කන්න බොන්න කලින් එන්න

Mama’s Restaurant- Kirinda පුන්චි පහේ කඩේකින් රසවත් දිවා ආහාරවේලක් කිරින්දේ මමාස් බුෆේ

banner

අපි අද කියන්න යන අවන්හල පිහිටන්නේ කිරින්ද ප්‍රදේශයේ.කිසිම සුපිරි පන්නයේ බවක් නැති පෙනුමටත් ඒ තරම ගතියක් නැති අවන්හ්ලක් උනත් මේ අවන්හලේ කෑම ටික විතරක් ගත්තොත් සුපිරි මට්ටමේ රසම රස කෑම වෙලක් කන්න යන්න පුලුවන් තැනක් ගැන තමයි අපි අද කියන්න යන්නේ .මේ අවන්හල මමාස් අවන්හල.මමාස් අවන්හල කියලා තිබුනත් හක්මන බුෆේ කියලත් මේ අවන්හල හඳුන්වනවා.අපි අද කියන්න යන්නේ මේ අවන්හල ගැන විස්තර

වටපිටාව

mamas

මේ අවන්හල පිහිටන්නේ කිරින්ද පංසල පෙනෙන මානයේ.පෝය දවසකට හැරෙන්න මේ අවන්හල අවට කිසි තදබදයක් නෑ.ඉතින් අවන්හල කිට්‍ටුවෙන් තියන තැනක ඔබ වාහනයකින් මෙතනට එනවා නම් ඔබේ වාහනේ පාක් කරන්න පුලුවනි.මේ අවන්හල සිල්ලර කඩයකුත් එක්ක තමයි කරගෙන යන්නේ ඇතුලත ඒ තරම් පිරිසිදු බවක් නම් දකින්න නෑ.මැටි හට්ටි වල බුෆේ එකක් විදියට ආහාර පිලිගන්වලා තියනවා.ඔබට මෙහි ආවොත් ආහාර ගන්න වෙන්නේ දිග බංකුවක් මත ඉඳගෙන.වහලයට ඇස්බැස්ටෝස් දාලා නිසා මේ පැත්තට තියන සැර අව්වත් එක්ක අවන්හල ඇතුලත ටිකක් රස්නෙයි.

බඩජාරි මෙනුපත

mamas2

මෙතනට දිවා වරුවකට කෑමට එනවා නම් කන්න තියන හොඳම සහ එකම කෑම තමයි ඔවුන්ගේ බුෆේ එක.දේශීය මාලු පිනි පහක් හයක් එක්ක බත් වේලක් ඉතා අනර්ග රසයකින් කන්න ගන්න මෙතනට ආවොත් පුලුවනි.මේ අවන්හලේ අන් කිසිවක් ඒ තරම් හොඳ මට්ටමේ නොතිබුනත් මේ බුෆේ කෑම ඉතාම රසවත්.මේ කෑම ගෙදර පිලිවෙල කලා වගේ ලුනු ඇඹුල් තිතට තියෙනවා.ඇත්තටම කිව්වොත් මේ කෑම වේල සුපිරි ගමේ කෑම වේලක්.

අපිට දැනගන්න ලැබුනා සිකුරාදා දවසට රයිස් වැව් මාලුත් එක්ක කන්න තියෙන බවත්.කොහොම උනත් ඒ මෙනු එකත් ටිකක් විතර වෙනස් .මොකද අපි වැඩිය රයිස් වැව් මාලුත් එක්ක කාලා නැති නිසා.මේ අවන්හල අපි කිව්ව වගේ සිල්ලර බඩු කඩයක් එක්ක කරගෙන යන්නේ.ඉතින් උදේ වරුවට බනිස් රෝස් පාන් පාන් වගේ ඒවත් ඔබට ඕනි නම් ප්ලේන්ටියක් කිරි එකක් උනත් අරගන්න පුලුව්නෛ.

සේවාව

mamas3

මෙහි වැඩකරන්නේ මේ අවන්හල කරගෙන යන කාන්තාවමයි.එයත් එක්ක ඇයගේ පියාත් මෙහි ඉන්නවා.මැය අතින් තමයි මේ රසට කෑම හැදෙන්නේ.ඉතින් ඇය නිතර සිනා පිරි මුහුනින් තමයි ඉන්නේ.වටපිටාව ගැන වගේම මේ කෑම ගැනත් ඔබ ඇය සමග පුන්චි කතා බහකට මුල පිරුවොත් දැනගන්න පුලුවනි.

මග

මේ අවන්හල පිහිටන්නේ කිරිඳ පන්සල පෙනෙන මානයේ .කතරගම තිස්සමහාරාම පාරේ එනකොට කිරින්ද පංසලට ඇත්ලුවෙන්න තියන පලමු පාර මග ඇරලා දෙවෙනි පාර දිහාට එනකොට පාරෙන් වම් අතට හැරෙනවත් එක්කම තියන කඩ පේලියේ පලමු අවන්හල තමයි මේ Mama’s Restaurant අවන්හල.

මෙතන අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0778649475.ලිපිනය නොම්බර 8,කිරින්ද තිස්ස.ඔබත් කිරින්ද පංසල බලන්න ආවොත් හරි මේ හරහා කතරගම පැත්තට යනවා නම් දිවා වරුවක රසවත් ආහාර වේලක රස බලන්න මමාස් අවන්හලට ගොඩ වෙන්න අමතක කර්නන එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *