කන්න බොන්න කලින් එන්න

සංගක්කාරගේ ප්‍රියතම ගාලු කොටුවේ සී ෆුඩ් අවන්හලට ගොඩ වෙමු – Elita Restaurant Galle

banner

ගාලු නගරය නිතරම දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රියතම සංචාරක නවාතෑනක්.ගාලු කො‍ටුව වටේ රවුමක් යන්න මෙහි එන සංචාරකයන් කවුරුවත් අමතක කරන්නේ නෑ.ගාලු කො‍ටුව බලන්න ඇවිත් රසවත් සි ෆුඩ් කෑම වේලක රස බලන්න පුලුවන් නම් එය ඔබේ සංචාරයට තවත් අගයක් එකතු කරනවා නිසැකයි.ඉතින් එහෙම ගාලු නගරය බලන්න ඇවිත් රසම රස සී ෆුඩ් කන්න යන්න නියම තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ .මේ අවන්හල නමින් එලීට අවන්හල.පිහිටන්නේ ගාලු කො‍ටුවේ.අපි අද කියන්න යන්නේ මේ අවන්හලේ රස රහස්.

වටපිටාව

elitaview

මේ අවන්හල ගාලු කො‍ටුවේ පිහිටන පැරනි ගොඩනැගිල්ලකයි පවත්වාගෙන යන්නේ.අවන්හල ඇතුලේ සහ පිටත ආහාර ගන්න තැන් සකස් කරලා තියනවා.ඇතුලත කොර්ඩෝ වල පවා පු‍ටු මේස සකස් කරලා මෙහි යන එන අයට ඉඩ පහසුව හදලා තියනවා.ඇතුලත මේස පු‍ටු ටිකක් ලගින් ලගින් අසුරලා තියන නිසා පොඩ්ඩක් ඉඩ පාඩුව නම් ඇහිරිලා වගේ තමයි තියෙන්නේ.අවන්හල ඇතුලත කහ පැහැයට හුරු පාටකින් බිත්ති වර්නගන්වලා තිබෙනවා.මේස වල පවා ඒ පාටට සමාන පාටකින් වර්න ගන්වලා.අවන්හල ඇතුලත හොඳින් පිරිසිදුවට පවත්වාගෙන යන බවක් පේනවා.විවිද වර්ගයේ වෙස්මුහුනු මේ අවන්හලේ බිත්ති වල එල්ලලා තියනව.ඒක ටිකක් වෙනස්.ඒ වගේම රාත්‍රී කාලයට මේ කහ පැහැ බිත්ත්ති එක්ක විදුලි පහන් වලින් එන සුදු මද ආලෝකයත් අවන්හල තුලට අමුතු ගතියක් එකතු කරලා තියනවා.අවන්හලේ ගොඩනැගිල්ලේ ඉපැරනි බවත් මේ අවන්හලට යම් ආලෝකයක් ගෙනත් කියන්න පුලුවන්.

මෙනුපත

elitaMenu

මේ අවන්හල එන් වෙන්නේ මුහුදු මාලු රසට කැමති අය වෙනුවෙනුයි.මේ අවට මුහුදෙන් අල්ලන නැවුම් මුහුදු මාලු වල රසය මේ අවන්හලට ආවොත් ඔබට නොමසුරුව විඳගන්න පුලුවන්.මෙහි විශේශත්වාය වෙන්නේ මේ අවන්හලේ මෙනු එක ඒ ඒ දවසට වෙනස් වෙනවා.ඒ වගෙම එක දවසකට තියන මෙනු එකක් ආයෙත් ඊලඟ දවසට ගෙනියන්නේ නෑ.ඔබට මෙහි ඇති සුදු පැහැ පුවරුවක අදාල මෙනුපත දර්ශනය කරලා තියනවා.ඔබට මෙහි ආවොත් එයින් කැමති එකක් ‍තෝරලා කියන්න පුලුවනි.එහෙම කිව්වට පස්සේ එවෙලේ තමයි ඔවුන් මේ මෙනු එක පිසින්නේ.ඒ සඳහා මෙහි අයිතිකරු වන බෙල්ජියමේ පුහුනුව ලත් ප්‍රවීන කෝකියෙක් වගෙම ඔහු යටතේ හරි හරියට වැඩ කරන හොඳ සහයක සෙට් එකක් ඉන්නවා.

elitaMenu2

මෙහි ඔබට ආවොත් ඉස්සෝ දැල්ලෝ පොකිරිස්සෝ බූවල්ලෝ මාලු වර්ග වගේ ගොඩාක් සී ෆුඩ් කෑම වලින් යුත් රසවත් මෙනු එකක් ‍තෝරාගන්න පුලුවනි.බූවල්ලන්ගෙන් හදාපු සැලඩ් වර්ග බැදපු ටයිගර් ප්‍රෝන්ස් බැදෞ ඉස්සෝ පොකිරිස්සෝ වගේ කෑම වර්ග ගොඩක් වෙලාවට මේ මෙනු එකට එක එක විදියට එකතු වෙනවා.ගරූපා එකක් උනත් කන්න ගට්තට කිසි පාඩුවක් නෑ.ඉතාම රසවත් විදියට ඔවුන් මේ කැම ජාති එවෙලේ පිලියෙල කරලා දෙනවා.මේ කැම පිරිනමන හැටිත් සුවුශේශී කියන්න ඕනි.ඉතාම අලංකාරවත්ව දකින්න ප්‍රිය වෙන විදියට මේ අවන්හලේ කෑම මේසයට පිලිගන්වන්නට ඔවුන් සැදී පැහැදී ඉන්නවා.

elitaMenu3

මේ කෑම් පෝශන් එකක් දෙන්නෙක්ට නැත්නම් තුන්දෙනෙක්ට ඕනිවටත් වඩා ඇති තරම් .ඒ නිසා ප්‍රමාන ගැන නම් වද වෙන්න දෙයක් නෑ.ඒ කොහොම උනත් මේ කෑම වල මිල ගනන් නම් ටිකක් වැඩියි කියන්න ඕනි.සාමාන්‍යෙන බඩපිරෙන්න දෙන්නෙක්ට මෙහි ඇවිත් කන්න රුපියල් තුන් හාරදාහක් ඉයදම් කරන්න වෙනවා

සේවාව

මෙහි අයිතිකරු ලෙස වැඩ කරන්නේ මේ අවහලේ ප්‍රදාන සුපවේදියා.ඔහු මෙහි යන එන හැමටම ප්‍රියමානාපව හොඳින් සලකනවා.ම්හි සේවය කරන අනික් අය මේ සඳහා වෙනම පුහුනු උන අය නොවුනත් ඔවුන් ඔවුන්ගේ වැඩේ නිසි පරිදි ඉ‍ටු කරනවා.කොහොම උනත් මේ අවන්හලට ඇවිත් කැම එක ලැබෙන කන් ඔබට ඉවසන්නම වෙනවා.ඔබ මෙනු එකෙන් අදාල කෑම ‍තෝරලා පසුව තමයි ඔවුන් එවෙලේ උයන්නේ.ඉතින් මේ සඳහා යන කාල ඔබට ඉවසන්න නම් වෙනවා.

මග

මේ අව්නහල පිහිටන්නේ ‍රැම්පාර්ට් වීදියීඅ ඇති ඇතුල් වීදියකට වෙන්නටයි.ගාලු අන්තර්ජාතික ක්‍රිඅංගනය පැත්තෙන් ‍රැම්පාට් වීදිය දිගේ එනකොට මහජන බැංකුව පහු කරන් එනකොටම ආමි ක්‍රීඩාංගනයත් එක්කම තියන Middle Street එකේ පොඩ්ඩ දුරක් පය්න් එනකොට පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ

මේ අවන්හල උදේ දිවා සහ රාත්‍රී යන තුන් වරුවටම ආහාර සපයනවා.උදේ 8 ඉඳන් රාත්‍රී එකොලහ වගේ වෙනකන් මේ අවන්හල විවුර්ථයි.මෙහි දුරකථන අංකය වෙන්නේ 0772423442. මේ අවන්හල දේශීය වගේම විදේශීය ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය තෑනක්.ඒ වගෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කංඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාරත් ගාල්ලේ ආවොත් මේ අවන්හලට ගොඩ වෙන්න අමතක කරන්නේ නැති බව තමයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් ඔයගොල්ලොත් ගාලු නගරයට සංචාර්යකට ආවොත් Elita Restaurant එකට ගොඩ වෙලා රසවත් සී ෆුඩ් කෑම වේලක් ගන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *