කන්න බොන්න කලින් එන්න

One seven one Maharagama මහරගමින් සුපිරි කෑම් වෙලක් කන්න වන් සෙවන් වන් අවන්හල

banner

අපි අද කියන්න යන්නේ මහරගම තිබෙන රසවත් කෑම පිරිනමන සුපිරි අවන්හලක් ගැන .එය නමින් වන් සෙවන් වන්.2013 වර්ශයේ චන්ද්‍රසිරි සහ පුත්‍රයෝ සමාගම මුල් වෙලා පටන් ගත්තු 171 අවන්හල ප්‍රධාන ආහාර වර්ග වගේම බේකරි කැම වර්ගත් සපයනවා.ගොඩක් පලපුරුදු කාරය මංඩලයක් මෙහි රසට කැම හදන්න වගේම පිරිනමන්නත් සැදී පැහැදී ඉන්නවා.අපි අද කියන්න යන්නේ වන් සෙවන් වන් අවන්හලේ විස්තරෙයි.

වටපිටාව

onesevenone

මෙතන උස වහලක් සහිත මනරම්ව නිම කරන ලද දෙමහල් අවන්හලක්.ඒ වගේම ඉඅහලට වන්නට දෙවෙනි මහලෙන් උඩ වෙනම අහාර ගන්නටත් පුලුවන්.එතන ටිකක් රස්නෙයි වගේ. ඒ නිසා හොඳම දේ දෙවෙනි මහලේ කෑම කන එකයි. පිටත් පාකිං පහසුකම සහිතයි.මෙහි ඇතුලත මනරම් ලෙස නිම කරලා තියනවා. ඇතුලත ඉතාම පිලිවෙලයි.දිගුවට එල්ලෙන ආලෝක බල්බ අවන්හලට රාත්‍රියට විශේශ අලංකාරයක් එක් කරනවා.මෙහි දෙදෙනෙකුට හතරකට හෝ ඊට වැඩි ප්‍රමාන්යකට එක වර ඉඳගෙන කෑම ගන පුලුවනි.ලී වලින් හදාපු මේස පු‍ටු අලංකාරවත් වගෙම සැප පහසුයි.

බඩජාරි මෙනුපත

onesevenone1

ඔබට කෙටි ආහාර වේලක් සමග තේකක් හෝ කෝපි කෝප්පයක් බොන්න ඕනි නම් කෙලින්ම යන්න තියෙන්නේ බිම් මහලට.එහෙම නැත්නම් පලමු මහල වෙනත් ආහාර වේලකට හොඳයි.මෙහි උදෑසන කෑම වෙලේ පටන් රත්‍රී දක්වා ඉතා දිගු මෙනු එකක් තියනවා..විව්ද සුප් වර්ග සහ සැලඩ් වර්ග 180-250 මිල සීමාවේ පවතින්නේ.විවිද ක්ර්මයට හදාපු මැකරෝනි ස්පැගටි ඇතුලු පැස්ටා වර්ගත් විවිද රසයෙන් මිලට ගන්න මෙතනින් පුලුවන්.ඒවා 350-450ක් වගේ මිලක් වෙනවා.ඒ වගේම සැන්ඩ්විච් වර්ග බර්ගර් වර්ගත් එම මිල සීමාවෙන් මිලට ගන්න පුලුවනි.

onesevenone3

171 විශේශ මෙනු එකකුත් තියනවා.. එහි චිලි චිකන්,චිකන් බාස්කට්,කට්ල් ‍ෆිශ්,හොට් බටර් ප්‍රෝන්ස්,ඩෙවල් චිකන් ඩෙවල් ‍ෆිශ් වෙජිටබල් චොප්සි වගේ කෑම වර්ග ගනනාවක් ඇනවුම් කරන්න පුලුවන්..මේවා සාමාන්‍ය සහ විශාලා ලෙස ප්ර්මාන දෙකෛන් ලබා ගන්න පුලුවන්.ඒ වගෙම ලන්කාවේ අපි දකින් රයිස් සහ නූඩ්ලෙස් වර්ග හැම එකක්ම මෙහිදී කෑමට ගන්න පුලුවන්.සීෆුඩ් රයිස් එකක් 350ක් වගේ වෙනවා.චිකන් ෆ්‍රයිඩ් රයිස් එක 280ක් වගේ මිලක්.මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් 350ක්.ඒ වගෙම තවත් බිරියානි වර්ග නාසි වගේම රසවත් නූඩ්ල්ස් වර්ගත් 300-500 අතර මිලකට කැමට ගන්න පුලුවන්.

onesevenone2

මෙහි කැම ඉතාම රසවත් බව නම් කියන්නම ඕනි.ඔවුන් මේ කැම එවෙලෙයි පිලිවෙල ක්‍රලා දෙන්නේ.උනු උනුවට මේසයට එන කෑම වෙල පෙනුමටත් හොඳයි.දැක්කත් රස නහර පිනා යනවා.

සේවාව

මෙතන සේවාව ඉතා විශිශ්ට මට්ටමේ එකක්.මෙහි සිටින කාර්‍ය මංඩලය ඉතා හොඳ පුහුවක් ලද අය බව පේනවා. ඔබ මෙහි පැමින හිඳගත් විට මිනිත්තු කීපයක් ඇතුලත ඔවුන් ඔබ ලන්ගට පැමිනේවි.ඔබත් සමග ඔබේ කැමති ආහාර වර්ග ‍තෝරාගන්න ඔවුන් උදව් කරාවි.කොහොම උනත් කෑම මේසයට එන්න නම් විනාඩි 15ක් වගේ යනවා.ඒ අතර සමහර විටෙක මෙහි මැනේජර් මහතාත් මේස වලට යන ගමන් ආහාර වල රස පිලිබඳව සොයා බලනවා.මෙහි ඉතා හොන්ඩ්න්හ සේවාවක් ලැබෙන බව නම් පැහැදිලියි.

මග

ඔවුන්ගේ ලිපිනය වෙන්නේ 171 පරන පාර නාවින්න මහරගම.මහරගම ඉඳන් එනවනම් හයිලෙවල් පාරේ වත්තේ ගෙදර හඳියට ඇවිත් එතනින්දකුනට පරන කොට්ටාව පාරේ කිලෝ මීටරයක් ආවහම වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

onesevenone5

මේ අවන්හලේ ඒ අවට ඩිලිවරි සේවාවකුත් පවත්වාගෙන යනවා.ඔවුන්ගේ දුරකතන අංකය වෙන්නේ 0112844848 . උද්ඩෑසන හයේ ඉඳන් රාත්‍රී දහය වෙනකන් මේ අවන්හල විවුර්ථයි.ලොකු කුඩා හැමෝටම එකට එකත් වෙලා රසවත් කෑමක් කන්න ඉතාම හොඳ ‍තෝරාගැනීමක් තමයි One seven one Maharagama අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *