කන්න බොන්න කලින් එන්න

Glace Pastry & Bakery – Haputhale

banner

සීතල හපුතලේ පැත්තේ සංචාරයක් කරන්න ඉන්නව නම්. එහෙමත් නැත්නම් ඒ හරහා බන්ඩාරවෙල පැත්තට නුවර එලිය පැත්තට යන්න හිතන් ඉන්නවා නම් හපුතලේ නගරය කිට්ටුවෙන්ම තියන හොඳ බේකරියක් ගැනයි කියන්න යන්නේ. ඒ තමයි Glace Pastry & Bakery.

වටපිටාව.

glace3

මෙහි හොඳම දේ අවට පරිසරය. ඈතට විහිදෙන කදු පන්තියේ දර්ශනය මනරම්. ඒ වගේම සීතල පරිසරයත් හොඳ වටපිටාවකට තවත් උදව් වෙනවා. ආපන ශාලාව ඇතුලත හරි පිරිසිදුයි. මේස පුටු හොඳින් සකසා හොඳින් පවත්වාගෙන යනවා.හැමදේම පිලිවෙලයි කියලා බැලූ බැල්මටම පෙනවා. තැන නම් ටිකක් පොඩියි වගේ.ඒ උනාට මෙහි එතරම් කලබලකාරී බවක් නෑ.වැඩිය මිනිසුන් ගැවසෙන්නේ නැති හන්දා නිවාඩු පාඩුවේ උනු කෝපි කෝප්පයක් එක්ක කේක් කැල්ලක් කන්න කියාපු පරිසරය.

බඩජාරි මෙනුපත.

glace2

මෙහි කැමට මූලිකවම තියෙන්නේ බේකරි අයිටම් තමයි.විවිද පාන් වර්ග විවිද ප්රමානයන් ගන්න පුලුවන්. ඒ වගේමයි ශෝට් ඊට්ස් වර්ග.මාලු පේස්ට්රිය රසවත්. ඒ වගේමයි චිකන් සමෝසා එකත්. ඔක්කොම වගේ ශෝට් ඊට්ස් හොඳ ඇති.. අපි දෙක තුනක් රස බලනකොට දැනුනු දේ ඒක තමයි.ඒවා සාමාන්ය මිලෙන් ටිකක් වගේ වැඩි උනත් පිරිසිදු බව සහ අනෙක් දැ සැලකුවොත් ගෙවන මිලට ප්රශ්නයක් නෑ. මෙහි දිවා ආහරයත් සපයනවා. රයිස් ඇන්ඩ් කරී මෙතන් ඉඳන් කන්න වගේම අරන් යන්න ගන්නත් පුලුවන්.ඒ වගේම කේක් සහ ගැටෝ විවිද වර්ගයෙන් තිබෙනවා.ඒවාත් රස ඉස්තරම්. තවත් බීම වර්ගත් මෙහි තිබෙනවා. සේවාව ඔබට මෙහි ආවොත් හොඳ සේවාවක් අත් විඳින්න පුලුවන්. ප්රධාන කෝකිවරයා පවා මෙහි සිටිනවා බොහෝ වෙලාවන්ට. ඉතින් ඔහු උනත් ඉතා සුහදශීලි. කෑම බීම ගැන වගේම ඕනි දෙයක් ඔහුත් සමග උනත් කතා කරන්න පුලුවන්. ඒ වගේමයි අනෙක් කාර්යමන්ඩලය උනත්. ඔවුන් ඔබට මිත්රශීලීව කෑම බීම මේසයට සපයාවි.

මග.

මෙතනට එනවා නම් කොලඹ පැත්තෙ ඉඳන් හපුතලේ හඳියට ඇවිත් හරියටම කිලෝමීටරයක්වම් අත පැත්තට පන්සල පාරේ යන්න ඕනි. ඒක දිගේ කිලෝමීටරයක් යනකොට හමු වේවි ඔලිම්පස් ප්ලාසා හොටෙල් එක.. එතනම තමයි මේ Glace Pastry & Bakery පිහිටිලා තියෙන්නේත් සීතල හපුතලේ නගරය පසු කරමින් ගමනක් යනවා නම් ඔබත් ඇවිත් රසට කෑමක් කන්න ඇවිත් යන්න හොඳ තැනක් කිව්වොත් නිවැරදි මෙතන. ඉතින් ඔබත් මෙහි ඇවිත් යන්න මේ පැත්තේ එනවා නම්..


Leave a Reply

Your email address will not be published. Required fields are marked *