කන්න බොන්න කලින් එන්න

P N Fernando Seafood Palace – Ja ela ජා ඇල ඇවිත් ඇතිවෙන්න සී ෆුඩ් කන්න පී එන් ෆර්නැන්ඩු සී ෆුඩ් පැලස්

banner

ජා ඇල නගරයට කිට්‍ටුවෙන් ඉස්තරම් රසට චීන කෑම කන්න කියාපු තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ .මේ අවන්හල නමින් පී එන් ෆනෑන්ඩු සී ෆුඩ් පැලස්.නම නම් ටිකක් දිග වැඩියි වගේ.ඒ කොහොම උනත් ඉතා රසවත් සී ෆුඩ් කෑමට ගන්න මේ අවන්හල ඉස්තරම් තැනක්.

වටපිටාව

pn1

මේ අවන්හල ජා ඇල නගරයට කිට්‍ටුවෙන් පිහිටන්නේ.මහල් දෙකකින් යුත් මේ අවන්හල උත්සව අවස්ථා සඳහාත් විවුර්ථව පවතිනවා.මේ අවන්හලේ තරමක ලොකු පාකිං පහසුකම පවතිනවා.සුදු පැහැයෙන් වර්න ගන්වපු බිත්ති අවන්හලට චාම් බවක් එකත් කරලා තියනවා.ඇතුලත හොඳින් පිරිසිදුව පවත්වාගෙන යන්න මේ අවන්හලේ කාර්‍ය නංඩලය කැපවෙලා වැඩ කරන බව පේනවා.තරමක් විශාල අවන්හලක් උනත් හොඳින් සීතල ‍රැකෙන විදියට ඒ සී සවි කරලා තියෙන්නේ.මෙහි පෙලක් මේස කැරකෙන වීදුරු ට්‍රේය් වලින් යුක්තයි.පු‍ටු නම් ඒ තරම්ම සුව පහසු කමක් නෑ.මෙහි ප්‍රධාන අවන්හල වගෙම ඔබට ඕනි නම් කුඩා කාමරයක් උනත් ආහාර ගන්න වෙන් කරගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

pn3

ඔවුන්ගේ ඉතා දිගු මෙනු එකක් තියෙනවා.බහුතරයක් තියෙන්නේ සී ෆුඩ් තමයි.ඒ කෑම අතර ඇපටයිසර් වර් ග ,මාලු වලින් හදාපු ගරූපා ප්‍රොම්ෆ්‍රෙට් වගේ කෑම,ඉස්සෝ විවිද ආකාරයෙන් බීෆ් සහ ඌරු මස් දීසි විවිද විදියට හදාපු ඒ වා කන්න ගන්න පුලුවනි.කකුලුවෝ ,පොකිරිස්සෝ,කූනිස්සෝ,දැල්ලෝ වලින් විවිද විදියට හදාපු තවත් බොහොමයක් කෑම මේ මුපතේ තියන කෑම වැඩිය අහලා නැති නම් බොහොමයි.ඒ වගෙම මෙහි ෆ්‍රයිඩ් රයිස් ඉන්දියානු විදියටත් කන්න ගන්න පුලුවනි.ඊට අමතරව චීන ක්‍රමයට හදාපු ෆ්‍රයිඩ් රයිස් වර්ගත් චිකන් ‍ෆිශ් වෙජි ඕනි විදියකට කන්න ගන්න මෙතනට ආවොත් පුලුවනි.ඒ වගෙම විවිද විදියට හදාපු නූඩ්ලෙස් වර්ගත් බොහොමයි.ඔබට කැමති විදියට ඇනවුම් කරන්න පුලුවන්.

pn4

සමස්ථයක් විදියට මේ අවන්හලේ කෑම ඉතා රසවත් කියන්න පුලුව්නෛ.ඒ වගෙම කෑම පිඟානට ලොකුම ලොකු පෝශන් එකක් හම්බවෙනවා.වෙනම දීසි විදියට කෑම ඕඩර් කලොත් ඒවගෙත් ඉතා හොඳ පෝශන් එකක් ලැබෙනවා.කොහොම උනත් කෙලින්ම ෆ්‍රයිඩ් රයිස් වගේ එකක් කන්න ගන්නකොට පිඟාන්ට හම්බවෙන මස් මාලු වල ප්‍රමාන නම් පොඩ්ඩක් පොඩියිද මන්දා.කොහොම උනත් මෙතන සාමාන්‍යෙන් දෙන්නෙක්ට කන්න ගන්න රුපියල් 2500-3000ක් වගේ මිලක් යාවි.ඔබට මෙහි මත්පැන් අලෙවි කරන්නේ නැති උනත් පිටින් අරන් ඇවිත් මෙහි මත්පැන් පානය කරන්නත් පුලුව්නෛ.ඒ හැර ව්නත් කෑම හරි සොෆ්ට් ඩ්‍රින්ක්ස් හරි මේ අවන්හල ඇත්ලට ගෙනියන්න නම් අවසර හිමිවෙන්නේ නැ.

සේවාව

මේ අවන්හලේ හොඳ සේවක පිරිසක් සේවය කරනවා.ඔබ මෙහි ඇවිත් ආහාර ඇනවුම් කලොත් සාමානයෙන් විනාඩි 15-20ක් ඇතුලත ඔබට අවශ්‍ය කෑම පිඟාන මේසයට ගෙන එන්න ඔවුන් ඉක්මන්. කොහොම උනත් තවත් මෙහි එන අයට ප්‍රියමනාප වෙන විදියට කටයුතු කරන්න පුලුවන් නම් හොඳයි .

මග

මේ අවන්හල පිහිටන්නේ ජා ඇලින් දෑලතුර යන පාරේ.ජා ඇල නගරයට කිට්‍ටුවෙන්මයි.ඔබ කොලඹ පැත්තේ ඉඳන් ජා ඇලට යනවා නම් ජාඇල පොලිසිය පහුවෙනවාත් එක්කම පාරෙන් වමට දැලතුර පාර තියෙනවා.ඒකේ පේන දුරකිකින් පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ

මේ අවන්හල විවුර්ථ වෙන්නේ දිවා සහ රාත්‍රී ආහාර වරු වලට තමයි.උදේ 11 ඉඳන් 3 වෙනකන් සහ සවස 6 ඉඳන් 10.30 පමන වනතුරු මේ අවන්හල විවුර්ථව පවතිනවා.මේ අවන්හල සති අන්තයට එහෙම ටිකක් මෙහි එන අයගෙන් පිරිලා යනවා.මෙතන දුරකථන අංකය වෙන්නේ 94 071 8644403 / +94 77 1750352. ඔබත් ජා ඇල පැත්තේ ඇවිත් රසවත් සීෆුඩ් කෑමක රස බලන්න P N Fernando Sea Food Palace එක පැත්තෙත් ඇවිත් යන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *