කන්න බොන්න කලින් එන්න

Mlesna Tea Fortress – Kandy රසවත් සිලෝන් ටී තේ කෝප්පයක් නියම රස බලන්න ම්ලෙස්නා ටී ෆෝට්‍රට්ස්

banner

ලංකාව යටත් විජිත කාලයේ සිටම තේ වලට ප්‍රසිද්ධ රටක්.ගොඩ දෙනෙක් තවමත් ලංකාව දන්නේ සිලෝන් ටී කියන නාමය නිසයි.ඒ සිලෝන් ටී නාමය ලෝකය පුරා ගෙනයන්න වර්ථමානයේත් ලාංකීය තේ අපනයන කරන අය කටයුතු කරනවා. ඒ අතරින් ම්ලෙස්නා තේ සමාගම ප්‍රධානයි. අද අපි කියන යන්නේ ඔවුන් දෙස් විදෙස් අයට රසවත් සිලෝන් ටී තේ කෝප්පයක් නියම රස බෙදා දෙන්න ආරම්භ කල ම්ලෙස්නා ටී ෆෝට්‍රට්ස් එක ගැන .

teafortress4

වටපිටාව

නමේ හැටියටම මේ තැනත් බලකො‍ටුවක් වගේ.තේ පානය සඳහාම වෙන් උනු බලකො‍ටුවක්.මෙහි ගොඩ නැගිල්ල අනර්ග නිර්මානයක්.විශාලිත ගල් බිත්ති වලින් නිර්මිත මෙහි ලන්දේසි බලකො‍ටුවක ස්වරූපය ඉස්මතු කරනවා.ඇතුල් වන තැන පිහිටන සඳකඩ පහනක අනුරුව ලාංකික ඉපැරනි ඉතිහාසය සිහිකරවනවා.ඉදිරිපසින් ඇති පාම් ගස් සහ විශාල බොයිලේරුව වෙනස්ම අත්දැකීමට ඔබව ‍රැගෙන යාමට සැරසෙන බව මැනවින් දනවනවා..

මෙහි ඇතුලත සැකැස්මත් ඉස්තරම්.එහි ඇතුලත යම් කතාවක් කියන්නට වාගේ සකස් කර තියනවා.ඔබට තේ මිලට ගන්නවා නම් මෙහි පහල මාලයේ වෙනම තැනක් තිබෙනවා.අහසට විවර වන වෙනම කොටසක මෙහි හිඳම උනත් තේ පානය කරන්න පුලුවන්.තේ කොලයක පාටින් හැඩ උනු සාරියකින් සැරසුනු ලඳුන් මෙතනට තවත් අති අලංකාරයක් ගේනවා.

ඒ වගේමයි තේ හා සම්බන්ද උපකරනත් බලාගන්න පුලුවන් ඇතුලත. කොන් දෙකකට වන්නට පිහිටි බොයිලේරු සහ උඩු මහලට යන තැන බිත්තියේ ඇති ලංකාවේ පලමු තේ වත්ත වන දෙමෝදර පින්තූර තේ බලකො‍ටුවට තවත් අගයක් එක් කරනවා.

මෙහි පලමු මහලේ 60කට පමන තේ රස විඳින්න පුලුවන් වෙන විදියට නිර්මානය වෙලා තියනවා.ඉහල මාලයේ මේස පු‍ටු සැකැස්මත් වෙනස්.එක මේස පු‍ටු සහිත කොටසක් දැවමය තිරයකින් වෙන් කරන්නේ. එහි ත් ඇඳි සිතුවම් තේ සම්බන්ද යමකින් චිත්‍ර ගැන්විලා..ගම් මුලාදෑනියෙක් තේ කෝප්පයකින් දවස අරඹන චායාරූපයක්,‍රැජින ගේ තේ මේසය ,තේ දලු නෙලන කාන්තාවන්ගේ රූප වලින් සිතුවම් සමන්විතයි.පහලට ඇද හැලෙන දිය ඇල්ලේ හඬ ත් එක්ක සීතල මහනුවර රසවත් උනු උනු තේ කෝප්පයකින් ගත උනුසුම් කරගන්න මෙහි වට පිටාව ඉස්තරම්.

teafortress1

බඩජාරි මෙනුපත

මෙහි වටපිටාව වගේම මෙනු එකත් සිත් ඇදගන්නා සුලුයි.මෙහි ඔබට යුරෝපීය සහ දේශීය විදියට ආහාර ගන්න පුලුවන්.ඒ වගේම කෙටි ආහාර වර්ගත් ගන්න පුලුවන්.විවිද සුප් වර්ග සැලඩ්,ස්පැගටි සහ බැදපු මස් වර්ග තම්බාපු එලවලුත් එක්ක උදෑසන ආහාරයට ගන්න පුලුවන්.ඔබට අවශ්‍ය නම් සෙට් මෙනු විදියට ඉංග්‍රීසි ක්‍රමයට හරි දේශීය විදියට හරි ආහාර ගන්නත් පුලුවන්.කැම වර්ග වලට මෙනු එක ටිකක් සීමාකාරී උනත් තේ වර්ග නම් විවිදාකාරයෙන් මෙහි තිබෙනවා..

teafortress5

තේ මෙනු එක ඉතාම නිර්මානශීලී. අයිස් ක්‍රීම් දාපු තේකක් බීලා තියනවද කවදාවත්. උත්තරය නෑ නම් උත්සහ කරලා බලන්න. එය නම් අනර්ගයි. තේ රසය ඉස්තරම්.විවිදාකාර නම් වලින් යුක්තව ඔවුන් තේ සාදා දේවී.නියමිත උනුසුමට නියමිත කාලයට තැම්බුනු තේ කොල වලට සෑදුනු ඉමිහිරි තේකක් බොනවා නම් කියාපුම තැන ටී ෆෝට්‍රස් එක.එහි වැනිලා තේ ස්ට්‍රෝබෙරි තේ පිච්ච තේ දෙහි සාරය සහිත තේ වගේ විවිද වර්ගයෙන් තේ බොන්න වගේම මිලට ගන්නත් පහසුකම් සපයනවා.

‍රැගෙන යනවා නම් ම්ලෙස්නා බ්‍රැන්ඩ් එකත් එක්ක පොලිශ් කල ලී පෙට්ටි වල පෝසිලෝන් පීරිසි කෝප්ප ආකාරයට විවිද වර්ගයෙන් තේ මිලට ගන්න පුලුවන්.සියලු දේ පිරිසිදු ලාංකීය තේ වල ඉස්තරම් රසයෙන් හම්බෙනවා.

teafortress3

මෙතන උදේක ආහාර ගන්නවා නම් ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් එක හොඳයි Fruit Platter එකක් සෞසේජස් ,බිත්තර ඔම්ලට් එකක් වැෆල් එකක් bread rolls ගොඩක් එක්ක බේක් කල කේක් සහ ප්‍රනීත තේ වීදුරුවක් ඔබට ලැබෙනවා.. ගනන් නම් ටිකක් වැඩියි.ටිකක් කිව්වට ගොඩක් ම වැඩියි. ඒත් එක් වරක් හරි උත්සහ කරන්න හොඳයි.

මෙහි දිවා ආහාරය ගන්නව නම් ගොඩාක් දේශීය අහාර වර්ග බත් එක්ක ගන්න පුලුවන්.චට්නි වර්ග එලවලු ගමේ කෑම වර්ග . ඒ වගේම ඉංග්‍රීසි තාලෙට ආහාර වර්ගත් මෙතන තිබෙනවා..ඒ වගෙමයි ෆ්‍රයිඩ් රයිස් උනත් දවල්ට මෙහි ගන්න පුලුවන්. රස අවුලක් නෑ. නියම දේශීය ආහාර වේලක් උත්සහ කරනවනම් වඩා හොඳයි.

teafortress6

සේවාව

මෙහි සේවයට වැඩිපුර ඉන්නේ කාන්තාවන්.ඔවුන් ඉක්මන්. වැඩි කලබලයක් නැති හඳා ඉක්මනට කෑම බීම ගන්න පුලුවන්. ඔවුන් ඉතාම සුහදශීලී.හොඳින් කතා බහ කරලා අපට අව්ශ්‍ය දේ ඉක්මනින් මේසයට ගෙනත් දෙනවා.
මෙහි පිටත හොඳ කාර් පාක් එකකුත් තියනවා. ඒ ගැන වද වෙන්න දෙයකුත් නෑ.හොඳ සේවාවක් හම්බවෙනවා වගේම තේ පිලිබඳව අමතර දැනුමක් මෙහි සේවකයන්ගෙන් ඉගෙන ගන්නත් ඔබට පුලුවන් වේවි.

මග.

මෙතන් තැන හරියටම කිව්වොත් කිරිබත්කුඹුර. කොලඹ පැත්තේ ඉඳන් එනව නම් පිලිමතලාවත් ත් පේරාදෙනියත් අතර තමයි ටී ෆෝට්‍රස් එක පිහිටන්නේ.පිලිමතලාවේ ඉඳන් කිලෝමීටර් තුනක් විතර නුවර පැත්තට එනකොට පාරෙන් දකුනු අත පැත්තේ හොඳින් පේන්න තියෙනවා. හොයා ගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි.

ඔයාලත් නුවර යන ගමන් රසට තේකක් බොන්න හිතුනොත් ඇවිත් තේකක් බොන්න වගේම ආහාර වේලක් ගන්නත් හොඳ තැනක් තමයි ටී ෆෝට්‍රස් එක. පොකට් එක ගැන නම් ටිකක් අවදානෙන් යන්න. උදේට දෙන්නෙක්ට කන්න 3000ක් වගේ වියදමක් උනොත් පුදුම වෙන්න දෙයක් නෑ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *