කන්න බොන්න කලින් එන්න

Lyon’s Cafe – Kandy නුවර ඇවිත් අමතක නොවෙන රසවත් කෑමකට ලියොන්ස් කැෆේ

banner

ගොඩ දෙනෙක් නුවර නගරයට එන්නේ නිවාඩුවට වෙනස් අත්දැකීමක් ගන්න.නුවර දේශගුනය වගේම බලන්නත් ගොඩක් තැන් තියන නිසා ගොඩ දෙනෙක් නිවාඩු පාඩුවේ නුවර එන්න කැමතියි.එහෙම ඇවිත් රසවත් ආහාර වේලක් ගන්න කියාපු තැනක් ගැන තමයි අද අපි කියන්න යනේ.මේ අවන්හල නමින් ලියෝන්ස්.නුවර ගොඩ දෙනෙක් අතර ගොඩක් ජනප්‍රිය අවන්හලක් විදියට මේ අවන්හල හඳුන්වන්න පුලුවනි.රසවත්ව පාඩුවේ කෑම වේලක් කන්න යන්න හොඳම තැනක් විදියට මේ Lyons Restaurant එක හදුන්වන්න පුලුවන්.

වටපිටාව

lyonsspecial

මේ අවන්හල පිහිටන්නේ නුවර නගර මැද.මේ හරියේ වාහන නිතරම තදබදයක් තියනවා.මේ අවන්හලට වෙනම පාකිං එකකුත් නෑ.ඔබ මෙතන්ට එනවා පාකිං කරන්න තැනක් නම් හොයාගන්න වෙනවා.අවන්හල පාරට කිට්‍ටුවම පිහිටන්නේ.අවන්හල මහල් දෙකකින් යුක්තයි.පහත මාලයේ නම් ගොඩක්ම කලබලය වැඩි.ටිකක් දූවිලි ගතියකුත් තියනවා.මේ අවන්හලට ඇවිත් පාඩුවේ කෑම වේලක් ගන්න නම් ඉතින් උඩු මහලට එන එක තමයි හොඳම.ඇත්තටම මේ අවන්හල දිහාවට පිටින් බැලුවහම නම් ඒ තරම් ගතියක් පේන්න නෑ.ඒත් උඩු මහලට ගියොතින් සුපිරි මට්ටමේ අවන්හලක් වගේ තියනවා.සුදු පැහැ ගැන්වුනු බිත්ති මත එල්ලලා ඇති උඩරට රාජධානියේ සිතුවම් අවන්හලට ඉපැරනි ගතියක් එකතු කරලා තියනවා.අවන්හල ඇතුලත ටිකක් විතර අඳුරුයි.ඒත් ඒක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.ඒ අන්දුර අතරින් සුදු පැහැ විදුලි බුබුලු දල්වලා .මෙහි මේස පු‍ටු ලීයෙන් කරන ලද සැප පහසු ඒවා.හොඳින් ඒ සී එකත් වඩ .ඉහත මාලයේ 40කට වගේ එකට ඉඳගෙන ආහාර ගන්න පුලුවනි.

බඩජාරි මෙනුපත

මේ අවන්හලේ මෙනු එක ටිකක් විතර ලොකු එකක්.සුප් ඇපටයිසර් වර්ග වල ඉඳන් ප්‍රධාන ආහාර මෙනු වගෙම ශෝට් ඊට්ස් සහ ඩෙසර්ට් දක්වා විවිද වර්ගයෙන් කෑම මිලට ගන්න පුලුව්නෛ.මේ මෙනු එක දිගට තිබුනත් මේ හැම කෑම එකක්ම මේ අවන්හලේ ඔබ ඉල්ලන වෙලාවට නැති වෙන්න පුලුවනි.

lyons

කොහොම උනත් මේ අවන්හලේ නිතරම ගන්න පුලුවන් කෑම එක තමයි ලියොන්ස් ස්පෙශල් කියන්නේ.මේ අවන්හලටම ආවේ නික වුනු කෑම වේලක් වගෙම ගොඩ දෙනෙක් මේ අවන්හලට එන්නේ මේ ලියොන්ස් ස්පෙශල් එක කන්න.ඒ අතරමටම මේ අවන්හලේ මේ මෙනු එක ජනප්‍රියයි කියන්න පුලුවනි.රයි එකත් එක්ක බිත්තර ඉස්සෝ දැල්ලෝ ඌරු මස් චිකන් බීෆ් හතු වගේ ගොඩක් කෑම වල එකත්වක් විදියට පිඟාන පිරෙන්න මේ ලියොන්ස් ස්පෙශල් එක හම්බවෙනවා.පෙනුමටත් මේ කෑම එක ඉස්තරම්.විවිද රසයෙන් ඔක්කොම එකත් වෙලා කනකොට රස උපරිමයි.මෙ අකෑම එකට ඔබ අකමැති මස් මාලු වගේ ඒවා තියනවා නම් ඒවා අයින් කරලා කන්න ගන්න පුලුව්නෛ.මේ ආහාර වේල දෙදෙනෙක්ට ඕනි තරම් ඇති.මේ මෙනු එක රුපියල් 750ක් වගේ මිලක් වෙනවා.ඔබ ගෙවන මිලට මේ ආහාර වේල කිසිම පාඩුවක් නෑ.මීට අමතරව මේ අවන්හලේ ලම්ප්‍රයිස් එකත් ගොඩ දෙනෙක් අතර ජනප්‍රියයි.ඒ වගෙම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකත් ඉතා රසවත් කියන්න පුලුවනි.

ඩෙසර්ට් එකට කන්න ගන්න බඩේ ඉඩක් තියනවා නම් කිරිත් එක්ක පැනි හොඳ තේරීමක් වේවි.කොහොම උනත් හැම වෙලේම මේ කිරියි පැනියි තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.ඔබ සවස් වරුවකට මෙහි එනවා නම් සොසේජස් රෝල් ‍ෆිශ් රෝල් ඩෝනට් වගේ ඒවා කන්න ගන්න පුලුවනි.

lyons1

මේ ශෝට් ඊට්ස් වල පිරවෞම රසවත් කියන්න පුලුවන්කැම වර්ග වලට අමතරව හීනියට බියර් වීදුරුවක් තොලගාන්නත් මේ අවන්හල කදිම තැනක්.පබ් එකක් වගේ නැති උනත් සාක්කුවට පහසුවෙන් අනෙක් නුවර පබ් වල මිලට වඩා ගොඩක් අඩුවෙන් බියර් වීදුරුවක් තොලගන්නත් මේ අවන්හල හොඳ තැනක්.ඒකත් එක්ක හෙමීට කන්න ගන්න Cashew Chicken Dish එකක්.ඒක හොඳ තේරීමක් වේවි.

lyons2

සේවාව

මේ අවන්හලේ සේවාව ඉතා ඉහල මට්ටමේ පවතිනවා කියන්න පුලුව්නෛ.මෙහි ඉන්න සේවක මහත්න් ඉතා සුහදශීලී.ඔබත් එක්ක සිනා මුසුව කතා කරමින් ඔබ කැමති කැම මේසයට ඉකමනින් ගෙනත් දෙන්න ඔවුන් සමත්.කොහොම උනත් සති අන්තයේ නම් මේ අවන්හල ටිකක් සෙනගින් පිරෙනවා.ඒ වගේ වෙලාවකට නම් ඔබේ කෑම මේසයට එන්නට ටිකක් විතර වෙලා යාවි.කොහොම උනත් සමස්ථයක් විදියට මේ අවන්හලේ සේවාව ඉහල මට්ටමක තියනවා

මග

මේ අවන්හල පිහිටන්නේ නුවර නගරයේ ඉඳන් පේරාදෙනිය පාරේ.නුවර නගර්යේ ඇති ක්ලොක් ටවර් එකේ ඉඳන් පේරාදෙනිය පාරේ ම්නීටර් 350ක් වගේ දුරකින් තමයි මේ අවන්හල පිහිටන්නේ.නුවර පොලිසිය එහෙම පහු කරලා පේරාදෙනිය පාරේ යනකොට පාරෙන් වම් අත පැත්තේ මේ අවන්හල දැකගන්න පුලුවනි.

මේ අවන්හල ඉපැරනි අවන්හලක් කියන්න ඕනි.1986 වසරේ තමයි මේ අවන්හල විවුර්ථ වෙලා තියෙන්නේ.එදා ඉදන් මේ දක්වා රසය අඩුවක් නැතුව පවත්වාගෙන යන හොඳ අවන්හලක් විදියට මේ Lyon’s cafe එක හදුන්වන්න පුලුවනි.මේ අවන්හලේ දුරකතනය වෙන්නේ 081 2 223073.දෙන්නෙක් ඇවිත් කන්න 1500-2000 ක් වගේ මුදලක් හොඳටම ඇති වේවි.ඔවුන් උදේ 8 විතර ඉඳන් රාත්‍රී 11 වගේ වෙනතුරු විවුර්ථයි.ඔබත් නුවර නගරයේ සිරි නරමන්න ආවොත් ලියොන්ස් අවන්හලට ඇවිත් යන්න මතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *