කන්න බොන්න කලින් එන්න

Pagoda Tea Room – Colombo fort කොලඹ කොටුවේ පිහිටි ඉපැරනි අවන්හල පැගෝඩා ටී රූම්

banner

පාගොඩ ටී රූම් කියන්නේ කොලඹ තියන ඉතා පැරනිතම අවන්හලක් රොඩ්‍රිගු කියන ලාංකිකයෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් එක්ක එකතු වෙලා සිලෝන් ටී කිසොක් යන නමින් තමයි මුලින් මෙතන ආරම්භ වෙන්නේ.ඒ 1884 වසරෙදි.ඒ වරාය ජැටියේ.ඒ කියන්නේ මේ අවන්හලට වසර 130කට වඩා ඉපැරනි ඉතිහාසයක් තියනවා .එදා ඉඳන් මේ වනතෙක් රසවත් අතීතයකට උරුම කම් කියමින් අද වන විට පැගෝඩා ටී රූම් නාමයෙන් මෙන්ම ග්‍රීන් කැබින් නාමයෙන් කේක් වර්ග ප්‍රදානය කරන ජනප්‍රිය අවන්හල් සමූහයකුත් ඔවුන් කොලඹ අවට පවත්වාගෙන යනවා.

වටපිටාව

pagoda

වර්ථමාන පැගෝඩා ටී රූම් අවන්හල පිහිටන්නේ කොලඹ කො‍ටුවේ. එහි ඩෙ මෙල් ගොඩනැගිල්ලේ තමයි මෙය පවත්වාගෙන යන්නේ.එහි ගොඩනැගිල්ලේ බාහිර පෙනුම බ්‍රිතාන්‍ය කොලෝනියල් යුගයේ ගෘහ නිර්මාන ශිපයන්ට සමාන කමක් දක්වනවා. අවන්හලේ ලාක්ශනිකත්වයට එය හොඳ පි‍ටුවහලක්.ඇතුලත් පිරිසිදුවට පවත්වාගෙන යනවා.දැවමය මේස පු‍ටු වලින් යුක්තයි.මේසේ ඉඩකඩ නම් ටිකක් විතර අඩුයි.ඒ වගෙම ලඟ ලඟ ඒවා හසුරවලා තියෙන්නේ.ඒත් වැඩ් සෙනගක් නැති හඳ ඒක ඒ තරම් අවුලක් නෙවෙයි. බිත්ති වල පිලිවෙලකට එල්ලා ඇති රූප රාමු අමුතු ගතියක් අවන්හලට එක් කරනවා..

බඩජාරි මෙනුපත

pagoda2

මෙතන රයිස් වර්ග වල පොඩි මෙනු එකකුත් කේක් සහ පැනිරස වර්ගත් පේස්ට්‍රි ත් බීම වර්ගත් ගන්න පුලුවන්. කේක් වර්ග විවිද වර්ගයෙන් ගන්න පුලුවන් උනත් අනික් කෑම් වල නම් ලොකු විවිදත්වයක් නෑ.කොහොම උනත් මෙතන චිකන් ලම්ප්‍රයිස් එක ඉතා රසවත්.ගොඩ දෙනෙක් ගේ මෙහි ප්‍රියතම දිවා ආහාරය ලම්ප්‍රයිස්. ඒකක් 350ක් වෙනවා.ඒ වගේම රයිස් ඇන්ඩ් කරී මාලු එකක් 270ක් බීෆ් 260යි.චිකන් එකක් 280ක් වගේ වෙනවා. ඒවාගෙත් රස හොඳයි.ගොඩක් වෙලාවට ගමේ රසට මාලු පිනි දකින්න පුලුවන්.ඒත් එක්ක බොන්න දෙහි යුශ වීදුරුවත් හොඳ ගැලපීමක්.ඔවුන්ගේම ඇසුරුමකින් සාමාන්‍ය ප්‍රමාන්යේ දෙහි යුශ වීදුරුවක් 60 ක් වෙන්නේ.තවත් බීම වර්ග 50-70 මිල සීමාවේ පවතිනවා.ඩෙසර්ට් එකට වටලප්පම් කැරමල් චොකලට් මූස් ස්ට්‍රෝව්බෙරි මූස් බටර් ස්කොච් මූස් වගේ ගන්න පුලුවන් .. ඒවා 100-120 මිල සීමවේ.වටලප්පම ඉතා රසවත්. ඇති වෙන්න හම්බවෙනවා.මෙහි ග්‍රීන් කැබින් කොටසේ විවිද ආකාරයට කප් කේක් සහ තවත් කේක් වර්ග ගොඩක් ගන්න පුලුවන්.චොක්ලට් ඉක්ලෙයාර් එක හොඳ තේරීමක්.ඒකක් 60ක් වගේ මිලකට ගන්න පුලුවන්.දෙන්නෙක්ට එනවා නම් රුපියල් 700ක් වගේ මිලකට රසට ආහාර වේලක් ගන්න මෙතනින් පුලුවන්.

pagoda1

සේවාව

මෙතන් සේවාව ඉක්මන්. එහි වැඩකරන අය හොඳ පුහුනුවක් ලබපු අය බව පේන්න තියනවා.කාර්‍ය බහුල මොහොතක උනත් ඉක්මනට තමන්ට ඕනි කෑම වර්ගය ඉක්මනින් ඇනවුම් කරගන්න පුලුවන්.ටේක් අවෙ පහසුකමත් ඔවුන් සලසනවා.බොහොමයක් අසල කාර්‍යාල වල අය උපන්දින උත්සව සඳහා මෙතනින් කේක් ගෙනයනවා

මග


මෙතනට එනවා නම් ඩච් හොස්පිටල් එක පිටිපස තමයි පිහිටලා තියෙන්නේ.කින්ග්ස්බරි හෝටල්යේ පැත්තෙන් එනවා නම් එතනින් ජනාධිපති මාවතේ ඉස්සරහට ඇවිත් චැතෙම් වීදියෙන් දකුනට හැරුනු ගමන් පාරේ වම්පැත්ටෙන් දෙ මෙල් ගොඩනැගිල්ලේ පැගෝඩා ටී රූම් අවන්හල හොයාගන්න පුලුවන් වෙයි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *