කන්න බොන්න කලින් එන්න

History Restaurant – Kandy අතීත ලංකාවේ කලු සුදු ඡායාරූප වලින් යුත් හිස්ට්‍රි අවන්හල

banner

නුවර නගරයේ කලාත්මක බවින් සපිරි තේමාවක් අනුව නිර්මානය උනු අවන්හලක් තමයි හිස්ට්‍රි අවන්හල.මෙහි අතීත ලංකාවේ කලු සුදු ඡායාරූප දැකගන්න පුලුවන්.ගොඩක් පින්තූර 1860 ත් 1960 අතර ශත වර්ශයේ ඒවා.

වටපිටාව

history1

මෙහිඋඩු මහල් සහ පහත මාලය හොඳින් පවත්වාගෙන යනවා.ඉතා පිරිසිදුවට ඔවුන් අවන්හල පවත්වාගෙන යනවා. පිලිවෙලකට සැදි මේස සහ පු‍ටු මෙන්ම වහලයේ ඇති ලී වහලයේ රටාව අවන්හලට අමුතු අලංකාරයක් එක් කරනවා.. ඒ වගෙමයි ඉහත මාලයේ ඉපැරනි අතීතය විදහා දක්වන පින්තූර පෙලත්.නිදහස් වට පිටාවක් අවන්හල තුල තියෙන්නේ. එහි හැම විටම කාර්‍ය බහුල තත්වයක් නම් නෑ.

බඩජාරි මෙනුපත.

historyy

මෙහි ලාංකීය සහ චීන ක්ර්මයටත් සැකසූ කැම ආහර ගන්න් අපුලුවන්.ඉතාලි කැමහ් මෙහි තියනවා.අප අපේඅහාර වේලට එකතු කරගත්තේ සිංගපෝ නූඩල්ස් එකක් චිකන් සහ කජු සමග.ඒ වගේම ස්පැගටි එකක්.කෑම් දෙවර්ගයම එහරම් ලොකු රසක් නම් තිබුනේ නෑ. සාමාන්‍ය රසයක්.ස්පැගටි එකට ගත්තු චිකන් හොද්ද නම් යම් තාක් දුරකට හොඳයි. ඒත් කෑම රස නම් ඒ තරම් ලොකු හොඳක් තිබුන් නෑ..

මෙහි ඔබට බිරියානි ෆ්‍රයිඩ් රයිස් වගේ කැමත් ආහරයට ගන්න පුලුවන්.බිරියානි එකට පපඩමකුත් හම්බෙනවා. ඒක න්ම් කොහරම් ගැලපෙනවද මන්දා.මෙහි රස බලන්න ඔබට ලොකු මෙනු එකක් තිබෙනවා. ඒ වගේම ඔබේ පිඟාන්ට ලොකු පෝශන් එකකුර්හ් ලැබෙනවා. දෙදෙනෙක් ආහාර ගන්නවා නම් මිල 1600කින් වගේ ශේප් වෙන්න පුලුවන්. අප ආහාරය්ට ගත් ආහාර අනුව නම් අපේ තීරනේ ගෙවන මිලට රසට කෑම එකක් මෙතන ලැබෙන්නේ නෑ කියන එක.මෙතන ඔබට සැර බීම වර්ගත් ගන්න පුලුවන්.

සේවාව

එහි ඔබට උනුසුම් පිලිගැනීමක් ලැබේවි.එහි අයිතිකරුවන් ගොඩක්ම මිත්‍රශීලි අය. ඒත් වේටර් වරයගෙන් නම් එතරම් ලොකු හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙහි කාර්‍ය බහුල නොවුනත් සැලකිය යුතු වෙලාවක් කැම මේසයට එන්න ගතවේවි.

මග

මෙතනට එනවා නම් නුවර අනගාරික දර්මපාල වීදියේ එන්න ඕනි.හරියාම කිව්වොත් දිනපාල සුපර් සෙන්ටර් එක ඉදිරිපසයි පිහිටියේ..

පඩුවෙ කාත් එක්ක හරි දිගු කතා බහකට ඔබත් එන්න හිස්ට්‍රි අවන්හලට


Leave a Reply

Your email address will not be published. Required fields are marked *