කන්න බොන්න කලින් එන්න

Lingan Ice Cream – Jaffna කිතුල් පැනි එක්ක අයිස් ක්‍රීම් කන්න ඉස්තරම් මිදි යුශ බොන්න ලින්ගන් අයිස් ක්‍රීම්

banner

යාපනේ ඇවිත් බොහෝ දෙනෙක් අයිස් ක්‍රීම් කන්න යන ජනප්‍රියම තැන තමයි රියෝ අයිස් ක්‍රීම් අවන්හල.ඒත් යාපනේ වැසියන් අතර රියෝ අයිස්ක්‍රීම් අවන්හලටත් වඩා ජනප්‍රිය අයිස් ක්‍රීම් අවන්හලක් තියනවා.ඒ තමයි ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල.මෙය ටිකක් පරන අවන්හලක්.වෙනස් විදියේ රසවත් විවිදාකාරයේ අයිස් ක්‍රීම් කන්න එන්න හොඳම තැනක් තමයි Lingan Ice Cream කියන්නේ.

වටපිටාව

lingan2

මෙහි ඇත්ලත ඉතාම පිරිසිදුවට පවත්වාගෙන යන්න එහි සේවය කරන අය වග බලාගෙන තියන බව පේනවා.මුලු අවන්හල ඇත්ලත ලොකු ඉඩක් තිබෙනවා.සියලු ම බිත්ති කොල පාටින් වර්න ගන්වලා.ඒ වගේම ඔවුන්ගේ අයිස් ක්‍රීම් වර්ග වල මිල ගනන් මෙහි නාමපුවරු වල හොඳින් දර්ශනය වෙනවා.මෙහි සේවකයනුත් කොල පැහැ ටී ශර්ට් වලින් සැරසිලයි ඉන්නේ.ගොඩ දෙනෙකුට එකට වාඩි වෙලා කැම ගන්න පුලුවන් වෙන විදියට අවන්හල ඇතුලත මේස පු‍ටු සකස් කරලා තියනවා.ඉතා විශාල පිරිසකට මෙහි එකට ඉඳගෙන අයිස් ක්‍රීම් කන්න පුලුවන්.සවස් වරුවට නම් මෙහි වඩා කර්‍ය බහුල වෙනවා.ඒ අයිස් ක්‍රීම් කන්න එන මිනිස්සුන්ගෙන්.ඒ තරමට මේ අවන්හල යාපනේ වැසියන් අතර ජනප්‍රියයි.

බඩජාරි මෙනුපත

lingan1

මෙහි මූලිකවම අයිස් ක්‍රීම් තමයි කන්න ගන්න තියෙන්නේ.එකෛනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග 30කට වැඩි ප්‍රමානයක් කන්න ගන්න පුලුවන්.ඒ වගේම ඒ හැම අයිස් ක්‍රීම් එකකම රස එකිනෙකට වෙනස්.ඔවුන්ගේ සන්ඩෙ අයිස් ක්‍රීන් එකක් 200ක් වෙනවා.එහි රස ඉස්තරම. පැනි රස නම් ටිකක් වැඩියි වගේ.ඒ වගෙමයි මෙගා ස්පෙශල් නමින් තවත් අයිස් ක්‍රීම් වර්ගයක් ඔවුන් සතුයි.ඒක 150යි. චොකලට් නට් අයිස් ක්‍රීම් එක ඉහත අයිස් ක්‍රීම් වර්ග දෙකටම වඩා වෙනස් රසක්.මෙහි කජු නියම ප්‍රමානයට හොඳ රසයක් එක් කරනවා.ඒ වගෙමයි කිතුල් පැනි කලවම් උනු අයිස් ක්‍රීම් එක.ඒකක් 120ක් වෙනවා.මේ මිල ගනන් වලට ඉතාම සාදාරනයි.

අයිස් ක්‍රීම් එක්ක පලතුරු සලාදයක් කන්න ගන්නවා නම් එය රුපියල් 80ක් පමනයි.ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් 120ක් වෙනවා. මේ මිල ගනන් ඔක්කොම ලොකු ප්‍රමානයේ අයිස් ක්‍රීම් ගනන්.ඔබට ඕනි නම් ටිකක් අඩුවෙන් අයිස් ක්‍රීම් ,මෙහි කුඩා ප්‍රමානත් මිලට ගන්න පුලුවන්.මෙහි රස එකිනෙකට එකක් වෙනස්.

lingan3

අයිස් ක්‍රීම් වලට අමතරම තවත් මෙහි ආවොත් බොන්න රසවත් බීම වර්ග තියෙනවා. ඒ අතරින් සුවිශේශීම බීම වර්ගය තමයි මිදි ය්ශ. 120ක් වගේ මිලකට ඉතා රසවත් මිදි යුශ වීදුරුවක් ඔබට බොන්න ගන්න පුලුවන්.යාපනේ හැදෙන මිදි වලින් තමයි මේ මිදි යුශ හැශෙන්නේ. ඒ නිසා රස වගේම ගුනයකිනුත් යුක්තයි.ඒ වගෙම නෙල්ලි බීම එකත් වෙනස් රස පාන්යක්.ඒකක් 50යි.දොඩම් යුශ වීදෘවක් 100ක් වෙනවා.ඒ වගෙම ඇපල් යුශ වීදුරුවක් 100යි. ඒ කත් ඉතාම රසවත් බීම වර්ගයක්.

lingan4

අයිස් ක්‍රීම් සහ පලතුරු බීම වර්ග වලට අමතරව මෙහි රෝල්ස් පැටිස් උලුදු වඩේ පරිප්පු වඩේලඩ්ඩු වගේ කෙටි කෑම වර්ගත් ගන්න පුලුවන්.ඒ වගෙම බූන්දි කේක් වර්ගත් කිරි තේ කෝපි වගේ බීම වර්ගත් ගන්න පුලුවන්.තවත් විවිද නම් වලින් ඔවුන් ගේ කෑම ගොඩක් මෙනු එකේ බලාගන්න පුලුවන් වගෙම කන්න ගන්නත් පුලුවන්.

සේවාව

මෙහි සේවාව හොඳයි.කියන්න තරම් වරදක් නෑ.උදේ වරුවක නම් ඉක්මනට අයිස් ක්‍රීම් එකක රස බලන්න පුලුවන්. කොහොම උනත් සවස් වරුවට නම් අයිස් ක්‍රීම් කන්න ටික වෙලාවක් ඉවසන්න වේවි.මෙහි සියල්ලන්ටම සින්හල භාශාව හසුරුවන්න්ට බෑ.පෙලක් අයට පුලුවන්.කොහොම උනත් ඉංග්‍රීසියෙන් අවශ්‍ය දේ කිව්වාම ඔවුන් ඒ දේ මේසයට ගෙනත් දෙනවා.ඒකත් වෙනස් අත්දැකීමක් වේවි.

මග

මේ අවන්හල තිබෙන්නේ නල්ලූර් කෝව්ලිල ඉදිරිපසින්.යාපනේ ඇවිත් කාගෙන් හරි නල්ලූර් කෝවිල අසලට යන හැටි අහගත්තා නම් මෙතන තිබෙන්නේ පාරෙන් අනික් පසට වන්නට කෝවිලට මුහුනලා.ඉතින් හොයා ගන්න එක අපහසු නෑ.ඒ වගෙම යාපනේ වැසියෙක්ගෙන් ඇහුවොත් ලින්ගන් අයිස් ක්‍රීම් අවන්හල කොහිද කියා ඔවුන් හරියටම තැන කියාවි

ඔවුන්ගේ දුරකථන අංකය 0212227327.මෙතන උදෑසන හයේ පටන් රාත්‍රී වෙනතුරු විවුර්ථයි. ටිකක් විතර මිනිසුන් බහුල උනත් මේ අයිස් ක්‍රීම් රස ගැන වචනයෙන් විස්තර කරන්න බැ.ඔබත් යාපනයේ සංචාරයක ආවොත් අපි ඉහත කිව්ව අයිස් ක්‍රීම් වර්ග රසවිඳින්න ඇවිත් යන්න ඔබට ආරධනා කරනවා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *