කන්න බොන්න කලින් එන්න

Gami Gedara – Kotte නියම ගමේ රසට කෑම වේලක් කන්න එන්න කෝට්ටේ ගැමි ගෙදර අවන්හලට

banner

ගැමි ගෙදර අවන්හල පිහිටන්නේ කෝට්ටේ පැත්තට වෙන්න බංගලා හංදියේ.ගැමි රසයට රසවත් කෑම වේලක් කන්න කියාපු තැනක් තමයි ගැමි ගෙදර කියන්නේ.ගොඩක් මේ පැත්තේ වැඩ කරන අය වගේම මේ පැත්තෙන් නිතර යන එන අය මේ ගැමි ගෙදරට ගොඩ වෙන්නේ කටට රසට රසවත් ආහාර වේලක රස බලන්නයි.අපි අද ගියා රසවත් ආහාර වේලක රස බලන්න ගැමි ගෙදරට.

වටපිටාව

gamigedara1

මේ අවන්හල පාර අයිනේ පිහිටන අවන්හලක්.තට්‍ටු දෙකේ නිවසක පහල තට්‍ටුවේ තමයි අවන්හල පවත්වාගෙන යන්නේ.ඔබ වාහනයකින් මෙහි එනවා නම් වාහනය පාක් කරගන්න පුලුවන් පහසු කම මේ අවන්හල සතුයි.අවන්හලට ඇතුලු වෙනකොටම පොල් අත් පියස්සකිනුයි ඇතුලු වෙන්න තියෙන්නේ.ඇතුලතත් පොල් අතු වලින් හෙවිලි කල වහලයකින් මේ අවන්හල යුක්තයි.ඇත්ලත ටිකක් අඳුරු උනත් කහ පැහැති විදුලි පහන් දල්වලා ඇතුල ආලෝකමත් කරලා තියනවා.පුන්චි කාලේ ඉස්කෝලේ යනකොට තියන ඩෙස් වලට පුංචි ස්ටූල් තියලා.ඒවා කොල පැහැයෙන් වර්නවත් කරලා තියෙන්නේ.මේ අවන්හල ඇත්ලත පිරිසිදුව ඔවුන් පවත්වාගෙන යනවා.

කෑම බීම

gamigedara2

මේ අවන්හල දිවා ආහාරය ගන්න එන අයගෙන පිරිලයි තියෙන්නේ.ගොඩ දෙනෙක් මෙහි එන්නේ දිවා ආහාරය ගන්නයි.මෙහි ප්‍රධාන ලෙස බත් එක්ක කන්න චිකන් මාලු පෝක් සහ දැල්ලෝ එක්ක කැම ගන්න පුලුවනි.මෙතන අපිට කැමති විදියට මාලු පිනි බත් එකට බෙදා ගන්න පුලුවනි.සුදු හෝ රත් කැකුලු එක්ක ගමේ කෑම වර්ග බහුතරයක් එක්ක මාලු පිනි 15ක් 20ක් අතරින් ඔබට කැමති විදියට ‍තෝරාගන්න පුලුවනි.මේ මාලු පිනි මටි හට්ටි වල දාලා තියන විදියම ඇසට පිය උපදවන සුලුයි කිව්වොත් හරි.කැම රස ඉස්තරම් කියන්න පුලුවනි.හරියටම ගෙදර හදලා කනවා වගේ රසයි.නියම ගැමි ගෙදරක කෑම වේලක් වගේ කියන්න පුලුවනි.එක එකට කියන්න දෙයක් නැතිවෙන්න හැම මාලු පිනි එකම රසවත්.

gamigedara3

මේ කෑම් පිඟානට ලැබෙන්නේ කෙසෙල් කොලේ ඉතින් කෙසෙල් කොලේ බත් එක්ක මාලු පිනිත් එකතු වෙලා පපඩම් කෑල්ලකුත් එක්ක කැවෙනකොට මේ කෑම එක පංකාදුයි කියන්න පුලුවනි.මේ විදියට ඔබට ඇති වෙන්න කන්න පුලුව්නෛ.කොහොම උනත් මිල ඔබ ගන්න මාලු පිනිත් එක්ක වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් මාලු පිනි වර්ග 4ක් එක්ක රසවත් කෑම වෙලක 200ක් වගේ මිලක් වෙනවා.මේ අවට තියන අවන්හල් එක්ක සැසඳුවොත් මේ මිල ටිකක් වගේ වැඩි උනත් ගෙවන මිලට මේ කෑම පාඩුවක් නම් නෑ.

සේවාව

මෙතන සේවාවත් ඉහල මට්ටමේ පවතිනවා.මෙහි වැඩ කරන අය ගොඩක් ප්‍රිය මනාප අය.ඒ වගෙම ගොඩක් ඇක්ටිව්.ඉක්මනට ඔබ කැමති විදියට ඉක්මනට මේසයට කෑම එක ගෙන්න ගන්න පුලුව්නෛ.කොහොම උනත් දවල් 1 වෙනකොට නම් මෙතන ටිකක් කාර්‍ය බහුලයි. ඒ වෙලාවට නම් ටිකක් ඉවසන්න වේවි

මග

මෙතනට එනවා නම් රාජගිරියේ පැත්තේ ඉඳන් කොට්ටේ පැත්තට කිලෝ මීටර් එක හමාරක් විතර එන්න ඕනි.පාරෙන් දකුනු අත පැත්තේ ඔබට මේ අවන්හල දැකගන්න පුලුවන් වේවි.කලු පැහැති බෝඩ් එකක සුදු අකුරින් ගැමි ගෙදර පුවරුව පාරේ කොයි පැත්තෙන් ආවත් ඇහැට පේනවා.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 011 7270207.කෑම ‍රැගෙන යන්නත් මෙතනින් පුලුවනි.දෙදෙනෙක් එක්ක කනවා නම් 500ක් ඇති මෙතනින් බඩ පිරෙන්න කන්න.ඔබත් මේ පැත්තේ ආවොත් Gami gedara ගොඩ වෙලා රසවත් කෑම වේලක රස බලන්න අමතක කරන්න එපා


Comments to Gami Gedara – Kotte නියම ගමේ රසට කෑම වේලක් කන්න එන්න කෝට්ටේ ගැමි ගෙදර අවන්හලට

  • Superb place n very tasty foods..
    Thanx for badajari.com to guide us..

    Chandima October 20, 2016 1:45 pm Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *