කන්න බොන්න කලින් එන්න

Hotel De Pilawoos – Kollupitiya ( හොටෙල් ඩී පිලාවුස් )

banner

අගනුවර සමහරක් කෑම කඩ විවිද කෑම නිසාම ප්‍රසිද්ධයි.ඒ අතර කොත්තු නිසාම ප්‍රසිද්ධ කෑම කඩයක් තමයි හොටෙල් ඩී පිලාවුස් බම්බලපිටිය.මේ ආපන ශාලාව ඉතා පැරනියි.ඔවුන් ආහාර සපයන්නේ 1979 අවුරුද්දේ ඉඳන්. ඒ නිසා ගොඩ දෙනෙක් මේ ආපනශාලාව ගැන දැනුවත්.කොහොම උනත් පිලාවුස් කියන්නේ කොත්තු වලට හොඳ නමක් තියන ආපනශාලාවක්.ඒ නිසාමයි ඔවුන්ට 2012 වසරේ හොඳම කොත්තු වලට කුසලානයක් හම්බ උනෙත්.

වටපිටාව

පිලාවුස් කියන්නේ විසිහතර පැයේම විවුර්ත ආපන ශාලාවක්. ඔබ මෙහි එනවා නම් වඩාත් කාර්‍ය බහුල වෙලාවන් මග හැර එන්න.ඒ මෙතන දිවා කාලයේ වගේම හවස් යාමයටත් මිනිසුන්ගෙන් පිරිලා. ටිකක් විතර කලබල කාරී. මැදියම් ‍රැයට කිට්‍ටු වෙන්න මෙහි එනවා නම් එලියෙන් පු‍ටුවක් දමාගේන කොත්තුවක් රස විඳින්න. වීදියේ රස සොයා යන බඩජාරියෙක්ට එය කදිමයි.ඇතුලත ගොඩාක් ලොකුවට පිරිසිදු කමක් නම් නෑ.

බඩජාරි මෙනුපත

pilawooskoththtu

මෙහි ඇවිත් ඔබ කොත්තුවක් නම් අමතක කරන්න එපා. එය චිකන් චීස් කොත්තුවක් නම් වඩා හොඳයි. මෙහි චිකන් චීස් කොත්තුවක් 430ක් වගේ වෙනවා. ඇත්තටම එය ඉතා රසවත්.චීස් නැතුව ගන්නව නම් චිකන් කොත්තුව රුපියල් 330යි. දීසිය බැලූ බැල්මටම රෝස් උනු චිකන් කෑලි වලින් පොහොසත්.දර්ශනය ඔබට අඩගසාවි හෙමින් බැදුනු රසවත් මස් කැබැල්ලක් කාටත් කලියෙන් කටට දමා ගන්න.ඒ රසය නිසයි බොහෝ දෙනෙක් මෙහි නැවත නැවතත් පැමිනෙන්නේ.ඔබ නිර්මාංශිකයෙක් නම් මෙහි වෙජිටබල් කොත්තුව 190ක් ඒහිත් රස හොඳයි.ඔවුන්ගේ කොත්තුවක ප්‍රමානය එක් අයකුට වැඩි තරම්. ටිකක් වැඩි ප්‍රමානයක් ඔබේ පිඟානට සපයනවා.

ඔබට මෙහි ඇවිත් රස බලනව නම් තවත් හොඳ තේරීමක් තමයි චිකන් චීස් රොටිය. එය රුපියල් 420ක් වෙනවා.ඒකත් ඉතාම රසයි. ඒත් එහි මිල නම් ටිකක් වැඩියි.මෙහි රස් කල මස් වර්ග, පලාන්ඩි වගේම මසාලත් තියනවා.සම්පූර්න රෝස් කල කුකුලෙක් 1100ක් මසාලා ෆුල් එකක් 1430ක් වගේ වෙනවා.ඒ වගේම තමයි බර්ගර්ස් ඇන්ඩ් සබ්මැරීනුත් මෙහි තිබෙනවා.. ඒවා 250- 500 මිල පරාසයෙන් ගන්න පුලුවන්.ඒත් අපි ඔබට මෙහි ඇවිත් බර්ගර් කන්න නම් යෝජනා කරන්නේ නෑ. සියලු බර්ගර් සහ සබ් වලට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නොමිලේ ලැබෙනවා.රුපියල් 100ක් වෙනවා ඔබට අමතර චීස් ඕනි නම්.

pilawoosice

අතුරු පසට අපි ඔබට යෝජනා කරන්නේ අයිස් මයිලෝ එකක්. ඇත්තටම එය ඉත රසවත්.. මීට අවුරුදු දෙක තුනකට කලිනුත් මේ අයිස් මයිලෝ එක මේ රසමයි. වෙනවසක් නෑ. ඔවුන් ඒ දේ දිගටම පවත්වාගෙන ඇවිත් තියනවා.අයිස් මයිලෝ එකක් 170ක්.කොහොම උනත් ඔවුන්ගේ කෑම වල මිල ගනන් එන්න එන්න වැඩි වෙන බවක් නම් පේනවා.නමුත් තවමත් රුපියල් 1000ක් වගේ මුදලකින් දෙන්නෙක්ට හොඳින් සප්පායම් වෙන්න පුලුවන් තැනක් තමයි පිලාවුස් කියන්නේ..

සේවාව

ඔවුන්ගේ සේවාව හොඳයි. කියන්න තරම් වරදක් නෑ. ඔබට ඔබගේ වාහනයේ ඉඳන් උනත් කෑම ඔර්ඩර් කරන්න පුලුවන්. ඔවුන් ඔබේ මේසයට ඔබට අවශ්‍ය කෑම විනාඩි දහයක් උපරිම කාලසීමාවේ ගෙනත් දෙනු ඇති.ඔවුන් මිත්‍රශීලී.

මග

ඔබ කොලඹ ඉඳන් මෙහි එනවා නම් මහානම පාසල එහෙම පසු කර ඇවිත් ඇල්ෆඩ් පෙදෙසින් ඩර්ඩන්ස් හොස්පිටල් එක ගාවින් නැවත ගාලු පාරට ඇවිත් කොලඹ දෙසට මීටර් පනහක දුරින් දකුනු අත පැත්තෙන් පිලාවුස් වෙත ලඟා වෙන්න පුලුවන්.

ඔබත් මෙහි ඇති ආහර ගෙන බලන්න.. අමතක කරන්න එපා චීස් චිකන් කොත්තුව සමග අයිස් මයිලෝ එකක්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *