කන්න බොන්න කලින් එන්න

Happy Cream House – Trincomalee ත්‍රීකුනාමල අසිරිය නරඹන්න ආවොත් රසවත් අයිස් ක්‍රීම් එකක් කන්න හැපී ක්‍රීම් හවුස්

banner

ත්‍රීකුනාමලය පැත්තේ සංචාරයක් සඳහා ගියොත් රසවත් අයිස් ක්‍රීම් කන්න හොඳ තැනක් තමයි හැපී ක්‍රීම් හවුස් කියලා කියන්නේ.ත්‍රීකුනාමලය වගේ ටිකක් රස්නේ වැඩි ප්‍රදේශයක රසවත් අයිස් ක්‍රීම් වගේම තවත් සුලු කෑම වර්ග අඩු මිලකට පිරිසිදුව කන්න ගන්න පුලුවන් තැනක් තමයි මේ පුන්චි අවන්හල.අවන්හලක් කිව්වට මෙය සිල්ලර බඩු කඩයක් විදියටත් පවත්වාගෙන යනවා

වටපිටාව

happy4

මේක කුඩා කඩයක් වගෙයි ඇතුලත. අයිස් ක්‍රීම් බීම වලට අමතරව බිස්කට් කේක් වගේ ඒවත් අසුරලයි තියෙන්නේ.ඔක්කොම එක ගොඩේ වගේ පෙනුම නම් . බීම අවන්හලක ගතියක් නම් අවන්හල ඇතුලත පෙනෙන්නට නෑ.අවන්හල ඇතුලත පේලි දෙකට මේස පු‍ටු අතුරලයි තියෙන්නේ.වැඩි සැප පහසුවක් නම් අවන්හල ඇතුලත නෑ.සිල්ලර බඩු ගන්න අයත් අවන්හල ඇතුලට එනවා.මොකද මෙතන ඒවත් විකුනනවා. ඒක නම් ටිකක් අවහිරයක්. අවන්හල ඇතුලත ඒ නිසාම ටිකක් කලබල වෙන ගතියකුත් තියනවා

බඩජාරි මෙනුපත

happy3

මෙතන මූලිකවම අපිට අයිස් ක්‍රීම් කන්න ගන්න පුලුවන්. එකිනෙකට වෙනස් අයිස් ක්‍රීම් වර්ග දහයක් විතර කන්න ගන්න පුලුවන්.ඒ සියල්ලම 100-200 ත් අතර මිල සීමාවේ තමයි පවතින්නේ..ඒ වගේම ඔවුන්ගේ ෆලූඩා එකත් ඉස්තරම් තත්වයේ තියනවා.මේ ආහාර මේසයට පිරිනමන විදියත් ඉස්තරම්.අගනුවර සුපිරි අවන්හලක ආහාර සැකසෙන විදියට මේවා පිරිනමනවා.පලතුරු සලාද වර්ග එක එක විදියට ඕඩර් කරන්නත් මෙතන පුලුවන්.ඒ අතරින් පලතුරු කොක්ටේල් එක සුවිශේශයි.ඔබ මෙහි ආවොත් මේ පලතුරු කොක්ටේල් එක රස විඳින්න නම් අමතක කරන්න එපා. ඒ තරම් රසවත්ව සහ ප්‍රනීත ලෙස එය සාදා තියෙනවා. පලතුරු ‍රැසක් අතරේ මිදි කජු එකතු කරලා ඊට උඩින් අයිස් ක්‍රීම් එකතු කරලායි මේ කොක්ටේල් එක ඔවුන් සාදන්නේ. ඉතාම රසවත්.

happy
ඒ වගෙම තවත් අමුතු දකුනු ඉන්දීය රසවත් කෑම කන්න ගන්න තියනවා. එය නමින් Sohan papdi.මේක රසවත් අතුරුපසක්.කො‍ටු හැඩයෙන් යුක්ත රසවත් අතුරුපසක්.පතුරු ගැලවී යන ලෙස ක්‍රිස්පි ගතියට රසවත් ලෙස එය සාදා තියනවා.අපි දැනගත් විදියට එලගිතෙල් පාන්පිටි සහ සීනි භාවිතයෙන් හන්දන කෑමක් තමයි ඒ.

මීට අමතරව මෙහි රෝල්ස් පැටිස් සහ එලවලු රොටී වගේ කැමත් විකුනන්න තියනවා.ඒවා නම් ඒ තරම්ම්ම හොඳ මට්ටමේ නෑ.කොහොම උනත් අයිස් ක්‍රීම් එකක් හරි පලතුරු බීම එකක් හරි රස බලන එකයි හොඳම දේ

සේවාව

මෙතන ගොඩාක් වෙලාවට දෙදෙනෙක් සේවයේ නිරත වෙලා ඉන්නවා.හැම වෙලේම ඔවුන් සිනා මුසු මුහුනින් කටයුතු කරන්නේ.ඔවුන්ට යම් ප්‍රමානෙකට සින්හල හසුරුවන්න පුලුවන්.ඒ හඳා භාශාව නම් ප්‍රශ්නයක් වෙන් නෑ.මෙහි වැඩකරන අය ඉතා හිතවත්ව ඔවුන්ගේ සේවය සපයනවා.

මග

මෙතනට එනවා නම් Central road එකේ එන්න ඕනි.හරියටම තියෙන්නේ කොමර්ශල් බැංකුව ඉදිරිපස.ස්ටේශන් එක පැත්තේ ඉඳන් එනවා නම් වෙරලට සමාන්තර ප්‍රධාන පාරේ ඇවිත් දකුනු අත පැත්තට තුන් වෙනි හරස් වීදියේ කෙලවරට ආපු ගමන් එතනම පෙනෙන්න තිබේවි.ටිකක් විමසිල්ලෙන් හොයන්න වෙනවා.මෙතන දුරකථන අංකය 0776170810..උදේ 7 ඉඳන් රාත්‍රී 8.30 විතර වෙනකන් මෙතන විවුර්ථයි.

සුන්දර ත්‍රීකුනාමල නගරයේ අසිරිය නරඹන්න ආවොත් ඇවිත් රසවත් අයිස් ක්‍රීම් එකක් කන්න නැත්නම් පකතුරු සලාදයක් කන්න හොඳ තැනක් තමයි හැපී ක්‍රීම් හවුස් කියන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *