කන්න බොන්න කලින් එන්න

Frozen lemon restaurant – Embilipitiya රසවත් අහාර වේලක් ගන්න ඇඹිලිපිටියේ ෆ්‍රෝසන් ලෙමන් අවන්හල

banner

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක තොරතුරුයි අද අපි බඩජාරි අඩවියෙන් අද කියන්න යන්නේ.මේ අවන්හලේ නම Frozen Lemon Restaurant.මේ අවන්හල ප්‍රධාන ආහාර වගෙම බේකරි කෑම වර්ගත් අලෙවි කරන තැනක්.උඩවලවේ පැත්තේ අලි බලන්න ආවොත් හරි මේ ඇඹිලිපිටිය නගරය හරහා මාතර පැත්තට ගමන් ගන්නවා නම් හරි ඇවිත් නිවාඩු පාඩුවේ ආහාර වේලක් ගන්න හොඳ තැනක් තමයි මේ ෆ්‍රොසන් ලෙමන් අවන්හල.

වටපිටාව

frozen11

මේ අවන්හල සතුව ඉතා විශාල ප්‍රමානයේ පාකිං පහසුකම් පවතිනවා.අවන්හල වසාගෙන තියන විශාල ගසක හෙවනේ තමයි මේ තැන පිහිටන්නේ.භාහිර පෙනුමට ඉතා දැකුම් කලු මේ අවන්හල ඇතුලත මනරම් අයුරට සකස් කරලා තියනවා.ඇත්ලත ඉතාම ලස්සන අයුරින් සකස් කල අවන්හලක් තමයි මේ Frozen Lemon Restaurant එක.සුදු පැහැයෙන් පැහැගැන් වූ බිත්ති යේ ලංකාවේ නැරඹිය හැකි තැන් ගැන පින්තූර,විවිද රටවල වේලාව සටහන් වෙන ඔරලෝසු දර්ශනය කරලා තියනවා.වෙනම පුවරුවක මේ අවන්හල ලබා ගත් ජයග්‍රහනත් දර්ශනය කරලයි තියෙන්නේ.අවන්හලේ බුෆේ එක පැත්තකට වන්නටත් බේකරි කෑම තවත් පසකටත් වෙන්න සකස් කරලයි තියෙන්නේ.අවන්හල ඇතුලත හොඳින් ඒ සී එක වැඩ කරනවා.ඒ වගේම ඇතුලත ලොකු ප්‍රමානයේ ටී වී තිරයකුත් තිබෙනවා.ඇත්ලත අවන්හල හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා කියන්න පුලුවනි.

frozen15

මෙනුපත

මෙතන ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන ආහාර මෙනු එක බුෆේ ක්‍රමයට බත්.රතු කැකුලු හෝ සුදු කැකුලු සම්බා එක්ක දේශීය මාලු පිනි කැමති විදියට මස් හෝ මාලුත් එක්ක බුෆේ ක්‍රමයට මෙතනට ආවොත් කන්න ගන්න පුලුවනි.මීට අමතරව මෙහි වෙනම මෙනු එකේ පරිදි කැමති කෑමත් ඇනවුම් කරන්න පුලුවනි.මෙතන ට ආවොත් බුෆේ එකට වඩා ඔවුන් ගේ අනෙක් මෙනු පතේ තියන කෑම එකකට යනවා නම් වඩාත් හොඳයි.ඒ මොකද බුෆේ එකට වඩා මෙහි ෆ්‍රයිඩ් රයිස් සී ෆුඩ් රයිස් වගේ කෑම රසවත්.සී ෆුඩ් විදියට චොප්සි රයිස් එකත් ඉතා රසවත් මට්ටමේ එකක්.ඔබ වෙජිටේරියන් කෙනෙක් නම් වෙජිටබල් චොප්සි රයිස් එකත් මෙහි ඇවිත් උත්සහ කරන්න හොඳ කෑමක් කියන්න පුලුවනි.

frozen12

මේ අවන්හලේ ඉතා නැවුම් බේකරි නිශ්පාදනත් කෑමට ගන්න පුලුවනි.රෝල්ස් පැටිස් බනිස් වර්ග බිත්තර පාන් ,පේස්ට්‍රි වගේ කැමත් නැවුම් කේක් වර්ගත් කන්න ගන්න පුලුවනි.ඒ වගෙම ඩෙසර්ට් එකට වටලප්පම් කප් කේක් වගේ ආහාර වර්ගත් මෙහි කන්න ගන්න පුලුවනි.මෙහි කෑම ප්‍රමාන හොඳ මට්ටමේ ඇති වෙන්න තියනවා කියන්න පුලුවනි.දෙන්නෙක් මෙහි ඇවිත් ආහාර ගන්නවා නම් රුපියල් 1000කින් ශේප් වෙන්න පුලුවනි

frozen13

සේවාව

මේ කාර්‍ය මංඩලය මෙහි එන අයට හොඳ මට්ටමේ සේවාවක් සපයනවා.ඔවුන් ඉතා මිත්‍රශීලී.මෙහි මැනේජර් ලෙස කටයුත් කරන කෙනා පවා මෙහි යන එන අයගේ රුචි අරුචි හොයා බලනවා.කෑම උනත් ඉකමනට මේසයට ලැබෙනවා.සේවාව ඉතා හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි.

මග

මේ අවන්හලට ඔබ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ එනවා නම් උඩවලව හංදිය පහුවෙලා ඇඹිලිපිටිය නගරය පැත්තට කිලෝමීටර් 10ක් වගේ දුරක් එන්න ඕනි.ඒ එනකොට පාරෙන් දකුනු අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.විශාල ගස් සෙවනක සුදු පාටින් කල කොන්ක්‍රීට් වැටක් සහිත මේ අවන්හලේ නාම පුවරුව පාරේ ඉඳන් පැහැදිලිව දකින්නට පුලුවනි.ඇඹිලිපිටිය නගරයේ ඉඳන් මෙතනට තියෙනීඅ කිලෝමීටරයක් වගේ දුරක්.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0777137041/0472230033. පුංචි පහේ පාටි වලටත් මේ අවන්හල ඉඩ කඩ ලබා දෙනවා.උදේ ද්වා සහ රාත්‍රී ඕනැම වෙලාවකට මේ අවන්හල විවුර්ථයි.ඔබත් ඇඹිලිපිටිය නගරය පැත්තේ ආවොත් මේ අවන්හලට ගොඩ වෙලා පාඩුවේ රසවත් ආහාර වේලක රස බලන්න පුලුවනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *