කන්න බොන්න කලින් එන්න

Divulhena Oriental village Restuarant – Habarana හේන් පැලකට වෙලා ගමේ විදියට කටට රහට කන්න එන්න හබරන දිවුල්හේන අවන්හලට

banner

සුන්දර ඉසව්වක ඉඳන් කටට රසට ආහාර වේලක් ගන්න අපි කවුරුත් කැමතියි.හබරන පැත්තේ හේනක් මැද මැටියෙන් හදාපු ගෙපැලක ඉඳන් රසවත් කෑම වේලක් කන්න යන්න කියාපු තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් දිවුල් හේන ඔරියන්ටල් විලේජ් අවන්හල.මේ අවන්හල මේ නමින් නම් වෙන්නත් හේතුවක් තියනවා.දිවුල් යන නමින් දේශීය පලතුරු වර්ගත් හේන නාමයෙන් ලංකාවේ පිහිටි හේනක සැබෑ අත්දැකීමත් ඔරියන්ටල් නාමයෙන් දේශිය ආහාර වර්ගත් සපිරිනු කියන තේරුමෙන් තමයි මේ අවන්හල් නාමය හැදිලා තියෙන්නේ.සුන්දර වටපිටාවක ටිකක් පාරෙන් ඇතුලට වෙන්න පිහිටි දිවුල් හේන අවන්හල ගැනයි අද අපි කියන්න යන්නේ..

වටපිටාව

divulhena3

මේ අවන්හල වටපිටාව ගැන විශේශයෙන් කිවයුතුයි.ඒ තරමටම මේ වටපිටාව මනරම්ව හදලා තියනවා.මේ අවන්හල පිහිටන්නේ හබරන ප්‍රදේශයේ හේන්බිමක පැත්තකින් පිහිටි  කුඹුරු යායක් මැද්දට වෙන්න.පුන්චි ලී දඩු වැටක් පැනලා හේන මැදින් තමයි මේ අවන්හලට එන්න වෙන්නේ.මේ පුංචි පැල සම්පූරනයෙන්ම හදලා තියෙන්නේ මැටියෙන්.වහල ලී දඩු මතින් සෙවිලි කල පොල් අතු උඩ පිදුරු අතුරලා.මේ අවන්හල ඈතින් දකිනකොටම ප්‍රසන්න බවක් ඇති වෙනවා.

divulhena4

මෙහි මැටියෙන් හදාපු වේදිකාවක තමයි වාඩි වෙන්න තියෙන්නේ.ඊට උඩින් පැදුරු එලලා.කන්න තියෙන්නේ ලීයෙන් කල වෙනම මේසයක.අපි හැමදාම දකින අවන්හල වලින් මේ අවන්හල ටිකක් වෙනස්.මේ අවන්හලේ වෙනම තැනක වේදිකාවක මැටි වලන් වල තමයි බුෆේ එක සකස් කරලා තියෙන්නේ.අවන්හලේ කෑම ඔබට ලැබෙන්නේ පන් වලින් හදාපු වට්ටියක උඩින් කෙසෙල් කොලයක් අතුරලා.මේ අවන්හල තුල හැම දෙයක්ම කලින් මනාව සැලසුම් කරලා තියෙන බවක් පේනවා.

divulhena6

බඩජාරි මෙනුපත

මේ අවන්හලේ බුෆේ එකක් තමයි කන්න ගන්න තියෙන්නේ අපි අර කලින් කීව වේදිකාව උඩ දැකුම් කලු විදියට රතු කැකුලු හරි සුදු කැකුලු බත් එක්ක හරි කැම මාලු පිනි කැමති විදියට බෙදා ගන්න පුලුවනි.මේ මෙනු එකේ අපිට ‍තෝරගන්න දේශීය කෑම වර්ග ගනනාවක් තියනව.අම මාලුවක් බන්ඩක්කා බැදුමක්,ලූනු සම්බෝලයක්,මුරුංගා හොද්දක්,පොලොස් මාලුවක්,කොල මැල්ලුමක් ,බැදපු වැව් මාලු කෑල්ලක් මේ මෙනු පතේ නිතර තියෙනවා.දසෛන් දවසට මේ මෙනු එක විවිද මාලු පිනි වලින් වෙනස් වෙනවා. ඒ උනත් මෙනු එක නම් දෙශීය ආහාර පාන වලින් පිරිලයි තියෙන්නේ.

divulhena1

මේ බුෆේ එකටම අපිට කැමති නම් මංඤොක්කා රොටී බඩ ඉරිඟු වගේ ගමේ කෑම්ත් එකත් කරගන්න පුලුවනි.ගොඩක් කෑම වර්ග මේ අවට වටපිටාවෙන් හොයාගත්තු ඒවා.අවන්හල ඇතුලත තමයි මුලුතැන්ගෙයත් පිහිටන්නේ.ඔබට එහි තත්වයත් ඕනි නම් බලාගන්න පුලුවනි.කෑම ගැන කිව්වොත් මේ කෑම වේල ඉතාම රසවත්.කටට රසට ගානට ලුනු මිරිස් එකත් කරල.නියම ගමේ කෑම වේලක් වගෙම රසවත් කියලා කියන්න පුලුවනි.මේ ඔක්කොම මාලු පිනිත් එක්ක පිඟානට බෙදාගත්තහම කන්නේ කොයි වෙලේද කියලා ඉස්පහසුවක් නැති තරම්.ඒ තරමටම මේ කෑම වේල දැකීමත් ප්‍රියයි.

divulhena2

මේ විදියට කාලා අන්තිමට කන්න රසවත් පලතුරු කෑමති විදියට ‍තෝරගෙන කන්නත් ඔබට පුලුවනි.කොමඩු කෙසෙල් ගස්ලබු වගේ දේශීය පලතුරු කැමති විදියට කන්න ගන්න ඔබට මෙහි ආවොත් පුලුවනි.

divulhenafruits

මේ අවන්හලට කෑම වේලකට යනවා නම් කලින් අමතලා ඒ ගැන ඔවුන්ට දන්වලා යන්න ඕනි.ඒ වගෙම එක්කෙනෙක්ට දෙන්නෙක්ට නම් ඔවුන් මේ අවන්හල වෙන් කරන්න වැඩි කෑමැත්තක් නෑ.පස් හය දෙනෙක් එක්ක යනවා නම් තමයි ඔවුන් මෙතන ඔබට ආහාර ගැනීමට වෙන් කරන්නේ.ඒක නම් පුංචි අවාසියක් කියන්න ඕනි.කොහොම උනත් දේශීය සංචාරකයෙකුට මෙහි ආවොත් රුපියල් 600-800ක් වගේ මුදලක් වැය කරලා මේ සුන්දර අවන්හලෙන් රසවත් කේම වේලක් ගන්න පුලුවනි.මේ අත්දැකීමත් එක්ක මේ මිල නම් සාධාරනයි කියන්න පුලුවනි.

සේවාව

මේ අවන්හලේ හොඳ මට්ටමේ සේවාවක් ඔබට ලබා ගන්න පුලුවනි.ගොඩක් වෙලාවට මෙහි යන්න කලින් ඔබට ඇනවුම් කරන්න වෙනවා කී දෙනෙක් එනවද යන්න. එවිට ඔවුන් පෙර හොඳින් සූදනම් වෙලයි ඉන්නේ.ඉතින් මේ අවන්හලට ඇවිත් ගිමන් හැරලා ආහාර ගන්න පරක්කුවක් නෑ.මෙහි ඉන්න සේවකයන් ඔබට සුහදශීලීව සංග්‍රහ කරනවා.ටික වෙලාවක් යනවිට මෙතන තමන්ගේ තැනක් වගේ හැ‍ඟෙවි.ඒ තරමටම ඔවුන් හොඳින් මෙහි එන අයට සලකන බවක් පේනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ දඹුල්ල ත්‍රීකුනාමලය ප්‍රධාන පාරේ දඹුල්ලේ ඉඳන් හබරන පැත්තට එනකොට හබරන නගරයට මෙහායින් කාශපගම පාරේ එන්න ඕනි..මෙතනට ඉනාමලුව හංදියේ ඉඳන් කිලෝමීටර් 13ක් වගේ දුරක් තියනවා..කාශපගම පාර වැටෙන්නේ පාරෙන් දකුනු අත පැත්තට.ඒ පාරේ මීටර් දෙසීයක් වගේ කොන්ක්‍රීට් පාරේ ඇවිත් ආයෙත් මැටි පාරෙන් වම් අත පැත්තට ආයෙත් මීටර් 250ක් වගේ ඉස්සරහට යන්න වෙනවා.මෙතන්ට යන්න කලින් ඔවුන්ගෙන් පාර විමසලා යන එක වඩා හොඳයි.ටිකක් ඇතුලට වෙන්න තියන අවන්හලක් නිසා පොඩ්ඩක් පාර හොයාගන්න එක අපහසු වැඩක්.

මෙතන එක වර 20ක් 30කට එක වර කෑම ගන්න පුලුවන් තැනක්.ලංකාවේ අය වගෙම විදෙස් අයට මේ අවන්හලේ සේවය සලසනවා.මෙතන දුරකථන අංකය වෙන්නේ 0712261614.ඔය අංකෙට කතා කරලා ඔබට මෙහි යන්න කලින් වෙන් කිරීම කරගන්න පුලුවනි.ඉතින් ඔබත් හබරන නගරය පසු කරමින් යන ගමනකදි රසවත් කෑම වේලක් වෙනස් විදියට ගන්න පුලුවන් ඉස්තරම් තැනක් තමයි Divulhena Oriental village Restaurant කියන්නේ.ඔබත් මේ පැත්තේ අවොත් මේ අවන්හලට ගොඩ වෙලා ඒ නැවුම් සහ වෙනස්ම අත්දැකීමත් එක්ක රසවත් කැම වෙලක් ගන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *