කන්න බොන්න කලින් එන්න

Giovanni’s pizza – Thimbirgasyaya නියම ඉතාලියානු පිසා එකක් කන්න ගිවොනිස් පීසා

banner

අගනුවර තියන සුපිරිම පීසා අලෙවිහල් අතර ඉහලින්ම සිටින පීසා අලෙවිහලක් තමයි ගිවොනිස් කියන්නේ.ඔවුන්ගේ අවන්හල නියම ඉතාලි පීසා සපයනවා.ඔබට මෙහි පැමින පීසා හදන හැටි බලා ඉන්නත් පුලුවන්.ඔවුන්ගේ පීසා උඳුන අවන්හලේ බිම් මහලේ මයි තියෙන්නේ.රසවත් පීසා වර්ග 15ක් පමන එකිනෙකට වෙනස් රසයෙන් කන්න ගන්න පුලුවන් මෙතනට ආවොත්.අපි අද ගොඩ වෙන්නේ Giovanni’s අවන්හලේ රසවත් පීසා ගැන ඔබට කියන්න.

වටපිටාව

giovannis4

මෙතන ඉතා කුඩා අවන්හලක් .බිම් මහලේ සහ පලමු මහලේ මේ පීසා අවන්හල ඔවුන් පවත්වාගෙන යනවා.අපි කලිනුත් කිවා වගේ ඔවුන්ගේ පීසා උඳුන බිම් මහලේ මයි තියෙන්නේ.ඔබට මෙහි ඇතුල් වෙනකොටම එය දැකගන්න පුලුවන්.ඉහල මහලේ තමයි ආහාර ගන්න තියෙන්නේ.එහි ඉඩ කඩ ඉතා සීමිතයි.පු‍ටු එක ලඟ තියලයි තියෙන්නේ.කහ පැහැයෙන් යුතු ආලෝකයත් එක්ක අසල පිහිටි කවුලුවෙන් පාර දෙපසට යන වාහන නරඹමින් ඔබට රසවත් පීසා එකක් කන්න ගන්න පුලුවන්.මේ ලක්ශන සියල්ල නියම ඉතාලි පීසා කඩයක ලක්ශන කිව්වොත් නිවැරදියි.ඉඩ ඇහැරී තිබෙන ස්වභාවය ඔබ වටා මේස්යේ සියලු දෙනා එකිනෙකට ලංකරනවා.ඇතුලත ඒ සී කරලායි තියෙන්නේ.මෙහි රාත්‍රී වෙන විට බොහෝ දුරට පිරෙන්න පුලුවන්.ඉඩ කඩ සීමිත නිසාවෙන් වැඩි දෙනෙකුට එක වර ආහාර ගන්න නම් බෑ.ටිකක් ‍රැ වෙන විට ඔවුන් බිම් මහලේ ඉදිරිපස ට මේස පු‍ටු සකස් කර ආහාර පිරි නමනවා.

බඩජාරි මෙනුපත

giovannis3

මෙතන එකිනෙකට වෙනස් පීසා වර්ග 15ක් පමන කන්න ගන්න පුලුවන්.ගොඩ දෙනෙක් කැමතියි මෙහි බේකන් පීසා එකට.මේසයට මතට එන විට එය දැකීමත් කටට කෙල උනන සුලුයි. පීසා එකේ පෙනුම ඉතා අලංකාරයි.ඉහත පිරවුම කිසිම ලෝබකමක් නැතුවම ඉතා රසවත්ව සාදා තිබෙනවා මේ පීසා එකක් 1400ක් වගේ වෙනවා.ඉතාම රසවත්.

ඔබ චිකන් රසට කැමතියි නම් ඔවුන් සතු ස්පයිසි චිකන් එකත් ඉතාම හොඳ තේරීමක්.එහි ඉහත පිරවුම වියලි මිරිස් කැබලි වලින් රතු පාටින් වර්නවත්.ඒ වගේම බැසිල් කොල වලින් මාලු මිරිස් ලූනු මිශ්‍රව රසවත් ව මොස‍රැල්ල චීස් සමගින් නියම ඉතාලියානු පීසා එකක මූලොක් බවින් යුක්තව තියෙනවා.

giovannis2

ඒ වාගෙම ඔබ මෙහි ආවොත් ට්‍රයි කරන්න හොඳ තේරීමක් තමයි මාගරිටා පීසා එක.එහිත් රස අනික් ඒවායෙන් වෙනස්.ඒ වගෙමයි Four Cheese පීසා එක.චීස් රසයට ඉතා රසවත්ව කන්න හොඳ තේරීමක්.

giovannis6

ඔබ නිර්මාංශ පමනක් ආහාරයට ගන්නවා නම් ගිවොනිස් හි වෙජිටබල් පීසා එකකට යන්නත් පුලුවන්.සමස්තයක් විදියට මෙහි පීසා වල රස ඉස්තරම්.ඒ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍යත් ඉතා නැවුම් .ඒ නිසා වෙන්න ඇති මේ පීසා මේ තරම් රසවත්.ඔබ මේ පීසා ලොකු ප්‍රමානයේ එකක් ගත්තොත් ඒ ප්‍රමාන්ය දෙදෙනෙකුට ඕනිවටත් වඩා ඇති තරම්.පොඩි බඩජාරි තුන් දෙනෙකුට ඇති තරම්.සියලු පීසා හි පිරවුම මදි නොකියන්න ලැබෙනව. ඒ නිසා ගෙවන මිලට වඩා වටිනවා.විව්ද ඉතාලි නම් වලින් යුතු පීසා 1000-1800ක් වගේ මිල ගනන් වලට ඔබට මෙතනින් ලබා ගන්න පුලුවන්.

සේවාව.

මෙහි සේවාව ඉතා උසස් මට්ටමේ එකක්.ඔබ මෙහි එන විට ඔවුන් නැවුම්ව පිලිගනීවි.පිටින් පෙනුමට ටිකක් විතර හිඔත ආපසට ගියත් මෙහි පැමිනි මොහොතේ සිට ඔවුන්ගේ සේවාවත් සමග සියලු අවුල් සහගත තැන් නිරවුල් වේවි.ඒ තරමට ඔවුන්ගේ සේවාව විශිශ්ට මට්ටමේ එකක්.මෙහි ඉන්න අය ඉතා හොඳින් ඔබත් එක්ක කතා කරාවි.ඔබට අවශ්‍ය හැටියට පීසා එක කැමති පරිදි අඩු වැඩියට හදාගන්න පවා පුලුවන්.ඔබ පීසා එක ඕඩර් කල පසු විනාඩි 15ක් වගේ කාලයකින් රසවත් පීස එකක් මේසයට ගෙනෙන්නට ඔවුන් සමත්.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් හයිලෙවෙල් පාරේ එන්න ඕනි.පොලිස් පාක් පහුවෙලා තිඹිරිගස්යාය හංදියට ඇවිත් කලර් ලයිට් එකෙන් වම් අත පැත්තට මීටර් 600ක් වගේ ගියා නම් පාරෙන් වම් අත පැත්තේ තමයි Giovanni’s පීසා අවන්හල පිහිටන්නේ.

ඔවුන් උදැසන 6 සිට රාත්‍රී 11 පමන වනතුරු මෙහි රසවත් පීසා අලෙවි කරනවා.මෙහි දුරකථන අංකය වෙන්නේ 0770335366. රසවත් පීසා එකක් කන්න හිතුනොත් මෙතනට ඇවිත් රස බලන්න.ගෙවන මිලට වඩා රසවත්ව වෙනස්ම අත්දැකීමක් ගන්න ඔබට හැකි වේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *