කන්න බොන්න කලින් එන්න

කොලඹ නගරයේ පිහිටි පට්ටම පෝක් අවන්හල් දහයක්

banner

කටට රසට එක එක රස හොයන ගොඩක් අයට පෝක් කියන්නේ මතක් කරනකොටත් කටට කෙල උනන රසවත් කෑමක්. කස්ටියකට පෝක් කරියක් එක්ක  පොල් සම්බෝල ඉඳි ආප්ප කියන්නේ පට්ට මෙනු එකක්.තව කස්ටියකට බ්ලැක් පෝක් කරියක් එක්කරෝස් පාන් කියන්නෙත් සුපිරි මෙනු එකක්,ඒ වගෙමයි හීතල හවසකට හීනියට බීර වීදුරුවක් තොල ගාන්න ඌරු මස් ස්ටූ එකක් උනත් පට්ටෙටම ගැලපෙනවා.ඒ වගේම පෝක් බිස්ටේක්,පෝක් ඩෙවෙල් වගේ දන්න කියන මෙනු වගේම ඌරට විවිද වර්ගයේ කැටයම් දාල රස නහර පිනා යන්න නා නා විද කෑම හදාගන්න පුලුවන්.

කටට රසට පෝක් කෑමක රස බලන්න අවන්හලකට ගොඩ වෙනවා නම් කොලඹ නගරයේ ඒ සඳහා පට්ට ප්ලේස් ටිකක් තියනවා. ඒ අතරිනුත් හොඳම තැන් ටිකක විස්තර ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම.ඔබත් පෝක් පෙරේතයෙක් නං ඔබේ ටේස්ට් එක අනුව ගැලපෙන පෝක් ඩිශ් එක හොයා ගන්න මේ සටහන උදව් වේවි.

1)  VOC Cafe – Dutch Burgher Union ඕලන්ද බර්ගර් එකමුතුවේ අවන්හලේ බ්ලැක් පෝක් කරිය.

 

1906 වසරේ ලංකාවේ බර්ගර් අයගේ මූලිකත්වයෙන් ඇරඹුනු මේ අවන්හල ලන්දේසි ක්‍රමයට හුරු කෑම වලින් යුක්ත තැනක්.හැබැයි ගොඩ දෙනෙක් මේ වී ඕ සී කැෆේ එකට එන්නේ බ්ලැක් පෝක් කරිය හොයාගෙන. මේ මෙනු එකටම මෙතනට එන එකේ කිසි පාඩුවක් නෑ.මොකද ඒ බ්ලැක් පෝක් කරිය එතරම්ම රසවත්.ඒත් එක්ක රෝස් පාං කියන්නේ පට්ට මික්ස් එකක්.ඒ වගෙම ඉඳි ආප්ප පොල් සම්බෝල එක්ක උනත් මේ බ්ලැක් පෝක් කරිය නැගලම යනවා.ඒවගේමයි මැදට පෝක් දාල ටෝස්ට් කල පාන් එකත්.වෙනස් විදියට කන්න කැමති අයට ඒක හොඳ තේරීමක්.

මේ අවන්හල පිහිටන්නේ තුන්මුල්ල හන්දියේමයි .දෙන්නෙක් එක්ක ආවොත් 1000-1500ක් අතර මුදලකින් බඩ පිරෙන්න කන්න පුලුවන්.

2) Chopsticks – Nawala නාවල චොප්ස්ටික් එකේ පෝක් රිබ්ස්

සාධාරන මුදලට කටට රසට පෝක් රිබ්ස් වල රස බලන්න හොඳ නවාතැනක් ත්මයි චොප්ස්ටික් කියන්නේ.මහල් දෙකකින් යුත් මේ අවන්හලේ වැඩි කලබලයක් නැතුව රසවත් කෑම වේලක් කන්න හොඳ තැනක්.මෙහි පිරිනමන පෝක් රිබ්ස් ඉතා මෘදුවට වගෙම මාංශ සහිතව පිරිනැමෙනවා.මේ රිබ්ස් බ්ලැක් බීන්ස් එක්ක, බාබකිව් සෝස් එක්ක,ගාලික් සහ හනී එක්ක කන්න ගන්න පුලුවන්. ඒ අතරින් ඔය අන්තිමට කිව්ව Pork Ribs with garlic and honey මෙනු එකේ රස උපරිමයි.

නුගේගොඩ පැත්තේ ඉඳන් චොප්ස්ටික් එනවා නම් නාවල හංදිය පහු කරලා මීටර් 300ක් වගේ එනකොට පාරෙන් වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.දෙන්නෙක් එනවා නම් 2000ක් වගේ වියදමකින් බඩ පිරෙන්න කන්න පුලුවන්.

3) Praneetha – ප්‍රනීත ගමේ බත් කඩේ ඌරු මස් හොද්ද.

ගමේ විදියට මිරිසට රසට ඌරු මස් කෑම වේලක රස බලනවා නම් කියාපු තැනක් තමයි මේ ප්‍රනීත අවන්හල.අවන්හලේ නමේ හැටියටම ප්‍රනීත කෑම වේලක් ගන්න මෙතනට එන්න පුලුවන්.ප්‍රධාන වශයෙන්ම බත් සහ මාලුවත් ෆ්‍රයිඩ් රයිසුත් තමයි මේ අවන්හලට ආවොත් කන්න පුලුවන්.මේ පෝක් කරියත් එක්ක කන්න ගන්න බොහොමයක් ගමේ කෑම ජාති ඔබට කැමති අයුරින් ‍තෝරාගන්න පුලුවන්.කිරි කොස් එක්ක කොල මැල්ලුමකුයි පරිප්පු හොදියි පපඩමකුයි එක්ක Red Belly Pork Curry එක අපිට නම් මතක් වෙනකොටත් කටට කෙල උනනවා.

4) Quick Thai ක්වික් තායි අවන්හලේ ග්‍රීන් කරි පෝක්

තායි කෑම වලදි පෝක් වලට හිමිවෙන්නේ සුවුශේශී තැනක්.තායි කෑම වලට එකතු කරන අමුතු රස එසෙන්ස් එක හැබැයි පෙලක් අයට නම් ඇලජික්.ඒ කොහොම උනත් මේ Quick Thai අවන්හලේ ග්‍රීන් කරී පෝක් එක ලංකාවේ අනික් පෝක් මෙනු වලට වඩා වෙනස් රසයක් තියන මෙනු එකක්.මෙහි පෝක් එක්ක කැශිව් නට්,ස්වීට් අන්ඩ් සොර් පෝක් වගෙ තායි ක්‍රමයට හදන පෝක් මෙනු ගොඩක් කන්න ගන්න පුලුවන්.

පාක් රෝඩ් එකේ වගෙම බත්තරමුල්ල පැලවත්තෙත් මෙහි අවන්හල් පිහිටනවා.

5) 88 Chinese Restaurant චීන ක්‍රමයට 88 චීන අවන්හලෙ Pork belly in shrimp sauce එක

චීන ක්‍රමයට පෝක් මෙනු බොහොමයක් දැකගන්න පුලුවන්.සිහින් පෙති විදියට කපාපු පෝක් තීරු එක්ක වෙනස් රසයෙන් යුත් පෝක් මෙනු මෙහි බොහොමයක් දකින්න තියනවා.ඒ අතරින් Belly Pork එක හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.සැර නම් ටිකක් අඩු උනාට සිහින්ව පෙති ගහපු මේ රසවත් කෑම වේල ටිකක් වෙනස් විදියේ පෝක් ඩිශ් එකක් හොයන බඩජාරියෙක්ට සුපිරි ‍තෝරාගැනීමක්.

6) B Leaf – Boralesgamuwa බොරලැස්ගමුවේ බී ලීෆ් එකේ පෝක් කරිය

නියම ගමේ කෑම වේලක රස බලන්න කියාපු තැනක් විදියට බෝලැස්ගමුවේ බී ලීෆ් එක හඳුන්වා දෙන්න පුලුවන්.මාලු පිනි 10කට වැඩි ප්‍රමානයකිං කැමති විදියට ‍තෝරාගෙන බඩ පැලෙන්ඩ කන්න මෙතන කියාපු තැනක්.ගමේ විදියට කටට සැරට පට්ට පෝක් කරියක් කන්න මෙතනට ඔබ ආ යුතුමයි. ගොඩ දෙන්ක් මේ අවන්හල හඳුනාගන්නේ පට්ට පෝක් කරියක් කන්න ගන්න පුලුවන් තැනක් විදියට. මෙතන පිහිටන්නේ බොරලැස්ගමුව හංදියත් පැපිලියාන්ත් අතර හරි මැද.

7) Margie’s Kitchen මාගී ගේ කුස්සියේ පෝක් ඩිශ් ටික

මාගීස් කිචන් එකත් අපි කලින් කිව්ව වී ඕ සී අවන්හල වගේ ලන්දේසි උරුවකින් යුත් කෑම වර්ග ගනනාවකින් යුක්තයි. ඒඅතරින් පෝක් ඩිශ් සඳහා ඔවුන් විශේශ තැනක් වෙන් කරලා. ඒ හැම අයිතමයක්ම පට්ට රසයි.ඒ අතරිනුත් බ්ලැක් පෝක් කරියත් එක්ක කොත්තුව අමතක නොවන ‍තෝරාගැනීමක් වෙනවා නියතයි.ඒ තරමටම මේ කොත්තුව පට්ට රසයි.බ්ලැක් පෝක් පාං පාටි නමින් පාන් එක්ක එන බ්ලෙක් පෝක් කරියත් සුපිරිම මෙනු එකක්.ඔබේ කැමැත්තේ හැටියට මේ කැම ඕනි එකක් ‍තෝරාගන්න පුලුවන්.

8)Little Star Restaurant ලිට්ල් ස්ටාර් අවන්හලේ පෝක් ශෝට් ඊට්ස්

ගල්කිස්සේ තියන ගොඩ දෙන්ක් අතර නමගිය අවන්හලක් තමයි ලිට්ල් ස්ටාර් කියන්නේ.මෙහි බේකරි අයිටම් බොහොමයක් තියනවා.ඒ අතරින් පෝක් වලින් හදාපු කෙටි කෑම වර්ග මෙහි කන්න ගන්න පුලුවන්.ඒ දේ සුවිශේශි කරුනක්.මොකද ලංකාවේ ගොඩක් අවන්හල් වල පෝක් වලින් හදාපු කෙටි කැම ගන නෑ.විදේශයෙන්ම පෝක් පේස්ට්‍රිය ඉතා රසවත්.

මේ ඕනි අයිතමයක් රුපියල් 150හේ මිල සීමාවේ පවතින්නේ.ඇතුලත ටිකක් බිසි උනත් ඔවුන් පිරිසිදුවට මේ අවන්හල පවත්වාගෙන යනවා

9) Tong Ni BBQ – ටොන්ග් නී බාබකිව් හි පෝක් බාබකිව්

අවන්හලේ නමේ තෙරුමෙන්ම ඔවුන් රසවත් බාබකිව් පිරිනමනවා.ඉතා දිගු ආහාර මෙනුවක් මෙහි පවතිනවා වගෙම ඒ ඕනි එකක් ඕනි වෙලාවක කන්න ගන්නත් ඔබට හැකියි. ටොන්ග් නී හි බාබකිව් පෝක් එකත් ඉතා හොඳ ‍තෝරාගැනීමක්.ඒ වගෙමයි පෝක් වලින් කරන කෑම වර්ග බොහොමයක් මෙහි ඇතුලත්. ලංකාවේ බොහොමයක් අවන්හල් වල නැති පෝක් මෙනු ගනනාවක් මෙහි තියනවා.උදාහරනෙකට බේක් කල ඌරු අක්මාවක් Mix Pig Ear එකක් උත්සහ කරලා බලන්න.

මේ අවන්හල පිහිටන්නේ කොල්ලුපිටියේ. දෙදෙනෙක්ට 2500කින් විතර ශේප් වෙන්න පුලුවන්.

10) The Bavarian –  බාවේරියන් අවන්හලේ Pork Knuckle

ජර්මන් ක්‍රමයට රසවත් පෝක් කෑම වේලක රස බලන්න කියාපු තැනක් විදියට බාවේරියන් අවන්හල හඳුන්වා දෙන්න පුලුවන්. නියම ක්‍රිස්පි ගතියට දන සහිත මස් ගාතයක් ඔබට මේ මෙනු එක ඇනවුම් කලොත් ලැබෙනවා.ටිකක් වෙනස් විදියට පෝක් මෙනු එකක් හොයන කෙනෙක්ට මේ මෙනු එක සුපිරි ‍තෝරාගෙනීමක්.මීට අමතරව මෙහි පෝක් රිබ්ස් විවිද රසයෙන් කන්න ගන්න පුලුවන්.අපිට හුරු රසට වඩා වෙනස් විදියට පෝක් මෙහි කන්න ගන්න පුලුවන්.ජර්මානු ක්‍රමයට හැදෙන නිසා මේ රස ටිකක් වෙනස් විදියට දැනෙනවා ඇති.

ඔබත් එකම තැනකට කො‍ටු නොවුනු එක එක රසින් කැම හොයන කෙනෙක් නම් අපි මේ කිව්ව පෝක් අවන්හල් වලට ගිහින් බලන්න.ඒ වගෙම අපි මෙතන නොකියවුන තවත් හොඳ පෝක් ඩිශ් සපයන අවන්හල තිබෙනවා නම් මෙහි අදහසක් විදියට ඇතුල් කරන්නත් අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *