කන්න බොන්න කලින් එන්න

Kebabish – Dehiwala අඩු මිලකට දෙහිවලින් නාන් පරාටා බිරියානි සවර්මා රසට කන්න

banner
කෙබාබිශ් කියන්නේ දෙහිවල නගර මැද පිහිටි පුන්චි ආහාර අවන්හලක්.අත මිලකට රසවත් ආහාර වේලක් ගන්න මෙතන හොඳ තැනක් කියලා කියන්න පුලුව්නෛ.මේ අවන්හලේ නමින්ම අපිට හිතා ගන්න පුලුවනි ,මොන වගේ ආහාර මෙතන කන්න ගන්න පුලුවන් ද කියලා.අපි අද ගොඩ උනේ දෙහිවල නගරයේ පිහිටි මේ පුන්චි පහේ අවන්හලට
වටපිටාව

 

kebabish
මෙතන පිහිටන්නේ ජනාකීරන දෙහිවල නගරයේ ගාලු පාරට ආසන්නයේමයි.ඉතින් මෙතන වාහන පාක් කරන්න නම් අවස්ථාවක් නෑ.අවන්හලේ නම සටහන් කරලා තියන නාම පුවරුව කලු පැහැයෙන් අලංකාරව ටිකක් වෙනස් විදියට පෙන්නුම් කරලා තියනවා.ඔවුන්ගේ කෑම ගැනත් එය දැක්කහම අදහසක් ගන්න පුලුවනි.මේ අවන්හල ඇතුලත ඉඩ කඩ නම් අඩුයි. ඇතුලත එක වරකට 10 දෙනෙක්ට වගේ තමයි කන්න ගන්න පුලුවන් වෙන්නේ.රතු පැහැති මේස සහ ප්ලාස්ටික් පු‍ටු අසුරලා බිමට ටයිල් අල්ලලා තියෙනවා.ඇතුලත හොඳ පිරිසිදු මට්ට්මේ තියාගෙන ඉන්න බවක් පේනවා.බිත්ති වල හැම මේසයක් ලගට වෙන්නම විදුලි පංකා සවි කරලයි තියෙන්නේ.ඇතුලේ ඉඳන් උයන තැන උනත් බලා ගන්න පුලුවනි.පිලිවෙලට අසුරපු වීදුරු පීරිසි වගේම උයන්න ගන්න අමුද්‍රව්‍යත් මෙහි ටිකක් ඉස්සරහ ආවොත් බලාගන්න පුලුවනි.කොහොම උනත් මේ වටපිටාව මෙතන රාත්‍රී අවුටිං එකක ලොකු අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් නම් නෙවෙයි.
බඩජාරි මෙනුපත

 

kebabish3
ඔවුන්ගේ විශාල නාම පුවරුවේම සදහන් විදියට මේ අවන්හලේ මෙනු පත වෙන් වෙන්නේ බිරියානි කෙබාබ් බබකිව් බර්ගර් සහ කරීස් සඳහයි.මීට අමතරව රොටී වර්ග සහ ඩෙසර්ට් බීම වගේත් මෙතන ගන පුලුවනි.ඔවුන්ගේ මෙනු පත ලොකු එකක් නෙවෙයි.කොහොම උනත් ගොඩා දෙනෙක් කන්න කැමති කෑම වර්ග මේ මෙනු පතේ තියනවා.ගොඩ දෙනෙක් මෙතනට එන්නේ ඔවුන්ගේ රසවත් බිරියානි එකේ රස විඳින්නයි.මේ බිරියානි එක පකිස්තානි බිරියානි එකේත් ලංකාවේ බහුලව තියන බොම්බෙ බිරියානි එකේත් එකතුවක් කියලා කියන්න පුලුවනි. මේ බිරියානි වර්ග දෙකේම රස ලක්ශන මේ බිරියානි එකේ තියනවා.මේ බිරියානි එකේ අනික් පොදු බිරියානි රසට වැඩි පුර බැදුනු ලූනු කෑලි වල රසත් එක් කරලා තියනවා.එය අමුතු රසයක් වගේම බිරියානි එකට වෙනස් පෙනුමකුත් එකතු කරලා තියන බවක් පේනවා.කෙබාබිශ් ස්පෙශල් කියන මේ බිරියානි එක 280ක් වගේ මිලක් වෙන්නේ.ෆුල් බිරියානි එකක් 350ක් වෙනවා.බිරියානි බබකිව් විදියත් ඒ වගේම ඉඳි ආප්ප බිරියානිත් කන්න ගන්න පුලුවන්.
kebabish1
සවස හයෙන් පස්සේ මෙතනට එනවා නම් උත්සහ කරන්න හොඳ මෙනු එකක් තමයි ඔවුන් සතු රොටි එකක් සමග කරිස්.ට්ර්යි කරනවා නම් බටර් නාන් එක්ක බීෆ් කරි එක පංකාදුයි.ඒත් එක්ක පරිප්පු හොදි එකකුත් කන්න පුලුවන් නම් පංකාදුයි.ඔවුන්ගේ පාඅට එකක් 20යි.ඒකක් හරි බිත්තර පරාට එකක් හරි එක්ක චිකන් මසාලා එකත් සුපිරියි කියන්න පුලුව්න්.
ඔබ මෙහි ආවොත් තවත් රස බලන්න අමතක කරන්න හොඳ නැති කෑමක් තමයි ඔවුන්ගේ සවර්මා.සමාන්‍ය ප්‍රමානයේ එකක් 300ක් වෙනවා.එහි රසයක් හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි.ඇතුලත ඉතා හොඳින් මස් කෑලිත් එක්ක පිරවුම අනර්ග ලෙස සකසලා කියන්න පුලුවනි.ගොඩක්ම ලොකු නොවුනත් බඩ පිරෙන්න ඇති කියලා කියන්න පුලුව්නෛ.මේ කෑම වලට අමතරව ඩොල්‍ෆින් කොත්තු ,චිකන් බබකිව් වගේ කෑමත් දවල් වරුවකට රයිස් ඇන්ඩ් කරිත් කන්න ගන්න පුලුවනි.මාලු චිකන් හෝ බීෆ් එක්ක කෑම් එකක් 150ක වගේ මිලක් වෙනවා.ඩෙසර්ට් විදියට වටලප්පන් ,කැරමල් පුඩිං මේ මෙනු එක තියනවා.රස නම් කොහොමද කියන්න දන්නේ නෑ.ඒ ඌනි එකක් රුපියල් හැටක් වගේ වෙන්නේ.බීම විදියට අයිස් මයිලෝ,දොඩම් යුශ අඹ යුශ වගේ බීම වර්ගත් බොන්න ගන්න පුලුවන්.
 
සේවාව
ඔවුන්ගේ සේවාව හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවන්.වැඩි වෙලාවක් මේසයට කෑම එක එන තුරු බලා ඉඳින්න නම් වෙන්නේ නෑ.ඇතුලත වායු සමනය කරලා නම් නෑ.ඒත් ෆැන් සවිකරලා තියන නිසා ඒ තරම් අවුලක් නෑ.ඔවුන් සතුව ඩිලිවරි සේවාවකුත් තියනවා.ඔවුන්ගේ අංකයට කතා කරලා මේ මෙනු එකේ පෙලක් කෑම් නිවසටම ගෙන්න ගන්නත් පුලුවනි.
මග

මේ අවන්හල පිහිටන්නේ කොලඹ පැත්තේ ඉඳන් දෙහිවල නගරය පැත්තට යනකොට ගුවන් පාලම පෙනෙන දුරුන් පාරෙන් වම් පැත්තේ.ඉතින් හොයා ගන්න එක නම් අපහසු නෑ.
ඔවුන්ගේ දුරකථන අංකය 0112722799. Kebabish උදේ 11 ඉඳන් රාත්‍රී දහය එකොලහ වෙනකන් විවුර්ථයි.දෙන්නෙක්ට රසට කන්න 1000ක් හොඳටම ඇති කියන්න පුලුවනි.ඔබත් මේ කෑම රස අත්දැකීම විඳගන්න දෙහිවල පැත්තේ ආවොත් මේ අවන්හලටත් ගොඩ වෙලා බලන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *