කන්න බොන්න කලින් එන්න

Cup Cafe – Town hall ටවුන්හෝල් වල රසවත් කෝපි අවන්හල කප් කැෆේ

banner

ප්‍රනීත කෝපි කෝප්පයක් බොන්න හිතුනොත් ඒකට නියම තැනක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.මෙතන නමින් කප් කැෆේ.තියෙන්නේ කොලඹ කුරුඳුවත්තේ.සුපිරි පන්නයට තියන කුඩා අවන්හලක් විදියට මෙතන හඳුන්වන්න පුලුවනි.සිම්පල් මෙනු එකක් පිරිනමන මෙහි සියලු කෑම වර්ගයක්ම විශේශිතයි.

වටපිටාව

cupcafe1

මෙහි ඉදිරිපසට වන්නට පාකිං පහසුකම් නම් නෑ.ඒ කොහොම උනත් ඇතුලත ඉතාම පිරිසිදු වගෙම ප්‍රනීත විදියට සකස් කරලා තියනවා.ඔබ මේ අවන්හලට ඇතුලු වෙනකොටම ප්‍රනීත කෝපි සුවඳක් දැනෙයි.ඒ සුවද උනුසුම් කෝපි කෝප්පයක් වෙනුවෙන් ඔබව පොලඹවනවා නො අනුමානයි.ඇතුලත පු‍ටු ඉතා පීවෙලට අසුරලා තියනවා.ඒ වගෙම ඒ මේස පු‍ටු ඉතා සැප පහසුයි.දෙදෙනෙක් තුනක් හතරක් වගේ එකට ඉඳගෙන පාඩුවේ රසවත් කෝපි උගුරක් බොන්න මෙතන ඉඩ කඩ තියනවා.බිමත් දැවයෙන් සැදි ලෑලි වැනි යමකින් අතුරලා ..එයත් මේ අවන්හලට අමුතු වෙනසක් ඇති කරනවා.අවන්හලේ ඇතුලත කලු ලැලි මත සියලුම මෙනු එක දර්ශනය කරන්න ඔවුන් වග බලා ගබවා.ඔවුන්ගේ අවන්හල පිටිපසත් ඉඳගෙන ඉන්න පහසුකම තියන්වා.කොහොම උනත් අපි නම් කියන්නේ ඇතුලත ඉඳන් ආහාර ගන්න එක හොඳයි.

මෙනුපත

cupcafe4

අපි කලිනුත් කිව්වා වගේ සීමිත මෙනු එකක් තමයි මෙතන තියෙන්නේ.ඒත් ඒ සියලු කැම බීම සුවිශේසී.මෙහි විවිද වූ නම් වලින් කෝපි වර්ග ගනනාවක් තියෙනවා.ඒ සියල්ලක්ම ඉතාමත් රසයි කියලා කියන්න ඌනි.300-500 ත් අතර මිල සීමාවක තමයි ඔවුන්ගේ කෝපි වල මිල ගනන් පවතින්නේ.උනුසුම් සහ සීතල විදියට ඔබට කැමති විදියකින් කෝපි වීදුරුවක් ඇනවුම් කරන්න පුලුවනි.ඔබ කෝපි වලට අමතරව රස බලන්න හොඳ බීමක් තමයි ඔවුන්ගේ මොජිටෝස් එක. එහි අන්නාසි රසයෙන් යුත් මොජිටෝ එක ඉතාම රසවත් කියන්න ඌනි.කොමඩු,දෙහි පැශන් වගේ රසයෙන් ඒවා ගන්න තියනවා.ඒ හැම එකක්ම 380ක් වගේ මිලක් වෙනවා.

cupcafe3

මීට අමතරව මිල්ක් ශේක් එකක් වැනිලා චොකලට් ස්ටෲබෙරි රසයෙන් බොන්න ගන්න පුලුවනි.ඒකක් 380යි.චොකලට් චිප් කුකී එකක් 450යි.ඒ වගෙම පලතුරු බීම වගේම අයිස් තේත් බොන්න ගන්න පුලුවන්.මෙහි කැමාට සැන්ඩ්විච් ගන්නත් පුලුවන්.මේ සඳහා brown bread වලිනුත් සැන්ද්විච් එක ලබාගන්න ඔබට පුලුවන්.එය ගුනදායි ආහාර වේලක් හොයන අයට හොඳ දෙයක් කියන්න පුලුවනි.කනවා නම් Hawaiian chicken burger එකත් මෙහි ඇවිත් උත්සහ කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්න පුලුවන්.

cupcafe2

මෙහි කැම සැකසුම ඉතා අලංකාරවත් .රසය සහ තත්වය අතිනුත් ඉතා ඉහල මට්ටමක කියන්න පුලුවන්.කොහොම උනත් මේ එක්ක බලද්දි ඔබ වැඩිපුර මිලක් වැය කලත් ඒ මෙනු එකට එතරම් පාඩුවක් නම් නෑ.

සේවාව

මෙහි සේවාව ඉතා අනර්ග මට්ටමේ එකක්.ඔබ ඇනවුම් කල ඒවා මේසයට එන්න නම් සැලකිය යුත් වේලාවක් යාවි.නමුත් එය එතරම් ලොකු වේලාවක් නෙවෙයි.විශේශයෙන් කියන්න ඌනි මෙහි සේවය කරන අය ඉතා හොඳින් ඔවුන්ගේ කාර්‍ය ඉ‍ටු කරනවා.ඔවුන් ඉතාම මිත්‍රශීලී.මෙහි ඇති වයි ෆයි එකත් ඉතා වේගවත්.ඒ වගේම ටේකවේය් කරන්නත් පුලුවනි.ඇතුලත ඒ සී එකත් හොඳ මට්ටමක තියනවා.සමස්තයක් විදියට ඉතා හොඳ සේවාවක් ඔවුන් සපයනවා.

මග

මෙතන පිහිටන්නේ ටවුන්හෝල් එකට කිට්‍ටුවෙන්.ටවුන් හෝල් වල ඉඳන් කන්නන්ගර මාවතේ පයින් යන දුරකින්.ඔඩෙල් එකට ඉස්සරහින් තමයි මෙතන පිහිටන්නේ.දෙවටගහ මුස්ලිම් පල්ලියට යාබදව කුඩා කොටසක තමයි එම අවන්හල පිහිටන්නේ.

ඔවුන්ගේ දුරකතන අංකය වෙන්නේ 011 2690906. දෙදෙක්ට 1200ක් වගේ වියදම් කරනකොට රසවත් කෝපි එකක් බීලා රසවත් සැන්ඩ්විච් එකක් කන්න මෙතන හොඳයි.විශේශයෙන්ම වැඩි දෙනෙක් නිතර ගැවසෙන්නේ නැති තැනක් මෙතන.ඉතින් පාඩුවේ දිගු වෙලාවක් ‍රැදෙමින් රසවත් කෝපි කෝප්පයක් බොන්න ඔබත් Cup Cafe ඇවිත් යන්න එන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *