කන්න බොන්න කලින් එන්න

Crossroads Restaurant – Nawala කෙටි කෑම වගෙම ප්‍රධාන ආහාරවලටත් එක සේ කදිම නාවල ක්‍රොස් රෝඩ් අවන්හල

banner

අද අපි කියන්න යන්නේ නාවල පිහිටි අවන්හලක් ගැන.මේ අවන්හල නමින් ක්‍රොස්‍රෝඩ් අවන්හල.පිහිටන්නේ නාවල ප්‍රදෙශයේ.මේ අවන්හලේ ඉතාලියානු මෙක්සිකානු කෑම් වගේම ලංකාවේ කැමත් කන්න ගන්න පුලුව්න් හොඳ තැනක් කියලා කියන්න පුලුවනි.ගොඩ දෙනෙක් මෙහි එන්නේ ලම්ප්‍රයිස් කන්න.මෙතන ඒ සඳහා ටිකක් ජනප්‍රියයි.ඉතින් අපිත් ගොඩ උනා Crossroads Restaurant එකට.

වටපිටාව

crossroad1

මේ අවන්හල පිහිටන්නේ පාර අයිනේ.පුන්චි පහේ පාකිං එකකුත් තියනවා.එහි වාහන 4ක් විතර එක වරකට නවත්වන්න පුලුවනි.දුඹුරු පාටින් වර්න ගන්නපු මේ අවන්හලේ පිටත බිත්ති නිසා අනෙක් අවන්හල් වලට වඩා වෙනස් බාහිර පෙනුමකින් මේ අවන්හල යුක්ත වෙනවා.ඇතුලත කොටස් දෙකකට විවුර්ත පෙදෙසක් සහ ඇතුලත කොටස් වල ආහාර ගන්න පුලුවනි.ඇතුලත මේස සහ ඒ සඳහා ඉඳගන්න තියන පු‍ටු ඉතා සැපවත් ඒවා.ආහාර ගන්න තැනට ඉදිරියෙන් පුංචි බේකරියකුත් ඔවුන් පවත්වාගෙන යනවා.ඇතුලත හොඳින් ඒ සී කරලයි තියෙන්නේ.මේ අවන්හල ඔවුන් ඉතා පිරිසිදුවට පවත්වාගෙන යන බ්වවක් පේනවා.දෙදෙනෙකුට එකතු වෙලා පාඩුවේ රසවත් කෑම වේලක් රස බලන්න හරි පවුලකට හොඳ ඩිනර් අවුට් එකකට හරි මෙතන ඉහ්ටා හොඳයි කියන්න පුලුවනි.

මෙනුපත

crossroad3

මේ මෙනු එක ටිකක් දීර්ග එකක්.ස්ටාටර් වර්ග වල ඉන්දලා සුප් වර්ග මේන් කෝස් වගෙම බීම සහ ඩෙසර්ට් වර්ග විවිද නම් වලින් වෙනස් වූ රසයන්ගෙන් මෙතනට අවොත් කන්න ගන්න පුලුවනි.මේ කෑම අතර අපි කලින් කිව්වා වගේ ඉතාලියානු සහ මෙක්සිකානු ආහාර මෙනු ඇතුලත්.ඒ අතර රයිස් වර්ග විශේශිතයි.එක එක විදියේ රයිස් වර්ග වෙනස් රසයන්ගෙන් කන්න ගන්න පුලුව්නෛ මෙතනට ආවොත්.ඒ වගෙම මොවුන්ගේ බේකරි කෑමත් ඉතාම රසවත්.දිනය පුරවටම කෙටි කෑමත් කන්න පුලුවන් තැනක් තමයි මේ ක්‍රොස් රෝඩ් අවන්හල.

crossroad2

උදේ වරුවකට මෙහි ආවොත් බේකරියෙන් රසවත් කැම කන්න ගන්න පුලුවනි.සැන්ඩ්විච් වගේ කැමත් බනිස් වර්ග බර්ගර් වගෙම මිනි පීසා වර්ගත් කන්න ගන්න පුලුවනි.මේවා ඉතා නැවුම් ව තියනවා කියන්න පුලුව්නෛ.
දිවා අහාරයට මෙහි එනවා නම් රයිස් වර්ග තමයි මෙහි කන්න හොඳම මෙනු එක.ලම්ප්‍රයිස් ගොඩ දෙනෙක් අතර ජනප්‍රියයි.ඒ වගෙම ඔබ මෙහි ආවොත් රස බලන්න හොඳම මෙනු එකක් තමයි ක්ලේය් පොට් චිලි චිකන් එක.එය මිලෙන් 850ක් වෙනවා.ස්ටීම් කල තායි රයිස් එක්ක රසවත් චිලි චිකන් එක්ක තමයි මේ මෙනු එක හැදෙන්නේ.මේ චිලි චිකන් රස අපි නිතර ආහාරයට ගන්න චිලි චිකන් රසයට වඩා වෙනස් කියන්න පුලුවනි.මේ වගෙමයි හොට් පොට් රයිස් එකත්.ඒත් මලයාසියානු ක්‍රමයට සැදුව චිකන් සැටෙය් එකක් එක්ක රටකජු සෝස් එකතු වෙලා.ඒ වගෙම ඒවත් එක්ක නාසි රයිස් එක චිකන් සහ ඉස්සෝ එක්ක තමයි තියෙන්නේ.වෙනස්ම මෙනු එකක් කියන්න පුලුවනි.ඒකත් 850ක් වගේ මිලක් වෙනවා.දවල් වරුවට ඔබ මෙහි ආවොත් මේ රයිස් වර්ග වලට අමතරව පැස්ටා වර්ගත් කන්න ගන්න පුල්වුඅනි.ඒකත් ටිකක් වෙනස් දෙයක්.මොකද අපි අනෙක් අවන්හල් වල දවල් වරුවට පැස්ටා දකින්නේ නෑ.

crossroad5

සවස් වරුවකට මෙහි ආවොත් චිකන් කොත්ත් ඉතා හොඳ තේරීමක් කියන්න පුලුව්න.එලියට වන්නට පිහිටන කොත්තු සහ ආප්ප සදන තෑන අවිවේකයෙන් කොත්තු සහ ආප්ප හදන කෝකියන් ඔබට දකින්නට පුලුවන් වේවි.කොත්‍ටු වගෙම ආප්ප උනත් සවස් යාමයට මෙහි ආවොත් හොඳ ‍තෝරාගැනීම් කියන්න පුලුවනි.

crossroad4

රාත්‍රී වරුවකට ආවොත් දවල් වරුවට නොතිබෙන රසවත් කෑම වට්ටෝරු ගනනාවක රස බලන්න පුලුවනි.සවස් වරුවට නම් මේ අවන්හල කාර්‍ය බහුලයි.මොන්ගෝලියන් රයිස් එක මෙහි රාත්‍රියට එන ගොඩ දෙනෙක් ‍තෝරාගනවා.නියම මොන්ගොපලියානු රයිස් රසට හොඳ කැම වේලක් කන්න පුලුවනි.ඒ වගෙම ඔවුන් ගේ නූඩ්ල්ස් එකත් අනර්ගයි කියන්න පුලුවනි.
මේ අවන්හලේ ඉතාම ලොකු පරාසයක රසවත් කෑම වර්ග කන්න ගන්න පුලුවනි.අපිට ඒ හැම එකක්ම රස බලන්න බැරි උනා.ඒත් ගොඩක් කෑම රසවත් කියන එක තමයි මෙහි යන එන අයගෙන් දැනගන්න ලැබුන්නේ.කොහොම උනත් මේ ගොඩක් කෑම වල මිල ගනන් නම් ටිකක් සැරයි.ඒ වගෙම ලැබෙන ප්‍රමාන උනත් අඩුත් නෑ වැඩිත් නෑ වගේ.කැම වල රස නිසා මෙහි ආවට ඒ තරම් පඩුවක් නෑ කියන්න පුලුවනි.

සේවාව

මෙතන සේවාවත් ඉතා හොඳ මට්ටමේ තියනවා කියන්න පුලුව්නෛ.ඉතා සුහදව මෙහි යන එන අය සමග ගනු දෙනු කරන කාර්‍ය මංඩලයක් මේ අවන්හල සතුයි.ඒ වගේම ඔවුන් ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය කෑම ඔබට සපයන්නට සැදී පැහැදී ඉන්නවා.ඒත් රාත්‍රී වරුවට නම් මෙහි එන පිරිසත් එක්ක ඔබේ කෑම ඇනවුඉම පමා වෙන්න නම් පුලුව්නෛ.

මග

මේ අවන්හල පිහිටන්නේ නාවල නගරයට ආසන්නයේ.නුගේගොඩ ඉඳන් යනවා නම් නාවල විවුර්ත විශ්ව විදයාලය එහෙම පහු වෙලා කිලෝ මීටර් එක හමාරක් වගේ ගියහම පාරෙන් දකුනු අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0112805844 ඔවුන් උදේ 11 ඉඳන් සවස 3 වෙනකනුත් ආයෙත් සවස 6 ඉඳන් රාත්‍රී එකොලහ වෙන තුරුත් විවුර්ථයි.මෙතනට ඇවිත් කෑම ගන්න වගේම කැම අරගෙන යන්නත් පුලුවනි.දෙදෙනෙක් මෙහි ආවොත් 2000ක් වත් යාවි හොඳ රසවත් කෑම වේලක රස බලන්න.පුන්චි පහේ තැනක් උනත් පවුලේ අයත් එක්ක හරි තමන්ගේ ප්‍රියතමයෙක් එක්ක හරි නිදහසේ රසව්ත් ආහාර වේලක් කන්න Crossroads Restaurant හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුව්නෛ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *