කන්න බොන්න කලින් එන්න

Paan Paan – Havlock Town වෙනස් පාන් වර්ග ගොඩක් තියන පාන් පාන් අවන්හල

banner

පාන් පාන් අවන්හල කියන්නේ අගනුවර මූලික කරගෙන ක්‍රියාත්මක වෙන බේකරි කෑම අලෙවි කරන අවන්හලක්.ඔවුන්ගේ අවන්හල 4ක් පවතිනවා.ඒ හැව්ලොක් පෙදෙසේ බම්බලපිටියේ,කොල්ලුපිටියේ සහ රාජගිරිය යන ප්‍රදේශ වල.මෙතන බේකරි කැම වර්ග ගනනාවක් තියෙනවා. මෙනු එක ඉතා දිගු එකක්.බොහෝ විට ඔවුන් සතුව මෙනු එකේ තියන ආහාර නිතරම එහි පවතිනවා.අපි අද කියන්න යන්නේ හැව්ලොක් ටවුන් වල පිහිටි පාන් පාන් අවන්හල ගැන.

වටපිටාව

paan2

මෙතන පාකින් වලට නම් ඉතාම සීමිත ඉඩ කඩක් තම පිහිටන්නේ.ඒ අවට හයිලෙවෙල් පාරත් තරමක් වාහන වැඩි හඳා පාකින් වලට හරස් පාරක ඇතුලක් හොයා ගන්න වෙනවා.මේ අවන්හලේ ඇතුලත ඉඩත් කුඩායි.පොඩි ඉඩක වටේටම වට්ටි වගේ උඩින් විවිධ වර්ගයේ පාන් වර්ග තියා ඒ වගේ නම් සඳන් කරලයි තියෙන්නේ. ඉඳගන්න නම් ඉඩ කඩ ඉතා සීමිතයි.පැති බංකි සහ මේසයක් එකවර 6ක් 7කට වගේ පමනයි ආහාර ගන්න පුලුවන් වෙන්නේ.කොහොම උනත් අවන්හල ඇතුලත ඉතාම පිරිසිදුවට පවත්වාගෙන යනවා.

බඩජාරි මෙනුපත


paan3

බේකරියේ නමත් එක්කම ගැලපෙන්න අපි සාමානයයෙන් අහලා නැති පාන් වර්ග බොහොමයක් මෙහි තියනවා.කුරක්කන් මිශ්‍ර පාන් එකක් 100ක් වෙනවා.සාමාන්‍ය කඩේ පාන් එකකුත් ඒ ගනන්.සැන්ඩ්විච් සඳහා බරෞන් බ්‍රේඩ් එකක් නම් 190ක් වගේ.මේ අපි නිතර අහන දකින පාන් වලට අමතරව Spanish Bartusa Bread එක ටිකක් වෙනස්.එහි ගම්මිරිස් මිශ්‍රිතව බෙල්පෙපර් සහ ඔලී එක්ක චීස් දව‍ටුමකින් යුක්තයි.Italian Focaccia Bread හදලා තියෙන්නේ බටර් ඔලිව් ඔයිල් බිත්තර සුදුලූනු සහ රෝස්මෙරි වලින්.Ciabatta Breadඑක හදලා ත්යෙන්නේ හොඳින් පදම් කල පිටි සමග ඔලිව් ඔයිල් මිශ්‍ර කරලා. එය සැන්ඩ්විච් වලට ඉතාම හොඳයි.ඒකක් 150ක් වෙනවා.

paan1

පාන් වලට අමතරව අපි නිතර දකින චයිනීස් රෝල් පැටිස් මාලු පාන් චිකන් බන් වගේ කැමත් මෙහි ගන්න තියබවා..ඒවා ඔක්කොම 30-60 ත් අතර මිලක් තමයි වෙන්නේ.ඒ වගේම විව්ද රසයට සැවරි වර්ග,පැනි රස කෙටි කැම වර්ග,බිස්කට් සහ කුකීස්,කේක් වර්ග ගන්න පුලුවන්.ඔක්කොම නැවුම් ව තියනවා.හැබැයි මේ ගොඩක් කෙටි කැම වර්ග වල ප්‍රමානය නම් කුඩායි.කොහොම උනත් පිරවුම එහෙම නම් ගොඩක් කැම වල රසට තියනවා.

මෙතනට එන අයට හොඳ තේරීමක් තමයි බීෆ් සැන්ඩ් විච් එක .ඉතාම සරු පිරවුමක් එක්ක රසට තියෙනවා.ඒ වගේම මෙහි ස්මෝක් චිකන් සැන්ඩ්විච් එකත් ඉතා රසවත්

සේවාව

මෙතන සැන්ඩ්විච් එකක් වගේ ගන්න යනවා නම් ඔවුන් ටිකක් වෙලා ගන්නවා .මිනිත්තු 10-15ත් අතර වෙලාවක් යන්නත් පුලුවන් කැම එකක් මේසයට එන්න.වැඩ කරන අයගේ නම් එතරම් අවුලක් නෑ.ලොකු විශේශ දෙයක් කියන්න නෑ.ඔබ පාන් වර්ගයක් ගන්නවා නම් ඉක්මනට බිල ගෙවලා අරන් යන්න පුලුවන්.සැන්ඩ්විච් එකක් හෝ සබ්මැරීන් එකක් වගේ කන්න් අගන්නවා නම් තරමක් වෙලා ඉන්න නම් වෙනවා.

මග

මෙතන්ට කොලඹ ඉඳලා එනවා නම් තියෙන්නේ තුම්මුල්ල හංදිය පහු වෙනවාත් එක්කමයි 138 පාරේ. පොලිස් පාක් එක පටන් ගන්න හරියේම පාරෙන් දකුනු අත පැත්තට වෙන්න තමයි මේක පිහිටන්නේ.තැන හොයා ගන්න එතරම අපහසුවක් නම් නෑ.

.ඔවුන්ගේ දුරකථන අංකය 0114388488 .මෙතන ඉතාම වෙනස් වර්ගයේ පාන් වලට ඉතා ප්‍රසිද්ධයි.මිල නම් ටිකක් වගේ වැඩි උනත් වෙනස් රස ‍රැසකට උත්සහ කරලා බලන්න වටින තැනක්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *