කන්න බොන්න කලින් එන්න

Kings Asia Chef – Akkaraipaththu අක්කරේපත්තුවේ පිහිටි රස නවාතැන කින්ග්ස් ඒශියා චෙෆ්

banner

අපි අද කියන්න යන්නේ අගනුවරින් ටිකක් ඈතට වෙන්න පිහිටි අවන්හලක් ගැන තොරතුරු. මේ අවන්හල නමින් කින්ග්ස් චෙෆ් ඒශියා.පිහිටන්නේ අක්කරේපත්තු නගරයේ.මේ වගේ දුර පලාතකට ආවොත් ඔබට හොඳ අවන්හලක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.ඉතින් ඔබ මේ පලාතට ආවොත් යන්න හොඳ අවන්හලක් විදියට මේ Kings Asia Chef Family Restaurant එක හඳුන්වලා දෙන්න පුලුවනි.

වටපිටාව

kings

මේ අවන්හල පිහිටන්නේ අක්කරේපත්තුවෙන් පොත්විල් පාරේ අක්කරේපත්තු නගරයට කිට්‍ටුවමයි.මෙතන වාහනයකින් එනවා නම් වාහන පාක් කරගන්න හොඳ හැටි ඉඩක් තියනවා.මේ තෑන ගොඩ නගලා තියෙන්නේ උත්සව අවස්ථා ගන්නත් එක්ක .ඉතින් මෙතන ලොකු ඉඩකඩක් තියනවා.ගොඩ දෙනෙකුට එකට කෑම ගන්න පුලුවනි.ඇතුලත අවන්හලේ වගෙම එලිමහනේ ගස් යටින් කුඩා ප්‍රමානයේ හට් ගොඩක් එලියේ ගහලා තියනවා.හොඳම දේ මෙහි ආවොත් එලිමහනේ ඉඳන් කැම ගන්න එක තමයි.එලියේ තියන හට් වල ලී පු‍ටු දාලා සකස් කරලයි තියෙන්නේ.ඇතුලත කුශන් පු‍ටු වගේම ලීපු‍ටුත් අතුරලා තියනවා.මෙහි උත්සව ශාලාවක් තිබුනත් එය එතරම් පෙනුමක් නම් නෑ.

මෙනුපත

kings2

මෙහි අපි අගනුවර හොඳ අවන්හලක දකින්න පුලුවන් වගේ හොඳ මෙනු එකක් තියනවා.ඒත් මේ මෙනු එකේ හැම කෑම්ක්ම තියනවද කියන එක නම් කියන්න බෑ.කොහොම උනත් සුප් වර්ග ,ස්ටාටර් සැලඩ්,ඔම්ලට් වර්ග වගෙම චිකන් බීෆ් ‍ෆිශ් ක්‍රැබ් විවිද රසයෙන් ආහාරයට ගන්න පුලුවනි.

අපි දැනගත්තු විදියට නගරයේ තියන අවන්හල් අතරි මේ අවන්හල ජනප්‍රිය වෙලා තියෙන්නේ බිරියානි ,චිලි පරාට සහ චිකන් බබකිව් වලට.අපි මෙහි රස බැලුවේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්.එහි සැකැස්ම ඉතා අනර්ගයි.යහමින් එලවලු එකතු කරපු හොඳ හාලකුත් එක්ක සුවඳ ගහන ෆ්‍රයිඩ් රයිස් ඔබට මෙහි ආවොත් කන්න ගන්න පුලුවනි.මේ ෆ්‍රයිඩ් රයිස් එක දෙන්නෙක්ට කන්න පුලුවන් තරමේ ලොකුයි.ඒ වගෙම ඒකට ලැබෙන චිකන් ඩෙවල් එකත් ඉස්තරම්.ටිකක් විතර තෙල් ගතිය නම් වැඩියි කියන්න ඕනි.මෙහි චිකන් ෆ්‍රයිඩ් රයිස් ලෙසත් කින්ග්ස් ශෙෆ් ස්පෙශල් රයිස් ලෙසත් රයිස් වර්ග දෙකක් තියනවා.රයිස් වර්ග සී ෆුඩ් විදියට මට්න් ඉස්සෝ එග් ‍ෆිශ් බීෆ් වෙජිටබල් වගේ ඕනි විදියකට කන්න ගන්න පුලුවනි.ඒවයේ මිල 170-500 ත් අත මිල වෙනස් වෙනවා.

බීම වර්ග විදියට දොඩම් දෙහි දිවුල් වගේ පලතුරු බීම මෙහි බොන්න ගන්න පුලුව්නෛ.ඒ වගෙම තවත් ගොඩක් බීම ජාති මෙහි ගන්න පුලුවනි.කෑම වර්ග ගොඩක් තමන්ගේ කෑමැත්තට අනුව ඇනවුම් කරන්න පුල්වුඅන් වගෙම මෙහි ඉඳන් පාඩුවේ කන්න ගන්න කියාපු තැනක් විදියට් මේ අවන්හල හඳුන්වන්න පුලුවනි.මිල ගනන් උනත් සාධාරනයි.කොහොම උනත් මේ කෑම වේලට සර්විස් චාජ් එකක් එකත් වෙනවා.

සේවාව

kings

සේවාව ඒතරම් විශේශයක් නෑ.ඒ තරම් ප්‍රිය මනාප බවක් වැඩ කරන අයගේ නෑ.ඒත් ඔබ ඇනවුම් කරන කෑම ඉක්මනට මේසයට ගෙනත් දෙන්න ඔවුන් කටයුත් කරනවා.වැඩිය කලබලකාරි නැති නිසා ඔබට ලොකු පරක්කුවක් වෙන එකක් නෑ.සේවාව කියන්න තරම් වරදක් නෑ.

මග
මෙතන්ට එනවා නම් අක්කරපත්තු නගරයේ බස් නැවතුමේ ඉඳන් පොතුවිල් පාරේ මීටර් 800ක් වගේ ගියාම පොලීසිය පහු කරලා පාරෙන් වම් අත පැත්තට වෙන්නටයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල දිවා කාලයේ ඉඳන් රාත්‍රී 11 පමන වෙනතුරු විවුර්ථයි.මෙහි දුරකථන අංකය වෙන්නේ 0672278797. මේ පලාත පැත්තේ ඇවිත් කන්න තැනක් හොයන ඔබට මේ Kings Asia Family Restaurant එක හොඳ ‍තෝරාගැනීමක් වේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *