කන්න බොන්න කලින් එන්න

Fresh Way Bakers අවිස්සාවේල්ලේ රස ආහාර පිරි අවන්හල ෆ්‍රෙශ් වේ

banner

අගනුවරින් පිටතට අවිස්සාවේල්ල හරහා දුර ගමනක් යනවා නම් ආහාර ගන්න කදිම තැනක් තමයි ෆ්‍රෙශ් වේ අවන්හල.මෙතන දුර ගමන් යන එන ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ තැනක් කිව්වොත් හරි. බේකරි කෑම වර්ග වගේම ප්‍රධාන ආහාර වර්ග කැමට ගන්න පුලුවන් කදිම තැනක් තමයි මෙතන. අද අපේ අවන්හල් වල රස රහස් සොයා යන ගමනේ නවාතැන්පොල ෆ්‍රෙශ් වේ අවන්හල.

වටපිටාව

freshway1

මෙතන පාකිං පහසුකම් තිබෙන තැනක්.මහල් දෙකකින් යුක්ත මේ අවන්හලේ පහත මාලයේ බේකරි නිශ්පාදන කැමට ගන්න පුලුවන්. මේ අවන්හල හොඳින් ඒ සී කරලයි තියෙන්නේ.තැනත් ඉතා පිරිසිදුව පවත්වාගෙන යන්න ඔවුන් උත්සහ කරනවා.ඒත් මැස්සෝ දෙතුන් දෙනෙක් නම් අපේ වටේ කැරකැවුනා.මෙහි ඇතුලත ෆැන් සවිකරලා ඒ වගේම ටී වී එකකුත් තියනවා.අවන්හල තුල මේස පු‍ටු නම් ඒ තරම් සැප පහසු නැතත් ඒ අතරම් අවුලක් නෑ..

බඩජාරි මෙනුපත

freshway2

මෙතන ඔවුන් සත්ව බේකරියක් තියන නිසා බේකරි කැම ගොඩාක් රසවත්.විවිද පාන් වර්ග විවිද රසයෙන් පේස්ට්‍රි එක එක රසින් බනිස් වර්ග ,රෝල්ස් පැටිස්,පැනි රස කෑම මෙහි ගන්න පුලුවන්.පැනි රසට කැමති අයට චොකෝ ක්‍රීම් බන් එක හොඳ තේරීමක්.මෙහි කේක් ගැටෝ වගේ තවත් බොහෝ පැනි රස කැම වර්ග විවිද නම් වලින් කන්න ගන්නත් පුලුවන්.බීමට පලතුරු බීම වර්ග ,දෙහි යුශ ,කිරි තේ, කෝපි වගේ බීම වර්ගත් මෙතනින් ගන්න පුලුවනි.

freshway3

දිවා ආහාරයකට වගේ එනවා නම් රයිස් වර්ග රයිස් ඇන්ඩ් කරි ෆ්‍රයිඩ් රයිස් මික්ස් රයිස් වර්ග කැමට ගන්න පුලුවන්. මෙහි කෑම ඉතාම රසවත් .ඒ වගෙම පෙනුමටත් හොඳයි.ආහාර මේසයට එනවිට එය දැකීමත් කටට කෙල උනන තරමට ඒවා මේසයට පිලිගන්නන්න මෙහි අය සමත්.සවස වරුවකට කොත්තුවක් කන්නත් මෙතන කදිම තැනක් කිව්වොත් නිවැරදියි.මේ හැම කැම එකකටම හොඳ පෝශන් එකක් පිඟානට හම්බවෙනවා.

freshway4

මෙතන කෑම බීම වල ගානත් ගොඩක් සාධාරනයි.දෙන්නෙක් ඇවිත් කෑම කෑවොත් 1500 කින් වගේ හොඳටම කන්න පුලුවන් වෙයි.

සේවාව

සේවාව මෙතන කියන්න තරම් ලොකු විශේශයක් නම් නෑ. ස්වයං සේවා හැටියට තමයි සියලු දේ කෙරෙන්නේ.වයිෆයි පහසුකමත් මෙතන තියනවා.මෙහි වොශ් රූම් එහෙම පිරිසිදුව පවත්වාගෙන යනවා.

මග

මෙතනට එනවා නම් කොලඹ ඉඳන් කිලෝ මීටර් 42ක් වගේ දුරකින් තියෙන්නේ. අවිස්සාවේල්ල නගරයේ ඉඳන් නම් කිලෝ මීටර් 3.5ක් වගේ. හරියටම කිව්වොත් කොලඹ පැත්තේ ඉඳන් එනකොට පුවක්පිටිය දුම්රියපොල පහු උනු ගමන් මීටර් 100ක් ගිය තැන වම් අත පැත්තෙන් මේ අවන්හලට ලඟා වෙන්න පුලුවන්

ඔවුන්ගේ ලිපිනය වෙන්නේ no 525, අවිස්සාවේල්ල පාර අවිස්සාවේල්ල.දුරකතන අංකය 0362222476.මෙතන උදේ ඉඳන් රාත්‍රී වෙන තුරු විවුර්ථව පවතිනවා.ඔබත් දුර ගමනක් යන අතර තුර රසවත් කෑම වෙලාක් ගන්න ගොඩ වෙන්න හොඳ තැනක් තමයි Fresh Way Bakers කියන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *