කන්න බොන්න කලින් එන්න

අම්පාරේ ඇවිත් සාක්කුවට පහසුවෙන් කෑම වෙලක් කන්න – New City Food Cabin & Bakery Ampara

banner

අම්පාර නගරය පැත්තේ ආවොත් හොඳ කෑම වේලක රස බලන්න කියාපු තැනක් ගැන විස්තර ඔබ වෙත ගෙන එන්නයි අපේ මේ සූදානම.මේ අවන්හල නමින් නිව් සිටි ෆුඩ්ස් කැබින් ඇන්ඩ් බේකරි.මේ අවන්හල ප්‍රධාන ආහාර පාන වගේම බේකරි කෑම වර්ගත් කන්න ගන්න පුලුවන් තැනක්.ඔවුන් සතුව බේකරියක් තිබෙන නිසා උනු උනු ෆ්‍රෙශ් බේකරි කෑම කන්න ගන්න මෙහි ආවොත් පුලුවන්.

වටපිටාව

 

මේ අවන්හල නගරය මැද්දට වන්නට තමයි පිහිටනේ.ඒ නිසාවෙන අවන්හල ඇතුලත කලබලකාරි ගතියක් නම් තියනවා.පොඩ්ඩක් විතර වටපිටාවේ සද්දේ වැඩියි.අවන්හල ඇතුලත පිලිවෙලකට පවත්වාගෙන යනවා.හොඳටම පිරිසිදු නැති උනත් මෙහි අවට තිබෙන අනෙකුත් අවන්හල් වලට සාපේක්ශව ඔවුන් මේ අවන්හල පිරිසිදු ගතියකින් පවත්වාගෙන යනවා.අපි කිව්ව කලබල කාරි ගතිය මග අරින්න නම් හොඳම දේ උඩ මහලට යන එක.මොවුන් මේ අවන්හල මහල් දෙකක පවත්වාගෙන යනවා.

මෙනුපත

මෙහි කෑම විදියට කෙටි කෑම වර්ග,උනු සහ කූල් බීම වර්ග,බේකරි කෑම වගේම චීන ඉන්දියානු සහ දේශීය විදියට කෑම අරගන්න පුලුවන්.ඒ වගේම උහ්ඩේ දිවා රාත්‍රී වරුවලට කෑමා ලබා ගන්න මෙහි ආවොත් හැකියි.ශෝට් ඊට් විදියට පේස්ට්‍රි බනිස් වර්ග,රෝල්ස් ,රෝස් පාන් වගේ කෑම ඉතා නැවුම් මට්ටමින් රස බලන්න අවස්ථාව මෙහි ආවොත් තිබෙනවා.ඒ වගෙම කියන්න ඕනි රෝල්ස් පැටිස් වගේ කෑම වල මැද පිරවුමත් හොඳ රසකින් යුක්තයි.

ප්‍රධාන ආහාර විදියට රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්,බිරියානි වගේ කෑම ඕනි එකක් කන්න ගන්න මෙහි ආවොත් පුලුවන්.ඔබට අවශ්‍ය ප්‍රමානයට මෙහි සේවකයෙක් ලවා කෑම බෙදාගන්නට පුලුවන්.මස් මාලු වෙජි විදියට කෑමති විදියකින් රයිස් ඇන්ඩ් කරි කන්න ගන්න හොන්ද තැනක් .ඒ වගේම බිරියානි ෆ්‍රයිඩ් රයිස් වල රසේ ලොකු විශේශත්වයක් නොතිබුනත් ශේප් .මිල ගනන් එක්ක සසන්දඩ්දි මේ ගෙවන මිලට සාදාරන කෑම වේලක් මේ අවන්හලෙන් ඔබට ලබා ගන්න පුලුවන්.

සේවාව

New City Food Cabin & Bakery Amparaහි සේවක මහතුන් ගොඩ දෙනෙක් සේවය කරනවා.පෙලක් අය හොඳින් කාර්්‍යශූරව වැඩ කරන බවක් පේනවා.ඒත් ඇතැම් සේකයන් එතරම් උනන්දුවකින් වැඩ කරන බවක් පේන්න නෑ.කොහොම උනත් ඔබට ලැබෙන සේවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න ඉඩ තියනවා.සේවාව ගැන කියන්න තරම් ලොකු දෙයක් නෑ.

මග

මේ අවන්හල හොයගන්න එක අපහසු වැඩක් නෙවෙයි.අම්පාර නගරයෙ ප්‍රධාන බස් නැවතුම් පලට යාබදව පිහිටන ප්‍රධාන ඔරලෝසු කනුව පිහිටන තැනින් ඩී එස් සේනානයක මාවත දිගේ මීටර් 50ක් වගේ දුරක් එනකොට පාරෙන් වම් අත පැත්තේය් මේ අවන්හල පිහිටන්නේ.ඕනි කෙනෙක්ගෙන් ඇහුවොත් මේ අවන්හල ගැන දැනගන්න පුලුවන්.

New City food Cabin එක පවත්වාගෙන යන්නේ ෆැමිලි රෙස්ටරන්ට් එකක් විද්යට.ඉතින් කොයි කාට්ත් මෙහි ආවොත් රසවත් කෑම වේලක් අඩු මිලකට ලබාගන්න පුලුවන්.ඔවුන් උදේ 7 ඉඳන් රාත්‍රී නවය පමන වෙකන් විවුර්ථයි.ඔබත් අම්පාර පැත්තේ සංචාරයකට ආවොත් මේ අවන්හලටත් ගොඩ වෙලාම යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *