හොයාගන්න තෑනක් බඩජාරියෙක් වගේ කන්න!!!

How to cook Nasigoreng – නාසිගුරන් නිවසේදීම හදමු

nasi5
banner

නාසිගුරං කියන්නේ ඉන්දුනිසීයානු කෑමක්.අද අපි කියන්න යන්නේ ඒ නාසිය නිවසේදීම හදාගන්න හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය

පිසගත් බත් 800g
පොඩි කර ගත්ත සුදුලූනු බික් දෙකක් හෝ තුනක්
සුදු ලූනු ප්‍රමානයටම සමාන වෙන්න සිහින්ව කපාපු ඉඟුරු
සිහින්ව කපා ගත් ලොකු ලූනු ගෙඩි දෙකක්
කුඩාවට කපා ගත්ත ක‍ටු නැති කුකුල් මස් ග්‍රැම් 200ක්
කුඩාවට කපාගත් ඉස්සෝ සහ දැල්ලෝ ග්‍රැම් 150-200ක් බැගින්
සිහින්ව කැපූ කැරට් අලයක්
තක්කාලි සෝස් තේ හැඳි දෙකක්
සෝයා සෝස් තේ හැඳි දෙකක්
චිලි පේස්ට් මේස හැන්දක්
සිහින්ව කපා ගත් ලූනු ගස් 4ක් විතර
සිහින්ව කපාගත්තු තක්කාලි ගෙඩියක්
කොත්ත මල්ලි කොල ඇති පමනට
ලුනු සහ ගම්මිරිස් ඇති පමන
බිත්තර දෙකක්

nasi3

මුලින්ම තෙල් ටිකක් තැටියක රත් කරගෙන ඒකට ඉඟුරු සහ සුදු ලූනු එකතු කරලා රන් වන් පාට එනකන් හොඳින් බැදගන්න

ඊට පස්සේ ඒකට කපාගත් කුකුල් මස් ඉස්සෝ දැල්ලෝ එකතු කර්ලා විනාඩි හතරක් රත් කරන්න

ඊලඟට මේකට ඇති වෙන්න ගම්මිරිස් කුඩු සහ ලුනු එකතු කරන්න.

ආයෙත් අපි කපා ගත්තු ලූනු තක්කාලි කැරට් එකතු කරලා විනාඩියක් විතර පිස ගන්න.ඒ ගමන්ම සෝයා සෝස් සහ තක්කාලි සෝස් තේ හැඳි දෙක බැගින් එක්කරන්න

ඔහොම ආයෙත් විනාඩියක් විතර පිසුනහම බත් ග්‍රැම් 800 එකතු කරන්න.ඒ ගමන්ම බිත්තර දෙකත් කඩලා දාලා ආයෙත් හොඳින් මිශ්‍ර කරලා විනාඩි ශෙකක් විතර තියෙන්න අරින්න

මතක තියා ගන්න චිලිපේස්ට් එකයි තක්කාලි සෝස් එකයි මත තමයි ලස්සන රතු නාසි පැහැය තීරනය වෙන්නේ.

අන්තිමට සිහින්ව කපාගත්තු ලූනු කොල සහ කොත්තමල්ලි කොලත් එකතු කරන්න.දැන් නාසිය හරි.

nasi1

පිලිගන්නන කොට බිත්තරයක් කහ මදය ලස්සනට මැදට හිටින්න ගම්මිරිස් සහ ලුනු ඇති පදමට දාලා හදාගන්න.ඊට පස්සේ පැතලි දීසියකට නාසි රයිස් එක දාලා ඊට උඩින් හදාගත්තු ඔම්ලට් එක අතුරන්න.පෙනුමටත් රසටත් දෙකටම හොඳයි..


Comments to How to cook Nasigoreng – නාසිගුරන් නිවසේදීම හදමු

  • Thanks.,I had Nasiguron when I visited Malaysia.We cant get real test in Sri Lanka’

    Anil Lasath Perera September 9, 2015 2:34 pm Reply
    • Lol… Malaysian Nasigooreng is not the original bro

      Nerid October 14, 2015 4:00 pm Reply
  • Thanks very interesting blog!
    cheap ray bans http://shopping.rboutletonlinesales.com/

    cheap ray bans October 8, 2015 6:14 pm Reply
  • congratulation for your awarඩ් about බඩජරි. com. Iam very happy brother.Try again another awarඩ්.බුදු සරණයි.

    Tharushi Nangi November 1, 2016 4:39 pm Reply

Leave a Comment

Your email address will not be published.