කන්න බොන්න කලින් එන්න

Meat Locker – Nugegoda ( මීට් ලොකර් )

banner

නුගේගොඩ නගරයේ සාක්කුවට ගැලපෙන මුදලට සරිලන්න බර්ගර් එකක් කන්න හිතුනොත් එන්න වටිනම තැනක් තමයි මීට් ලොකර් කියන්නේ.. කඩේ ඉඩ කඩ නම් ටිකයි. ඒත් කැම වල නම් රසේ කිසි අඩුවක් නෑ. පවුලක් කරගෙන යන කඩයක් තමයි මීට් ලොකර් කියන්නේ.

බඩජාරි මෙනුපත

meet-locker23

මේකේ හොඳටම නැගල යන්නේ චිකන් බර්ගර් එක.. හොඳ හැටි මස් පිරුනු බර්ගර් එකක් රුපිය එකසිය අසූවයි.. ඇත්තටම බඩ පිරෙන්න ඒ ඇති..වෙජිටේන්රියන් අයට වෙජි බර්ගර් එකත් වරදක් කියන්න බෑ.. ඇත්තටම රසයි.මීට් ලොකර් ඇවිත් රස බලන්න තවත් කියාපු කෑමක් තමයි සවර්මා එක.. රෝටියකින් වටේට ඔතපු මැද මස් පිරවුම රස නහර පිනා යනවා..චිකන් සවර්ම එකක් 200යි වෙන්නේ.චිකන් සබ්මැරීම් එකක් 150යි .ඒ වගේම කොත්තුවක මිල රුපියල් දෙසිය පනහක්. ඒ මිලට රස උපරිමයි, චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 200යි. ඒකේ නම් ඒ තරම් ලොකු වෙනසක් නෑ. ගනන් සාධරනයි..කාල ඉවර වෙලා ෆෘට් ජුස්ස් ෆලූඩා එකකටත් බඩේ ඉඩ තියනවා නම් මීට් ලොකර් ඒ අවශ්‍යතාවයත් සලසනවා.පලතුරු බීම 100 ඉඳන්. ගෙවන මුදලට සරිලන්න කෑම හම්බෙනවා කියන්න පුලුවන්.ඔබට රුපියල් 400ක් වෙන් කලොත් බඩ පැලෙන්න කන්න පුලුවන් ඔබ හොඳම බඩජාරියෙක් නම්.

වටපිටාව

meet-locker2

තැන ඉතාමත් කුඩායි. මේස පු‍ටුත් කඩේ තරමටම කුඩායි.පාකිං කියල ඔබට වෙනම තැනක් ඇත්තෙත් නෑ.. මෙතනින් කැම අරන් ගිහින් කනවා නම් හොඳයි. ඉඩක් නැතුවාම නෙවෙයි.. ඒත් නිදහස පොඩ්ඩක් සීමා වෙලා තියෙන්නේ..අපි රොකමදෝරු කරන්නේ නම් කෑම් අරන් ගිහින් කන්න.

සේවාව.

මීට් ලොකර් එකේ සේවාව හොඳ මට්ටමේ එකක්.මුලින්ම අපි කිව්වනේ පවුලක් විසින් පවත්වා ගෙන යන කඩයක් කියලා. ඇත්තටම ඔවුන් සුහදශීලි.. ඔබ බර්ගර් එකක් ඇනවුම් කලොත් සමහරක් වෙලාවට ඒක ලැබෙන්න විනාඩි 25ක් වෙන්නත් පුලුවන්.. හදිසියට බඩජරියෙක් ආවොත් නම් ඉක්මනට බඩ පුරවගන්න නම් මෙතනින් ලැබෙන් නෑ.

ගමන් මග

නුගේගොඩ නගරයේ ඉඳන් ජුබිලි කනුව නැත්නම් කෝට්ටේ පැත්තට එනවා නම් කලර් ලයිට් එහෙම පහු කාලම තියනවා තුන් මන් හංඳිය.. ඒකෙන් තමයි ජුබිලි කනුවයි පිටකෝට්ටේ පාරයි වෙන් වෙන්නේ..අන්න ඒ හංඳියෙ මයි මීට් ලොකර් එක තියෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *