කන්න බොන්න කලින් එන්න

My Burger Nugegoda – අතේ ඇති මිලට රසවත් බර්ගර් එකක් කන්න නුගේගොඩ මයි බර්ගර්

banner

අද අපි කියන්න යන්නේ නුගේගොඩ නගරය සමීපයේ පිහිටි බර්ගර් ජොයින්ට් එකක් ගැන විස්තර.මේ අවන්හල නමින් මයි බර්ගර්.ප්‍රමානයෙන් කුඩා අවන්හලක් තමයි මයි බර්ගර් කියන්නේ.අනෙක් බර්ගර් අවන්හල් සමග සසඳා බලන කොට මේ අවන්හලෙන් බර්ගර් එකක් කනවා නම් පොකට් එකට පහසුයි.

වටපිටාව

myburger2

අපි කලිනුත් කිව්වා වගේ මේ තැන ටිකක් කුඩායි.හයිලෙවෙල් පාර ආසන්නයේම තමයි මයි බර්ගර් අවන්හල පිහිටන්නේ.මෙතන පාකිං පහසුකම නම් නෑ..ඇතුලත එතරම් පිරිසිදු බවක් නෑ.ටිකක් විතර දූවිලි ගතියක් තියනවා මොකද පාර ආසන්නයේම නිසා.මෙතන ඇත්ලත මේස ත්නක් වගේ තියලා තියෙන්නේ.ඒ නිසා වැඩි ගොඩකට එකට ඉඳන් කෑම් කන්න නම් බෑ.රාත්‍රියට මෙහි ඇත්ලත ලොකු එලියක් නම් නෑ.හොඳම දේ මෙතනින් කෑම අරන් ගිහින් කන එකයි.මෙහි උයන තැන ඔබට ඩහ්කින්න පුලුවන්.ඒ හංදා කැම වල පිරිසිදු කම ගැන ඔබටම යම් අවබෝදයක් ගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

myburger3

මෙතන බර්ගර් අවන්හලක තිබිය යුත් ආහාර වර්ග හැම එකක් ම පාහේ කන්න ගන්න පුලුවනි.බර්ගර් විදියට ව්ජිටබල් බර්ගර් එකේ ඉඳන් ක්‍රිස්පි චිකන් සබ්මැරීන් දක්වා ආහාර කන්න ගන්න පුලුවන්.බර්ගර් වර්ග 130-320 අතර මිලක් තමයි වෙන්නේ.මෙහි ආවොත් බීෆ් බර්ගර් එක රස බලන්න අමතක කරන්න එපා.එය ඉතාම හොඳ ‍තෝරාගැනීමක් කිඔයන පුලුවන්.ඒකක් මිල 220ක් වෙනවා.රයිස් එකක් කනවා නම් මෙහි ක්‍රිස්පි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක ගොඩ දෙනෙක් අතර ජනප්‍රියයි.ඒකක් රුපියල් 250ක් වෙනවා.මෙහි විශේශත්වය රයිස් එකට හම්බෙන චිකන් එක කේ එෆ් සී චිකන් විදියටයි හදලා තියෙන්නේ.ඒ වගෙම මේ රයිස් වලට ලැබෙන සෝස් එකත් ඉතා රසවත්.ක්‍රිස්පි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකට අමතරව BBQ ෆ්‍රයිඩ් රයිස් එකත් ටිකක් වෙනස් .ඒකක් 280ක් වෙනවා..සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් නම් ටිකක් ගනන්.ඒකක් 470ක් වගේ මිලක් වෙනවා.මෙහි බිරියානි ෆුල් එකක් 400ක් වෙනවා.එහි ප්‍රමානය දෙන්නෙක්ට හොඳටම ඇති කියන්න පුලුවනි.Fried rice එක වගෙම BBQ බිරියානියකුත් ඔවුන්ගේ මෙනු එකේ ඇතුලත්.ඒකක් 410ක් වගේ මිලක් වෙනවා..

myburger5

මීට අමතරව චීස් පරාට ලසන්යා වර්ගත් ඔවුන්ගේ මෙනු එකේ ඇතුලත්.හොඳට ක්‍රීමි චීස් රහට කොත්තුවක් කන්නත් මෙතන අනර්ගයි කියන්න පුලුවනි.චිකන් චීස් කොත්තුව 380ක්. ගෙවන මිලට ඉතාම සාදාරනයි.රසත් ඉස්තරම් කියන්න පුලුවනි.උනු උනුවෙම කන්න පුලුවන් නම් චීස් කොත්තුව හොඳම ‍තෝරාගැනීමක්.

බීම විදියට අයිස් මයිලෝ එකක් හොඳයි කියලා අපිට කියන්න පුලුවන්.ඒකක් 110ක් වෙනවා.ඒ වගේම තවත් බොහොමයක් සොෆ්ට් ඩ්‍රින්ක්ස් මෙහි බොන්න ගන්න පුලුවනි.

සේවාව

මේ කැම එවෙලේයි ඔවුන් සාදන්නේ.කාර්‍ය බහුල වෙලාවන්ට නම් මෙතන කැම ලැබෙන කන් ටිකක් වෙලා බලාගෙන්න ඉන්න සිදුවේවි.නැත්නම් අනික් වෙලාවට අවුලක් නෑ.හොඳම දේ මෙතනින් කැම අරන් ගිහින් කන එකයි.සේවාව ගැන කියන්න තරම් ලොකු විශේශත්වයක් නම් නෑ

මග

මෙතන්ට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් නුගේගොඩ නගරය පහු කරලා හෝල්ට් දෙකක් විතර එන්න ඕනි.හතේ කනුව කියලයි මේ හරියට කියන්නේ.නුගේගොඩ නගරයේ ඉඳන් හරියටම මීටර් 650ක් විතර මහරගම පැත්තට එන්න ඌනි.පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

myburger4

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 011 3081071. ඔවුන් උදේ දහයේ ඉඳන් රාත්‍රී 10 වෙනකන් විවුර්ථයි.ඔබටත් සාක්කුවට ගැලපෙන මිලකට බර්ගර් එකක් කන්න හිතුනොත් ඇවිත් යන්න My burger Nugegoda.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *