කන්න බොන්න කලින් එන්න

Noodles Cinnamon Grand Kollupitiya සුපිරි පන්නයේ තැනකින් රසවත් නූඩ්ල්ස් කැමකට නූඩ්ල්ස් සිනමන් ග්‍රැන්ඩ්

banner

අගනුවර තියන සුපිරි පන්නයේ අවන්හල් අතරින් නූඩ්ලස් වලින් විවිද රසයෙන් කන්න ගන්න පුලුවන් විසිතුරු අවන්හලක් ගැනයි අද අපි කියන්න යන්නේ.එය පිහිටා තියෙන්නේ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ. ඒ නිසාම මේ අවන්හලේ නමත් නූඩ්ලස් සිනමන් ග්‍රැන්ඩ්.සිනමන් ග්‍රැන්ඩ් කියන්නේ තරු පහේ හෝටලයක්.ඉතින් මෙහි නූඩ්ල්ස් අවන්හලත් තරු පහේ අවන්හලක් කිව්වොත් නිවැරදි.මෙහි විශේශත්වය වෙන්නේ මෙනුපත එක එක රසට නූඩ්ල්ස්.

noodles7

වටපිටාව.

noodles6

මෙයට ඇතුල් වෙන්නට තිබෙන්නෙත් ටිකක් වෙනස් ආරකට පිලිවෙල කල බිම් තීරුවක් හරහා.දැවයෙන් කරන ලද බිත්ති සරසිලි දෙකක් මතින් ඇතුලට ආ විට චාම් බවක් දැනෙනවා .ඇතුලත බිම සහ බිත්ති ලාක්ශනික ලෙස ලා කහ පැහැයකට වර්න ගන්වා තිබෙන බව හොඳින්පෙනෙන්නට තිබෙනවා.අති සැප පහසු මේස පු‍ටු වගේම පැත්තකට වන්නට ස්ටූල් ආකාරයට පැති මේස වල ඉඳගෙනත් ඔබට ආහාර ගන්න මෙහි පහසුකම තියනවා.සියලු දේ චාම් ගතියක් මගින් වර්නවත් කරලා.ඇතුලතින් හමන සුවඳත් නැවුම්.නිදහසේ උනු උනු නූඩ්ල්ස් එකක් කන්න මෙහි වටපිටාව ඉස්තරම්.

බඩජාරි මෙනුපත

අපේ ආහාර වේල ආරම්භ කලේ Ravioli එකකින් .එය රසවත් පිරවූමකින් යුක්තයි.චීන ක්‍රමයට තැවරූ වොන්ටන් එකක් සමග පොල් වලින් සැදි රසවත් සෝස් එකක් මෙයට ඇතුලත්.අපි ලංකාවේ මේ හා සමාන කෑම වේලක් දනින්න නෑ.ඉතින් වෙනස් විදියකට ආරම්භක කෑමකට මෙය පංකාදුයි.ඒ වගේම Steamed Black Mushroom with Pork එකත් ඉතා රසවත් කැමක් ආරම්භකයක් විදියට. ඌරු මස් සමග හතු .එයට ලූනු සහ රතු මිරිස් එකතු වෙලා ඔයිස්ටර් සෝස් සමග ඉතා රසවත් .

noodles5

ප්‍රධාන නූඩ්ලස් ආහාරයක් ලෙස අපි උත්සහ කලේ රෝස්ට් පෝක් ටෙබසාකි එකක්. මේක නම් ජපන් කෑමක් වෙන්න ඕනි. රස ඉතාම ප්‍රනීතයි.තවමත් මතක් වන විට කටන කෙල උනන තරමේ .වන්සුයි කියන නූඩ්ල්ස් රසයට කපා නියම ප්‍රමානයට තෙලින් බැදගත් ඌරු මස් පෙති.ඉතාම රසවත්.සෝස් සමග මැදින් නූඩ්ල්ස් සහ වටේට පිරවෞනු ඌරු මස් පිඟාන උවත් දැකීමෙන්ම රස නහර පිනා යනවා.

noodles4

මෙහි අපිට කැම වර්ග තායි චීන සහ ජපන් රසට ගන්න පුලුවන්. මෙනු එක ටිකක් විතර දිගයි.සියල්ල සිදු කෙරෙන්නේ අංක එකේ කෝකියන් අතින්.ගොඩක් නූඩ්ල්ස් වර්ග 600-1000 ත් අතර මිල ප්‍රමානයේ පවතින්නේ. ඒ වගේම ඒ මිලට ලොකු ප්‍රමානයක් නූඩ්ල්ස් අපිට ලැබෙනවා.පෝශන් එක ලොකුයි.ඒ නිසා ඒකත් හොඳයි.

noodles2

නූඩ්ල්ස් වලට අමතරව විවිද නාමයන්ගෙන් සුප් වර්ග සැලඩ් වර්ග වගේම රයිස් වර්ගත් කැමට ගන්න පුලුවන්.ඩෙසර්ට් වර්ගත් ගනනාවක් තියෙනවා. ඒවාත් මිල රුපියල් 300-400 අතර සීමාවේ.ඉතින් දෙන්නෙක්ට ගිහින් කනවා නම් රුපියල් 2000කින් රසවත්ව කාලා එන්න පුලුවන්.කපල් එකකට හරි පවුලටම හරි ගිහින් වෙනස් විදියකට කෑම රස අත්විඳින්න ඇත්තටම මෙතන අනර්ගයි.

සේවාව

ඔවුන්ගේ සේවාවත් තරු පහේ සේවාවක් කියන්න පුලුවන්.ඔබට මෙහි මෙනු එකේ කැම වර්ග ගැන දැනුවත් නැත්නම් ඔවුන්ගෙන් රස පිලිබඳව අසා දැනගන්න පුලුවන්.මෙහි වේටර් වරු ඉතා හොඳින් ඒ දේවල් ගැන කියා දෙනවා. ඔබ කැමක් ඉල්ලූ විට එය ලැබෙන්න පොඩි වෙලවක් නම් ගත වේවි.නමුත් එය ඔබව කලකිරවේන තරම් නම් නෙවෙයි

මග

මෙතන පිහිටලා තියෙන්නේ Cinnamon Grand හෝටලයේ බිම් මගලේ.මෙතන හොයා ගන්න නම් ඒ තරම් අපහසුවක් නෑ.ගන්ගාරාමේ පැත්තෙන් එනවා නම් ගන්ගාරාම පන්සල අයිනෙන් තියන නවම් මාවතේ දිගටම එන්න.හමුවන එකම හඳිය ඉදිරි පසයි සිනමන් ග්‍රැන්ඩ් හෝටලය පිහිටන්නේ.

මෙහි සවස 6.30 සිට රාත්‍රී 9 වෙන තුරු සහ රාත්‍රී 9 සිට රාත්‍රී 11.30 දක්වා ලෙස කාලයන්ට ආහාර පිරිනමනවා. ටිකක් වැඩි පිරිසක් එක්ක මෙතනට එන්න ඉන්නවා නම් හොඳම දේ කලින් වෙන කරවාගෙන එන එක. මොකද මෙතන ගොඩක් වෙලාවට නූඩ්ල්ස් රසවතුන්ගෙන් පිරිලා.මෙහි දුරකථන අංකය 0112497440.

කොහොම උනත් සාධාරන මිලකට ඉස්තරම් තැනකින් නූඩ්ලෙස් විවිද රසයන්ගෙන් රස බලන්න ඔබත් ඇවිත් යන්න හොඳම තැනක් තමයි සිනමන් ග්‍රැන්ඩ් හි පිහිටි නූඩ්ල්ස් අවන්හල


Comments to Noodles Cinnamon Grand Kollupitiya සුපිරි පන්නයේ තැනකින් රසවත් නූඩ්ල්ස් කැමකට නූඩ්ල්ස් සිනමන් ග්‍රැන්ඩ්

  • හොදටම ශුවර් ද 2000කින් බේරිලා එන්න පුළුවන් කියල?

    Eshan February 9, 2016 8:55 pm Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *