කන්න බොන්න කලින් එන්න

Nero Kitchen Trincomalee දර පෝරනුවේ පුච්චපු නියම ඉතාලියානු පීසා කඩේ ත්‍රීකුනාමලේ නීරෝ කිචන්

banner

නීරෝ කිචන් අවන්හල පිහිටන්නේ ත්‍රිකුනාමලේ නගරය කිට්‍ටුවෙන්.ගොඩ දෙනෙක් විවේකය ගත කරන්න නැගෙනහිර පලාත ‍තෝරාගන්නවා.ඉතින් එහේ ගිහින් කටට රසට පීසා එකක් කන්න තැනක් හොයාගන්න එක ටිකක් වෙහෙසකර කටයුත්තක්.මොකද හැමතැනම පීසා අවන්හල් නැති හංදා.කොහොම උනත් මේ ත්‍රීකුනාමලයේ පිහිටි නීරෝ කිචන් එක ඔබට රසවත් ඉතාලියානු පීසා ලබාදෙනවා.මේ පීසා දැවයෙන් පිලිස්සුනු පීසා.

වටපිටාව

nero3

මෙහි ඉදිරිපස වාහන නවත්වන්න වෙනම පාකිං නැතත් පාරේ අයිනකට කරලා වාහනයක් නවත්තගන්න පුලුවනි.මොකද එතර්ම් මේ අවට කාර්‍ය බහුල නෑ.අවන්හලේ ඉදිරියේ රතු පැහැ බෝඩ් එකක ලස්සනට ඔවුන්ගේ නාමය ලියලා තියනවා..මෙහි වහල පොල් අතු වලින් අතුරලා.ඉදිරියත් පොල් අතු රටාවකින් ලස්සන් කරලා.ඇතුලත මේස පු‍ටු ටිකක් ඇහිරෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ.ඒ උනත් මේ ලී පු‍ටු සහ මේස සැප පහසුයි.මෙහි පීසා උදුනේ පීසා සැදෙන හැටිත් අවන්හල ඇතුලේ ඉඳන් ඔබට දැක බලාගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

nero1

මෙතන මූලිකවම ආහර විදියට දැවයෙන් පිලිස්සුව පීස පලතුරු බීම සහ Creps වර්ග කන්න ගන්න පුලුනි.සියලුම පීසා වර්ග 800 ත් 1500 ත් අත මිලක් තමයි වෙන්නේ.ඔබ කැමති විදියකට මෙහි ආවොත් උඩ පිරවුම සකස් කරගන්න පුලුවනි.චීස් විදියට මොස‍රැල්ල ඇතුලු තවත් චීස් වර්ග ගනන්කින් කැමති එකක් එක්ක පිරවුම 200යි.එහෙම නැත්නම් ඔවුන් සතු එලවලුවක් එක්ක පිරවුම 100යි..චිකන් බේකස් මාලු වගේ මස් වර්ගයක් උඩු පිරවුමට ඌනි නම් 180ක් වගේ මිලකට ඔබා ඒවා කෑමට ගන්න පුලුවන්.

nero2
මේ පීසා කුඩා සහ ලොකු ප්‍රමාන දෙකකින් ගන්න පුලුවනි.කොහොම උනත් ප්‍රමාන දෙක අතර ලොකු වෙනසක් නම් අපිට දකින්න නෑ.රස අතින් මේ පීසා එක ඉතම රසවත් කියන්න පුලුවන්.නියම දැවයෙන් තැනූ ඉතාලි පීස එකක රසය නොවෙනස් ව අත්දකින්න මේ පීස රසය සමත් කරවනවා කිව්වොත් හරි.කොහොම උනත් මෙහි ලැබෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගැන නම් එතරම් හොඳක් කියන්න බෑ.අපි ආහරයට ගත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නැවුම් ගතියකින් තිබ්බේ නෑ.

බීමට යමක් ඔබ මෙහි ඇවිත් බලනවා නම් ඔවුන්ගේ මිල්ක් ශේක් එක ඉතා රසවත්.කොහොම උනත් ඔවුන්ගේ මෙනු පතේ සඳහන් සියලු ජූස් වර්ග නම් මෙහිදි ඔබට ගන්න ඔවුන් සතුව නෑ.Crepesත් එහෙම තමයි

සේවාව

මෙහි සේවාව ඉතා ඉහල මට්ටමේ එකක්.අපි ගිය දවසේ මෙහි සේවකයන් තුන් දෙනෙක් සේවයේ නියුතු වෙලා හිටියා.ඔවුන් වෙලාවට කෑම එක මේසයට අරන් ආවා.ඔවුන් ඉතා සුහදශීලී අය.ඔබ ආහර ගන්න අතරමැදත් ඇවිත් අසාවි ඔබගේ අඩුපාඩු කොහොමද කියලා.මෙහි අයිතිකරු දකුනු අප්‍රිකානු ජාතිකයෙක්.ඔහුත් ගොඩක් වෙලාවට මේ අව්න්හලෙ ඉන්නවා.කොහොම උනත් මෙහි ඇති වොශ් රූම් නම් තව ටිකක් පිරිසිදු උආ නම් හොඳයි කියල හිතෙනවා.

මග

මේ අවහල තියෙන්නේ නිලාවේලි පාරේ.ත්‍රිකුනාමලේ ඉඳ නිලාවේලි පැත්තට යනකොට කිලෝ මීටර් 4ක දුරින් පාරෙන් වම් පැත්තේ තමයි මෙය පිහිටන්නේ.

මෙතන් දුරකතන අංකය වෙන්නේ 0765301318 .ඔවුන් උදේ 11 ඉඳ සවස 3 දක්වාත් සවස 5 ඉඳන් රාත්‍රී 10 දක්වාත් විවුර්ථයි.ඔබත් ත්‍රිකුනාමලේ සංචාරයකට ආවොත් Nero Kitchen Trincomalee එක පැත්තේත් ඇවිත් දැවයෙන් පිලිස්සුව රසවත් පීස එකක් කාල යන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *