කන්න බොන්න කලින් එන්න

Donett’s Restaurant – Puttalam පුත්තලමේ පුන්චි පහේ රසවත් නවාතැන ඩොනෙට්ස්

banner

පුත්තලම පැත්තේ සංචාරයකට යනවා නම් කන්න හොඳ තැනක් හොයාගන්න එක තරමක් අපහසු වැඩක්.අපි ද කියන්න යන්නේ පුත්තලම් නගරයට වෙන්නට තියන පුන්චි රසවත් අවන්හලක තොරතුරුයි.මේ අවන්හල නමින් ඩොනෙට්ස්.

වටපිටාව

donetts1

මේ අවන්හල කුඩා ප්‍රමානයේ එකක්.පිටින් බලනකොට තවත් පුන්චියි.හොඳ මට්ටමේ අවන්හලක් කියලා පිටින් පේන්නත් නෑ.අවන්හල ඇතුලට ආවොත් ප්‍රසන්න බවක් ඇතිවෙන මට්ටමේ පවතිනවා.ඇතුලත ඒ සී කරලයි තියෙන්නේ.අවන්හල ඇතුලත ලී මේස පු‍ටු ඉසුව පහසු මට්ටමේ ඒවා.ඒ සී එක ඇඟට දැනෙන මට්ටමට තියනවා.බිමට ටයිල් අතුරලා ඇත්ලත හොඳට පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේන්න තියනවා

මෙනුපත

donetts3
ඔවුන්ගේ මෙනුපත ටිකක් විතර දිගු එකක්.ඒ කේ රයිස් වර්ග විදියට බිරියානි ෆ්‍රයිඩ් රයිස් වගෙම සී ෆුඩ් රයිස් කන්න ගන්න පුලුවනි.රයිස් ඇන්ඩ් කරි ගන්නත් පුලුවන්.ගොඩක්ම මේ මෙනු එකේ තියෙන්නේ සී ෆුඩ් තමයි.මේ මෙනු එකේ විශේශිත කෑමක් විදියට සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් කියන්න පුලුවනි.ඒක ඉස්සෝ දැල්ලෝ වගේ සී ෆුඩ් එකත් වෙලා තමයි හදන්නේ.ඒ වගෙම චිකන් කොත්තු චීස් කොත්තු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවනි.

donetts2

බීම විදියට පලතුරු බීම වර්ග තේ කෝපි වර්ගත් ඔබට මේ මෙනු එකෙන් ඕඩර් කරන්න පුලුවනි.ගොඩක් මේ මෙනු එකේ තියන කෑම වර්ග ඔවුන් ඔබට ලබාදෙන්න සැදී පැහැදී ඉන්නවා.මෙහි ආවොත් රසවත් ‍තෝරාගැනීමකට බිරියානියක් එක්ක වටලප්පමක් වගේ කන්න බලන්න.ඉතාම රසවත් ‍තෝරාගැනීමක් වෙනවා නො අනුමානයි.

මේ කෑම වල ප්ර්මානයන් ඇති වෙන්නම පිඟානට ලැබෙනවා කියන්න ඕනි.ඒ වගෙම ඔබට අවශ්‍ය විදියට අනික් මාලු පිනි හොදි වර්ග වගේ ඉකමන්ටම ලගට ගෙන්වා ගන්න පුලුවනි.සාමානයයෙන් රයිස් වර්ග 200-500 අතර මිල සීමාවේ පවතින්නේ.ඉතින් ගෙවන මිලට මේ අවන්හලේ ආහාර වේලක් කිසි පාඩුවක් නම් නෑ.

සේවාව

සේවාව ගැන නම් ඒ තරම් ලොකුවට කියන්න දෙයක් නෑ.සාමානය මට්ටමේ සේවාවක් ලබාගන්න පුලුවනි.කොහොම උනත් ඔබ ඇනවුම් කරන කෑම ඉක්මනට මේසයට එනවා.මෙහි සේවකයන් ඔවුන්ගේ පාඩුවේ ඔවුන්ගේ වැඩ කොටස කරන බවක් පේනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ පුත්තලම නගරයට කිට්‍ටුවෙන්මයි.පුට්තලම නගරයේ කොලඹ මන්නාරම පාරත් පුත්තලම අනුරාධපුර පාරත් එකට හමුවෙන ත්න් මං හන්දියෙන් මන්නාරම් පැත්තට නගරය මැදින් මීටර් 200ක් විතර ගියහම හම්බෙන පාරෙන් දකුනට හැරිලා හෙට්ටි වීදියට හැරෙනකොටම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ..පුත්තලම් නගරයට ඇවිත් හෙට්ටිවීදියේ donett’s restaurant එක තියන තැන කාගෙන් හරි ඇහුවත් මෙතන පෙන්වාවි.

මේ අවන්හල පවුලක් එක්ක එකට ඇවිත් උනත් ආහාර ගන්න පුලුවන් මට්ටමේ තැනක්.ඒ වගෙම පුන්චි පහේ සාදයකට උනත් ඔවුන් මෙතන පහසුකම් සලසනවා.ගොඩ දෙනෙක් පුත්තලම වගේ ප්ලාතකට ඇවිත් කෑම ගන්න හොඳ අවන්හලක් හොයනවා නම් මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක් වේවි.මෙතන අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 032 7 201751.ඔබත් මේ පැත්තේ ආවොත් ඩොනට්ස් අවන්හලට ඇවිත් මේ අවන්හලට ගොඩ වෙලා රසවත් ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *