කන්න බොන්න කලින් එන්න

වැව්මාලු එක්ක බත් කාලා ඩෙසර්ට් එකට කිරි පැනි කන්න එන්න Derana restaurant – Polonnaruwa

banner

පොලොන්නරුව වගේ දුර බැහැරක ඇවිත් මේ පලාතේ වැවෙන සරුසාර කුඹුරු වල හාලේ රහට රසම රස කෑම වෙලක් අරන් යන්න තියනවා නම් ඒක ඉතා හොඳ අත්දැකීමක්.ඒ විදියට පොලොන්නරුවේ ඇවිත් කටට රසට කෑම වේලක් ගන්න හොඳ තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ තැන නමින් දෙරන අවන්හල.බුෆෙ අක්‍රමයට දිවා ආහාරය ගන්න යන්න හොඳ තැනක් විදියට මේ Derana restaurant Polonnaruwa එක හඳුන්වලා දෙන්න පුලුවනි.

වටපිටාව

derana2

මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුවෙන් මඩකලපුව පාරේ.ප්‍රධාන පාර අයිනටම වෙන්නට පිහිටන අවන්හලක් තමයි මේක.එහෙම උනත් වාහනයක් ඔබ මෙහි ආවොත් පාකිං සඳහා හොඳ ඉඩපහසුවක් මේ අවන්හල සතුයි.විවුර්ථ අවන්හලක් විදියට තමයි මේ අවන්හල පවතින්නේ.ගඩොලින් බැඳපු බිත්ති මත ගොඩ නැගුනු අවන්හල වහලය දාපු ඇස්බැස්ටෝස් වලින් ආවරනය කරලයි තියෙන්නේ.දවල් වරුවට ඇතුලට එන රස්නය නවත්වන්න විදුලි පංකා සවි කරලා තියනවා.ඇත්ලත බිම සිමෙන්ති අතුරලායි තියෙන්නේ.කැමට හතර ඩෙහ්නෙක්ට එකට ආහාර ගන්න පුලුවන් විදියට ලී මේස පු‍ටු සකස් කරලා තියනවා.කැම තියලා තියෙන්නේ පිදුරු හෙවිලි කල මැස්සක.ප්‍රධාන ආහාර වලට එකකුත් පලතුරු වර්ග තියන්න එක් කුඩා පියස්සකුත් සකස් කරලා තියනවා.අවන්හල අසලින් පිහිටි වෙල් යාය මෙහි ආහාර ගන්න එන අයට සුන්දර දසුන් මවා පානවා.

බඩජාරි මෙනුපත

derana3

මෙහි කැම විදියට බුෆේ එකක් තමයි තියෙන්නේ සුදු හෝ රත් කැකුලුත් එක්ක ගමේ විදියට හදාපු මාලු පිනි වර්ග 10ක් 12ක් මේ බුෆේ එකට ඇතුලත්.ගමේ විදියට හදාපු මාලු පිනි බොහොමයක් මේ මෙනු එකට ඇත්ලත්.ඒ වගෙම වැව් මාලු නිතරම මේ බුෆේ එකට ඇත්ලත්.ඔබ මෙහි ආවොත් වැව් මාලුත් එක්ක කැම වේලේ රස බලන එක වටිනවා.කෑම එක සමස්තයක් විදියට ගත්තහම රසයි.

මේ ප්‍රධාන ආහාර අරන් ඉවරවෙලා ඩෙසර්ට් එකට කන්න පලතුරු හරි කිරි පැනි හරි ‍තෝරාගන්න පුලුවනි.පලතුරු විදියට ගොඩක් වෙලාවට මෙහි කන්න තියෙන්නේ කෙසෙල් අන්නාසි පැපොල් වගේ පලතුරු.කොහොම උනත් මේ ප්‍රදේශවල හදන කිරිත් එක්ක පැනි එකත් කරන ඩෙසර්ට් එකට කන එක තමයි හොඳම විදිය.

derana4

ඔබ මෙහි ඇවිත් සම්පූර්න ආහාර වේලක් ගන්න 800-1000ක් වගේ මිලක් වැය කරන්න වෙනවා.ඒ මිලට මේ මෙනු එක ලාබත් නෑ පාඩුත් නෑ වගේ කියලා තමයි කියන්න වෙන්නේ.

සේවාව

මෙහි සේවාව අති විශිශ්ට මට්ටමේ එකක්.ඔබ මෙහි ආ වෙලාවේ ඉඳන් ඔබට කිසිම ආගන්ත්ක බවක් දැනෙන එකක් නෑ.මේ වැඩ කරන අය වගෙම කලමණාකාරත්මා පවා ඉතා සුහදශීලී.මෙහි වැසිකිලි පහසුකමත් හොඳින් තිබෙනවා.ඒ නිසා ඒ ගැන වද වෙන්න දේකුත් නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුව මඩකලපුව පාරේ ජයන්තිපුර කියන ගමේ.පොලොන්නරුව නගරයේ ඉඳන් කිලෝමීටර් 8ක් වගේ දුරක් මෙතනට එන්න ඕනි.23 කනුව තමයි මෙතනට හරියටම කියන්නේ.පාරෙන් වම් පැත්තට වෙන්නට තමයි මේ අවන්හල පිහිටන්නේ.අනික් පසට වෙන්නට පුලතිසි වෙද මැදුර පිහිටා තිබෙනවා.හොයා ගන්න නම් එතරම් කරදරයක් වෙන්න දෙයක් නෑ

මේ අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 0767226955.මේ අවන්හලේ 20ක් 25ක් උනත් එක වරකට එකට ආහාර ගන්න පුලුවනි.ඉතින් අපි ඔය සටහන් කල අංකෙට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්නත් පුලුවනි.ඔබත් පොලොන්නරුව නගරයේ සංචාරයකට ආවොත් මේ දෙරණ අවන්හලට ගොඩ වෙන්නට අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *