කන්න බොන්න කලින් එන්න

Neluma Restaurant Malabe – මාලු පිනි 20කට වැඩියෙන් ‍තෝරන් ගෙදර හැදුවා වගේ කන්න එන්න මාලඹේ නෙලුම අවන්හලට

banner

අපේ අද රස නවාතැන වෙන්නේ මාලඹේ නගරයට කිට්‍ටුවෙන් පිහිටි බත් කඩයක් ගැන.මේ අවන්හල නමින් නෙලුම අවන්හල.අතේ ඇති මිලට රසවත්ව ගමේ විදියට කන්න යන්න හොඳ තැනක් විදියට මේ නෙලුම අවන්හල හදුන්වන්න පුලුවනි.මේ අවන්හලට ඔබ කැමකට ආවොත් ‍තෝරගන්න මාලු පිනි වර්ග 20කට එහා තියනවා.ඒක තමයි මේ අවන්හලේ තියෙන විශේශත්වය වෙන්නේ.

වටපිටාව

neluma

මේ අවන්හල ඉදිරිපස සැලකිය යුතු තරමේ වාහන නවත්වන්න පුලුවන් වටපිටාවක් තියනවා.පිටින් බලනකොට පොල් අතු වලින් සෙවිලි කල වහලයක සහිතවයි මේ අවන්හල දිස් වෙන්නේ.නෙලුම අවන්හලේ ලාංචනයත් නිර්මානාත්මක එකක්,අවන්හල ඇතුලට ගියොත් මේ අවන්හල ඇතුලත උනත් පිලිවෙලට පවත්වාගෙන යන බවක් පේන්න තියනවා.මාලු පිනි තියන තැන මැටි හට්ටිවලට පොල් අත් පියස්සක් යටට වෙන්නට සකස් කරලයි තියෙන්නේ.කැම එකේ මෙනු එක අවන්හලේ කලු ලෑල්ලක දිනපතා ඔවුන් වෙනස් කරනවා.මෙහි ඇවිත් ඉඳගන්නට ලී බංකු සකස් කරලා තියෙන්නේ.බිම ටයිල් කරලා වගෙම බිත්ති වල ලා දුඹුරු පැහැය අවන්හලට ගැමි ගතියක් අරන් එනවා.පොඩ්ඩක් විතර අවන්හල ඇත්ලේ අඳුරු ගතියක් නම් තියනවා.ඒත් විදුලි පහන් වලින් ඒ අඳුරු ගතිය අවම කරලා තියනවා.

neluma123

මෙනුපත

මෙහි එලවලු වැන්ජන තුනක් එක්ක බිත්තර මිරිස් මාලු කිරි මාලු ඇඹුල් තියල් බත්,කුකුල් මස් කකුලුවෝ ඌරු මස් ඉස්සෝ දැල්ලෝ කරවල එලුමස් මේ ඕනි එකක් කන්න ගන්න පුලුවනි.මිල ගනන් 120 -250 අතර තමයි වෙනස් වෙන්නේ.බත් විදියට රතු කැකුලු හරි සුදු කැකුලු හරි නත්නම් සම්බා බත් ගන්න පුලුවනි.දිනපතා මාලු පිනි අතරට පොලොස් ඇඹුලක් කොල මැල්ලුමක් අල කිරි හොද්දක්,අඹ මාලුවක්,ඇඹ‍රැල්ලා මාලුවක් වගේ ගමේ කැම වලින් අඩුවක් නම් නෑ.

neluma2

රස ගැන කතා කරද්දි ඉතා හොඳ රසයක් මේ මෙනු එකේ තියනවා.නැවුම් විදියට තිතට ලුනු රසයට කන්න ගන්න පුලුවනි.ඒ වගෙම මේ කැම වලට එකත් කරන කුලුබඩු හොඳ මට්ටැම ඒවා කියලා කැම රසයෙන් දැනෙනවා.කෑම පොඩ්ඩක් විතර සැර ගතියක් තිබුනත් ඒක අවුලක් නොවෙන තරමේ එකක්.

neluma45

කොහොම උනත් මේ කැම පතට හොඳ බත් පෝශන් එකක් හම්බුනත් ලැබෙන මාලු පිනි වල ප්‍රමානේ නම් පොඩි අඩුවක් දැනෙනවා.සම්පූර්න බත් පතම කන්න පොඩ්ඩක් මදියි වගේ එකක් මේ කැම එකේ තියනවා.ඒක තමා පොඩි අඩුපාඩුවකට තියෙන්නේ.

සේවාව

මෙහි එහෙම සේවාව ගැන කියන්න ලොකු දෙයක් නම් නෑ.වැඩ කරන අය මෙහි යන එයත් එක්ක ලොකු කිට්‍ටුවකින් කටයුතු කරන්නේ නෑ.ඔවුන් කේටරින් කටයුතුත් කරන බව දැනගන්නට ලැබුනා.ඒ වගේම මෙහි කුඩා සාද සඳහාද මෙහි පහසුකම් සපයනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ මාලබේ නගරයේ ඉඳන් කඩුවෙල පැත්තට මීටර් සීයක් විතර ඉස්සරහට එනකොට .හරියටම කිව්වොත් සුපුල් කලෙක්ශන් එකට පිටිපස්සේ.හොයාගන්න එක නම් ඒ තරම් ආමාරුවක් නෑ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0117305503.ගොඩ දෙනෙක් අඩු මිලට ගුනවත් කෑම වේලක් කන්න මේ අවන්හලට පැමිනෙනවා.ඔබත් මාලබේ නගරය පැත්තේ ඇවිත් දිවා ආහාරය ගන්න හොඳ තැනක් හොයනවා නම් Neluma Restaurant එක පැත්තේ ඇවිත් කාලා යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *