කන්න බොන්න කලින් එන්න

Paan Kade – Modara මෝදර ඇවිත් බේකරි කෑම කන්න පාන් කඩේ

banner

පාන් කඩේ තියෙන්නේ මෝදර පැත්තට වෙන්න. මෙහි බේකරියත් එක්කම රසවත් බේකරි අයිතම විකුනන අවන්හලක් පවත්වාගෙන යනවා පාන් කඩේ නමින්.අඩු මිලකට රසවත් බේකරි අයිටම් කන්න එන්න හොඳම තැනක් තමයි පාන් කඩේ කියන්නේ.

වට පිටාව

pankade

මෙතන ඉතා කුඩා තැනක්.හොඳ පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේන්න තියනවා.අටකට වගේ තමයි එක වර කැම ගන්නව නම් ගන්න වෙන්නේ. හොඳම දේ මෙතනි අරගෙන ගිහින් කන එකයි. මේස පු‍ටු ලීයෙන් කරපුවා.මිල සමග අදාල අයිතම කැම රාක්ක වල හොඳින් අසුරලා තියනවා.

බඩජාරි මෙනුපත

pankade3

මෙතන මූලිකවම බේකරි නිශ්පාදනයි තියෙන්නේ සාමනය පාන් පැති පාන් රෝස් පාන් වගේ මිලට ගන්නත් පුලුවන්. ඒ වගේම උදේ වරුවකට මෙහි ආවොත් සැන්ඩ්විච් වර්ගත් නැවුම්ව ගන්න පුලුවන්.මාලු චිකන් වෙජිටබල් විදියට ආහාර ගන්න පුලුවන්. මේ වගේම මාලු බනිස් සීනි බනිස් වර්ග වගේම වියන් රෝල් සෝසේජස් බන් වගේ සාමනයයෙන් අපිට දකින්න පුලුවන් බේකරි කෑම ගන්න පුලුවන්. මෙතන කෑම ඉතා රසවත්. ඒ ඔවුන් මෙහිම බේකරියත් පවත්වා ගෙන යන හංදා වෙන්න ඕනි.

මීට අමතරව මෙහි චොකලට් කේක් විවිද ප්‍රමානයෙන් ගන්නත් පුලුවන්.කිලෝ එකේ චොකලට් කේක් එකක් 480ක් වගේ වෙනවා. මීට අමතරව රිබන් කේක්,ලෙමන් කේක් පලතුරු කේක්, බටර් කේස් විවිද ප්‍රමානයෙන් ගන්න පුලුවන්. ඒ කේක් නැවුම් රසයෙන් යුක්තයි.

සේවාව

මෙතන සේවාව හොඳයි.එහි සිටින අයට සිංහල දෙමල සහ ඉංග්‍රීසි භාශා තුන්නම හසුරවන්න පුලුවන්. ඒක හඳ කිසි ප්‍රශ්නයක් නෑ.අවුලකට තියෙන්නේ මෙතන කෑම වර්ග ඉක්මනින් විකිනෙනවා. ඒ මේ ඉතරා හොන්ද රසය නිසා වෙන්න ඕනි.මෙහි කාඩ් පතින් ගෙවීමේ පහසුම්කම් නම් නෑ.

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳන් ආවොත් මොදර පහු කරන් ඉස්සරහට කිලෝ මීටරයක් විතර එන්න වෙනවා.එහෙම ඇවිත් ශාන්ත මේරි පාරෙන් වමට හැරිලා පොඩ්ඩක් ඉස්සරහට ගිහාම හම්බෙන පල්ලිය පාරෙන් ආයෙත් පොඩ්ඩක් ඉස්සරහට යන්න.ඔබට හබවේවි පාන් කඩේ

පාං කඩේ ඇඩ්‍රස් එක වෙන්නේ නොම්බර 92 මට්ටක්කුලිය පල්ලිය පාර මෝදර. මෙහි දුරකථන අංකය 0112524605. උදේසන ඉඳන් සවස 8.30 වගේ වෙනකන් ඔවුන් විවුර්ථයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *