තියෙනේ. අවට බලනව නම් කෙලින්ම පේන්නේ කලබලකාරී කොහුවල කලුබෝවිල පාර. ඇතුලත ලොකූ ඉඩක් නෑ.නිදහසේ පාඩුවේ ආහාර ගන්න ගමන් දිගු කාලයක් ‍රැඳී ඉන්න නම් මෙතන ඒ තරම් හොඳ නෑ. ඒත් මෙහි කලබල කාරී ගතිය අඩුයි බොහෝ වෙලාවට.

බඩජාරි මෙනුපත.

අප මුලින් සඳහන් කලා වගේ මොවුන් පවත්වාගෙන යනවා හෝටල් පසලකුත්. ඒ නිසා ලාංකීය රස රහස් ගැන ඔවුන් හොඳින් දැනුවත්. ඒ බව කෑම වලින් ඔප්පු වෙනවා.ඔවුන්ගේ චිකන් සබ්මැරීන් එකක් 165ක් වෙනවා.. එය රසවත්. ලොකු බඩකට නම් එය ප්‍රමානවත් නෑ.. ඒත් එය ඇත්තටම රසයි.චීසි බීෆ් බර්ගර් එකත් ප්‍රනීතයි.එහි පිරවුමේ අමුතු රසයක් තිබෙනවා. ඒකක් 350ක් වෙනවා. සියලු අනෙක් බර්ගර් වර්ග 250 මිල සීමාවේ තියෙන්නේ.පැස්ටා වර්ග නම් 400ත් 500ත් අතර මිල සීමාවේ. අපි රස බැලූ සී ෆුඩ් පැස්ටෑක 440ක් උනා.. ඇත්තටම එය රස නහර පිනා යැවීමට සමත්..

rafflesdeli
අපේ රස ගමන සිද්ද උනේ සවස් වරුවක.. ඒ නිසා රයිස් එකක් කන්න නම් බැරි උනා.. රයිස් වර්ග විදියට නසි බුරියානි සීෆුඩ් රයිස් වගේ ඒවත් තියනවා.. ඒවත් 300-400 අතර මිල සීමාවේ තමයි පවතින්නේ..කොත්තු කන්න එනවා නම් මාලු කොත්තුවක් 220ක් වෙනවා.. රස නම් කොහොමද දන්නේ නෑ..අපි දැන ගත්තු විදියට මෙතන සෙනසුරාදා රාත්‍රියට විශේශ මෙනුපතකුත් පිලිගන්නනවා..
අපි හිතන විදියට ඔබ මෙතනට ඇවිත් ඔවුන්ගේ අතුරුපසක් උත්සහ කලොත් හොඳයි. විවිද වර්ගයේ අතුරු පස මෙහි තිබෙනවා..වටලප්පම් 130යි, ක්‍රීම් කැරමල් එකක් 110 යි,චොකලට් කැරමල් එකක් 120ක් වගේ වෙනවා.ඒ වගේම විවිද වර්ගයේ පලතුරු බීම එක වීදුරුවක් 150ක් වෙනවා. ඔබට ඒ මතට අයිස් ක්‍රීම් ඕනෑම නම් තව අමතර පුන්චි රුපියල් විස්සකුයි වියදම් වෙන්නේ.ඩෙසර්ට් එකට කේක් වර්ගත් ඔබට උත්සහ කරලා බලන්න පුලුවනි.අපි රස බැලූ චොක්ලට්ගැටෝ එක රසවත්.ඒකක් 85ක් උනා.. ඒ වගේම තවත් කේක් වර්ග තිබෙනවා ඔබට රස විඳින්න පුලුවනි.

rafflescake

සියලු දේ එක්ක බලනකොට ඔබ ගෙවන මිලට සාදාරන ආහාර ගන්න පුලුවන් තැනක් තමයි ‍රැෆල්ස් ඩෙලි කියන්නේ.

සේවාව.

සේවාව පිලිබඳව ලොකුවට කියන්න දෙයක් නෑ.ඔවුන් ඔබට අවශ්‍ය දැ ඔබට ලබා දේවී.එපමනයි.වැඩි පිරිසක් නිතර ගැවසෙන්නේ නැති නිසා අනවශ්‍ය ලෙස කාලය පරක්කු වෙන එකක් නම් නෑ..

මග

මෙතනට එනවා නම් කොහුවල හඳියෙන් කලු බෝවිල පැත්තට මීටර් 200ක් වගේ පයින් එන දුරක් තියෙන්නේ.හර්යාම කිව්වොත් කලුබෝවිල දෙසට තියන ශෙඩ් එකට එහායින් පාරෙන් වම් අත පැත්තේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *