කන්න බොන්න කලින් එන්න

Pavilion Restaurant & Bakery Monaragala කටට රස කෑමකට මොනරාගල පැවිලියන් අවන්හල

banner

මොනරාගල නගරය පසුකරමින් දුර ගමනක් යනව නම් කටට රහට ආහාර වේලක් ගන්න ඉස්තරම් තැනක් ගෑනයි අද අපි කියන්න යන්නේ.මේ තැන පැවිලියන් රෙස්‍ටුවරන්ට් ඇන්ඩ් බේකරි.මේ අවන්හල මොනරාගල නගර මැද පිහිටි අවන්හලක්.සාමානය අවන්හල වගේම නවාතැන්ගැනීමේ පහසුකමත් මේ අවන්හලේ සපයනවා.

වටපිටාව

pavilion1

මේ ගොඩනැගිල්ල මහල් හතරකින් යුක්තයි.ඉහල මහල් කාමර පහසුකම් සඳහා වෙන් කරලයි තියෙන්නේ.මෙහි පාකිං සඳහා ඔවුන් වෙනම ඉඩක් ලබා දෙනවා.නගර මැද උනත් ඉතාම පිරිසිදුව මේ අවන්හල පවත්වාගෙන යන බව කියන්න ඕනි.වටපිටාව නම් ටිකක් කාර්‍ය බහුල බවක් පෙන්නනවා.මොකද මේ අවන්හල පිහිටන්නේ ටිකක් කලබලකාරී තැනක නිසා.

බඩජාරි මෙනුපත

pavilioncover

මෙතනට ඔබ ආවොත් විවිද කෑම වර්ග ආහාරයට ගන්න පුලුවන්.සාමාන්‍ය කඩයක ඇති රයිස් වර්ග සුප් වර්ග විවිද රසයට තැනුව මාලු චිකන් බීෆ් පෝක් ඉස්සෝ වගෙම උදෑසනට හෝ රාත්‍රී වරුවකට නූඩ්ල්ස් ඉඳි ආප්ප වගේ ආහාරත් මිලට ගන්න පුලුවන්.

පැවිලියන් අවන්හල ඔවුන් සතු බේකරියක්ද පවත්වාගෙන යනවා.ඒ නිසා මෙහි පාන් වර්ග බනිස් රෝල්ස් වගෙම විවිද රසයට කේක් වර්ගත් කෑමට ගන්න මෙහිදී පුලුවන්.

තවත් විශේශ දෙයක් තමයි මේ පැවිලියන් අවන්හලේ ඔබට පෙර දැනුම් දීමක් මත ඔබට අවශ්‍ය ආහාර වර්ග ඔවුන් ලවා පිලිවෙල කරවා ගන්නත් පුලුවනි.ඒ දෙ සුවුශේශී එකක්.

දිවා හෝ රාත්‍රී වරුවකට මෙහි වෙනම විශේශිත බුෆේ කෑම වේලකුත් ඔබට ගන්න පුලුවන්.එහි මිල නම් ටිකක් විතර වැඩියි.කොහොම උනත් ඔවුන් ගේ අවන්හලේ ආහාර වල රස හොඳ මට්ටමක තියෙනවා.

සේවාව

මෙහි සේවාව කියන්න ත්‍රම් විශේශ මට්ටමේ එකක් නෙවෙයි.එතරම් කාර්‍ය බහුල නැති තැනක් නිසා ඔබට අවශ්‍ය ආහාර ඉක්මනට ලබාගන්න නම් පුලුවන්.

මග

මේ අවන්හලේ ලිපිනය වෙන්නේ no 1 පොතුවිල් පාර මොනරාගල.මෙතැන හොයා ගන්න එතරම් අමාරුවක් වෙන්න ඕනි නෑ.මොකද මේ ගොඩනැගිල්ලේමයි මොනරාගල සතොස පිහිටන්නෙත්.ඉතින් මොනරාගල නගරයට ඇවිත් කාගෙන් හරි සතොස තියන ගොඩනැගිල්ල ගැන ඇහුවා නම් මේ Pavilion Restaurant & Bakery Monaragala ලේසියෙන්ම හොයා ගන්න පුලුවනි.

මේ අවන්හලේ දුරකථනය වෙන්නේ 0552276127. ඔවුන් උදේ 6 ඉඳන් රාත්‍රී 9-10 වෙනකන් විවුර්ථව පවතියනවා.ඔබත් මොනරාගල නගරයේ ආහාර වෙලක් රසට ගන්න තැනක් හොයනවා නම් මෙතනට ඇවිත් බලන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *