කන්න බොන්න කලින් එන්න

Maharagama Rath kakulu Bath kade -Nugegoda පහසු මිලට ගමේ රසට නුගේගොඩ නගරයේ පිහිටි මහරගම රතු කැකුලු බත් කඩේ

banner

කොයි තරම් සුපිරි කෑම තියන නවීන පන්නයේ ආහාර අවන්හල තිබුනත් ගමේ විදියට කන්න ගන්න පුලුවන් බත් කඩ වලට ගොඩක් අය යන්න කෑමතියි.ඒ විදියට ආහාර සපයන තැන් ගොඩක් අගනුවර පිහිටලා තියනවා.අද අපි කියන්න යන්නේ නුගේගොඩ නගරයේ පිහිටි බත් කඩයක් ගැන තොරතුරු.මේ අවන්හල නමින් මහරගම රතු කැකුලු බත් කඩේ..ඒත් පිහිටන්නේ නම් නුගේගොඩ නගරයේ.

වටපිටාව.

bathkade1
මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ නගර මැද.නගරයේ මැද පාරෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්නට පිහිටි මේ අවන්හල ටිකක් හැන්ගිලා වගේ තියෙන්නේ.කොහොම උනත් නුගේගොඩ නගරයේ සුපර්මාකට් එක ගාව තියන කලර් ලයිට් එකේ ඉඳන් කෝට්ටේ පැත්තට තියන පාරේ එනකොට ටිකක් උඩට වෙන්න මහරගම බත් කඩේ කියන බෝඩ් එක ඕනි කෙනෙක්ට හොඳින් පේන විදියට සවි කරලා තියෙනවා.ඇතුලත නම් ගොඩක් පොඩියි.කන්න තියෙන්නේ පුන්චි බිත්තියට සවි කල මේස ලෑල්ලක් උඩ තියාගෙන.ඒක උඩ තියාගෙන කන එක නම් ටිකක් අමාරු වැඩක්.ඒ පිගානේ ප්‍රමානෙටම ඇති.රතු පාට ස්ටූල් උඩ ඉඳන් තමයි කන තියෙන්නේ.ඇතුලත ෆැන් එකකුත් සවි කරලා තියෙනවා.නගරය මැද තියන නිසා මේ අවන්හල ඇත්ලේ ටිකක් දූවිලි නම් තියෙනවා.

bathkade2

මෙනුපත

මෙතන කඩේ නමට රත් කැකුලු බත් කඩේ කියලා තිබුනාට රතු කැකුලු වගේම සුදු කැකුලුත් කන්න ගන්න පුලුවනි.උදේට කන්න එනවා නම් මාලු කෑම එකක් වෙන්නේ රුපියල් හැටක්.ඔබට උදේ වරුවට රතු කැකුලු හරි සුද් කැකුලු බත් එක්ක අල තෙල් බැදුමක්,පරිප්පු හොදි,මාලු ඇඹුල් තියල් වගේ කෑම්ක් සමගින් පොල් සම්බෝල කන්න ගන්න පුලුවනි.මාලු කෑල්ල නැතුව කනවා නම් මේ කැම එක 50ක් වෙනවා.කෑම හොදට රහට තියෙනවා.පොල්සම්බෝලෙත් එක්ක මේ මෙනු එක ඉතා රසවත් කියන්න පුලුවන්.

bathkade4

දවල් සහ රාත්‍රී කෑම වේලකට මෙතනට එනවා නම් මාලු කෑම එකක් රුපියල් අසූවක් වෙනවා.චිකන් කෑම එකක් 100යි.ගමේ රසට ගමේ විදියට හදාපු මාලු පිනිත් එක්ක බඩ පිරෙන්න කන්න ගන්න පුලුවන් මෙතනට ආවොත්.ඔබ මෙතන ඉඳන් කනවා නම් මදි පාඩුත් බෙදාගෙන කන්න ගන්න පුලුවනි.කෑම උයන වැඩේ නම් මෙතන මොවුන් කරන්නේ නෑ.වෙන කොහේ හරි උයලා තමයි මෙතනට කෑම ගේන්නේ.

සේවාව
මෙතන වැඩට කියලා ඉන්නේ ටිකක් විතර වයස එක්කෙනෙක් විතරයි.ඔහු ඒ තරම්ම ඔබත් එක්ක කතා බහට එන්නේ නැති වේවි.ඒත් ඔහුගේ පාඩුවේ ඔහු ඔබට ඕනි කෑම එක්ක ඉක්මනින් කෑම එක ලබා දේවි.කොහොම උනත් මෙතන වැඩි සෙනගක් ගැවසෙන තැනක් නොවෙයි.ඉතින් ඉක්මනට ඔබට අවශ්‍ය විදියට කැම මිලට ගන්න පුලුවන් වේවි.

මග

මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ සුපර් මාකට් එක අසල පිහිටන කලර් ලයිට් එක ගාවින් කෝට්ටේ පැත්තට තියන පාරේ පලමු බස් නැවතුම් පල අසලමයි එතනට ඇවිත් බැලුවොත් ඇතුලට වෙන්න තියන පුන්චි ඉඩේ තමයි මේ අවන්හල පිහිටන්නේ..පාර අයිනේ වගෙම කඩේ උඩට වෙන්නටත් මහරගම රත් කැකුලු බත් කඩේ කියන බෝඩ් එක නිසා මේ අවන්හල හොයාගන්න එක ඒ තරම් අපහසු වැඩක් නෙවෙයි.

මොවුන් කෑම ඕඩර් භාරගන්නවා කියලා දැනගන්න ලැබුනා,ඔවුන්ගේ දුරකතන අංකය වෙන්නේ 0711068314.නුගේගොඩ නගරයේ ආවොත් සාක්කුවට පහසුවෙන් රසවත් කෑම වේලක් කන්න යන්න Maharagama Rath kakulu Bath kade හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *