කන්න බොන්න කලින් එන්න

New Torrington Bakery – Thibirigasyaya ( නිව් ටොරින්ටන් බේකරි )

banner

තිඹිරිගස්යාය පාරේ ගොඩාක් කෑම කඩ පිහිටලා තියනවා. ඒ අතර තියන බේකරි අතරින් අඩුම මිලට හොඳම බේකරි කැම ගන්න පුලුවන් තැන මොකක්ද කියලා හෙව්වොත් අංක එක නිව් ටොරින්ටන් බේකරිය.අතේ ඇති මිලට බනිස් ගෙඩියක් රෝල් එකක් කන්න හිතුනොත් එන්න හොඳ තැනක් තමයි නිව් ටොරින්ටන් බේකරිය.

වටපිටාව

newtorinton3

මෙතන ටිකක් කලබලකාරි වටපිටාවක් තමයි එලියේ නම් තියෙන්නේ.. ඒ නිසා වාහනයක් පාක් කරන්න යනව නම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න වෙනවා.පාර දෙපැත්තේ වාහනයක් පාක් කරන්න ඉඩ තිබුනත් හැම වෙලේම වාහන වලින් පිරිලා.

බේකරිය ඇතුලත හොඳින් ඒ සී කරලා තියෙන්නේ. ඇතුලත ඉතාමත් පිරිසිදුයි.විශාල මෙනු පත හොඳින් දර්ශනය වෙනවා. මෙහි ඉඳගෙන ආහාර ගැනීමට පු‍ටු මේස සකස් කරලා තියෙන්නේ. ඇතුලතින් එන පාන් බේකරියේ සුවඳ තවත් ඔබව පොලඹවාවි බඩට යමක් ඉක්මනින් දාගන්නට
බඩජාරි මෙනුපත

newtorinton1

මෙතන යම් ප්‍රමාන්යක හොඳ කැම විවිදත්වයක් තියනවා.. ලාවට ප්ලේට්න්ටියක් ගහනව නම් 25 පැටිස් එක මරු. එහි ඇතුලත ලූනු පිරවුම ත් එක්ක හැපෙන සැමන් සහ අල රහ හොඳයි. ජැම් බනිස් එකත් ඉතා රසයි. එහි ඇති පදමට ජැම් තිබුනා. ඒකක් තිහයි.කිඹුලෙක් 30යි. ඒකත් ටිකක් ලොකුයි. හොඳ නිමාක්. දෙක්කම කන්න ආස හිතෙනවා.මෙහි මාලු පෙස්ට්‍රිය 40ක් ඒකත් හොඳයි.. සෝසේජස් පේස්ට්‍රිය 45ක් .සියල්ල නැවුම් රසයකින් හැපෙනවා..අනිවා තවත් ඔබ රස බැලිය යුතුම කැමක් තමයි බුල්ස් අයි බන් එක. ඒකක් 50යි. ඉතා රසවත්..

newtorinton2

මෙහි පාන් 450ග් එකක් 60ක් වෙනවා පෙති පාන් 65යි. සැන්ඩ්විච් පාන් 95යි. කුඩා රෝස් පාන් එකක් 20යි. ගොඩක් වෙලාවට සියලු බේකරි කැම නැවුම්. ඒ ඔවුන්ගේ මේ ස්ථානයේම බේකරියත් පිහි‍ටුවා තිබීම. උනු උනු රෝස් පාන් කන්න ඕනි නම් 2කයි කාලට මෙතනට එන්න පුලුවන්නම් හරි.මෙහි අප ගොඩක් කැම වර්ග රස බලා තියනවා. ඇත්තටම රසවත්. ගනනුත් ඉදා සාධාරයි.

සේවාව.

ලොකු විශේශිත ලෙස කියන්න තරම් දෙයක් නෑ. පෙලක් වෙලාවට සෙනග පිරිලා නිසා ඔබට මොහොතක් බලා ඉන්න ට වෙන්න පුලුවන්. ඒත් ඔවුන් ඔබට අවශ්‍ය දේ ඉක්මනින් ලබා දේවී.මාරු සල්ලි අරන් යනව නම් ගොඩක් හොඳයි. ඔවුන් හැම වෙලේම මාරු සල්ලි හිඟයෙන් ඉන්නේ.

මග

මෙතනට කොලඹ පැට්තේ ඉඳන් එනව නම් තිඹිරිගස්යාය හඳියට ඇවිත් වම් පැත්තට හැරිලා මීටර් 500ක් වගේ ගියහම වම් අත පැත්තේ දෛන්න පුලුවන් වේවි කහ පැහැති වර්න ගැන්වූ මේ බේකරි අවන්හල. එහි උස් අතට නිව් ටොරින්ටන් බේකරි කියලා නම ගහලයි තියෙන්නේ
සාක්කුවට දැනෙන විදියට ශෝට් ඊට්ස් කන්න අපි ඔබට කියනවා මෙතන්ට එන්න කියලා. එහි මිල අඩුයි වගේම රසත් ඉතාමත් හොඳයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *