කන්න බොන්න කලින් එන්න

Devon Bakeaway – Nugegoda නුගේගොඩ නගරයේ රසවත් කැම සපිරි අවන්හල ඩෙවොන්

banner

ඩෙවොන් අවන්හලක් ගැන අපි කලිනුත් කිව්වා මතක ඇති.ඒ නුවර. අද අපි කියන්න යන්නේ ඒ ඩෙවොන් අවන්හලේම එක ශාඛාවක් වෙන නුගේගොඩ පිහිටි ඩෙවොන් අවන්හල ගැන.මෙතන ගොඩක් බඩජාරීන් නිතර යන එන තැනක්.ඒ නිසාම ටිකක් කාරය බහුලයි.හැම වෙලේම මිනිසුන්ගෙන් පිරිලා.ඒ මෙහි කැම වල රසය නිසාමයි.

වටපිටාව

devon1

නුගේගොඩ ඩෙවොන් එක හරියේ පාකිං හොයාගන්නවා කියන එක නම් ටිකක් අමාරු වැඩක්.කොහොම උනත් හයිලෙවල් පාර ආසන්නයේ හංඳ මේ හරියේ පාක් කරන්න නම් ටිකක් අමාරුයි.මේ ආපන ශාලාවේ ඇතුලත මහල් දෙකකින් යුක්ත වෙනවා.ඉහල මහල හොඳින් ඒ සී කරලයි තියෙන්නේ.පහල මහල කොටස් දෙකකට වෙන් වෙලා. එහි කුඩා ඉඩක කැම කන්න ගන්න පුලුවන් තැන් දෙකක් පිහිටනවා..මේ බිම් මහල නම් ගොඩාක් කලබල කාරී. හොඳම දේ කැම එක අරන් උඩ මහලට යන එක.උඩ ටිකක් දුරකට හොඳයි. ඒත් කාර්‍ය බහුල වෙලාවක නම් ඔබට එතන උනත් ඉඩක් ගන්න මද වෙලාවක් ඉන්න උනත් සිදු වෙන්න පුලුවන්

කෑම බීම

devon4

මෙතන කැම බීම ඉතාම හොඳ මට්ටමේ තියනවා.උස්දේ දිවා රාත්‍රී තුන් වෙලාවටම ඔවුන් කැම සපයනවා.ඔවුන් සතුව උදෑසනට බ්‍රේක්ෆස්ට් පැකේජ තියනවා.හොඳම එක තමයි ඉඳි ආප්ප හරි පාන් හරිත් එක්ක කිරි මාලු පරිප්පු හොදි පොල්සම්බෝල එක්ක ටී එකක් බොන එක.මේකකට 275ක් යනවා.ඔබට එහෙම කන්න බෑ වගේ නම් හොඳම දේ පිට්‍ටු කන එක.උදේ පිට්‍ටු හරිම නැවුම් ඒ වගේම රසවත්..ඒ වගේම ලොකු ප්‍රමානයක් පිඟානට හම්බවෙනවා..

devon3

ඔබ මෙහි ආවොත් උත්සහා කරන්න රයිස් වර්ග අතර ඩෙවොන් ස්පෙශල් පෝක් එක මරු.ගාන 650ක් වෙනවා. ගෙවන මිලට වටින්න රසට කැම එක නම් ලැබෙනවා.හැම වෙලේම මේ කෑම් තියෙයිද කියන එක නම් සැකයි.ගොඩක් වෙලාවට බිරියානි නාසි සහ ෆ්‍රයිඩ් රයිස් තමයි ගන්න පුලුවන් වෙන්නේ. මික්ස් නාසිය උනත් ඉතා හොඳ මට්ටමක තියනවා.තම්බපු බිත්තරයක් එක්ක බිරියානි එකක් 350ක් වෙනවා.චිකන් නාසි එකක් 425යි.මේවට අමතරව විවිද වර්ගයේ ස්පැගටි,චොප්සි පැස්ටා වගේ කැමත් අපිට මෙතනින් ගන්න පුලුවන්.රාත්‍රියට වගේ කනවා නම් නූඩ්ල්ස් උනත් වරදක් නෑ.විවිද වර්ගයේ නූඩ්ල්ස් වර්ග 300-450ත් මතර මිල පරාසයේ පවතින්නේ.

ඩෙසර්ට් වලට වටලප්පමක් කනවා නම් ඒකක් 125ක් වෙනවා.පලතුරු සලාදයක් ඒ ගනන්මයි.තවත් ඩෙසර්ට් වර්ග ත් ඔවුන් සතුයි.අයිස් ක්‍රීම් ගන්නවා නම් චකලට් ,වැනිලා හෝ ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් ඕනි එකක් 125යි. ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් එකක් 150ක් වෙනවා.දෙන්නෙක් වගේ ඇත් බඩපිරෙන්න 700ක් තිබුනොත් ඇති.

සේවාව

මෙතන සියලු කටයුතු ස්වයං සේවා විදියට සිද්ද වෙන්නේ.කොහොම උනත් ගොඩක් වෙලාවට පෝලිමක නම් ඉන්න වෙනවා.කලින් බිල දාගෙන ආවහම ඕනි කැම ගන්න පුලුවන්.සේවාව ගැන කියන්න තරම් ලොකු දෙයක් නෑ.

මග

මෙතනට එන්න ඒ තරම් අමාරුවක් නෑ .තියෙන්නේ නුගේගොඩ නගරයේ මයි.මැක්ඩොනල්ඩ් අවන්හල තියන හරියේ පාරෙන් අනික් පසින් තමයි ඩෙවොන් අවන්හල පිහිටන්නේ.කොලඹ ඉඳන් එනවා නම් පාරෙන් වම් අත පැත්තට වෙන්න.

මෙතන උදේ 6.30 ඉඳන් රාත්‍රී 8 පමන වන තුරු විවුර්ථයි.ඔවුන්ගේ දුරකථන අංකය 011 2820633.නුගේගොඩ නගරයට ආපු වෙලාවක රසට කෑම වේලක් කන්න ඇවිත් යන්න හොඳ තැනක් තමයි ඩෙවොන් අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *