කන්න බොන්න කලින් එන්න

Chinese Dragon Cafe – Bambalapitiya ( චයිනීස් ඩ්‍රැගන් කැෆේ )

banner

ලංකාවේ පැරනිතම චීන අවන්හල මොකක්ද කියා දන්නවාද?ඒක තමයි චයිනීස් ඩ්‍රැගන් කැෆේ කියන්නේ..මෙහි ආරම්භය මෙරටට සංක්‍රමන්ය උනු චීන පවුලක් අතින් 1942 වසරේ තමයි සිද්ද වෙන්නේ.දැන් නම් මෙහි පාලනය වෙනත් පාර්ශවයක් දරන්නේ . මෙහි ආරම්භක ස්ථානය බම්බලපියේ මිලාගිරියේ පැරනි ගොඩ නැගිල්ලක්. අදටත් මෙහි ප්‍රධාන ශාඛාව එහි තමයි පිහිටලා තියෙන්නේ.බම්බලපිටියට අමතරව රාජගිරිය වත්තල කොලඹ කො‍ටුවේ සහ ගල්කිස්සෙත් මෙහි ශාඛා පිහිටා තියෙනවා.අගනුවර අය ගොඩක් දන්න කියන තැනක් තමයි චයිනීස් ඩ්‍රැගන් කැෆේ කියන්නේ. චීන කෑම ලංකාවේ ආරකට කන්න පුලුවන් තැනක් කිව්වොත් හරියටම හරි. මොකද මෙහි කෑම රස ජෙනුයින් චීන රස නම් නෙවෙයි. ඒත් ඒ රස ලාංකීය රස නහර වලට සරිලන පරිදි වෙනස් වෙලා කියලයි අපිට හිතෙන්නේ.

වටපිටාව

chinesedragon45

මිලාගිරියේ අවන්හල තට්‍ටු දෙකකින් යුක්තයි. එය ආරම්භක ගොඩනැගිල්ල නවීකරනය කරමින් ගොඩ නගා තියනවා. නමුත් එහි පරන බවේ යම් ලක්ශනත් ඇතුලත්. ඒක ඇත්තටම හොඳ සිතුවිල්ලක්. ඇතුලත මේස පු‍ටු හොඳින් සකසා තියෙනවා.. දෙදෙනෙකුට හතර දෙනෙකුට හෝ ඊට වඩා වැඩි ප්‍රමානෙකට උනත් එකට වාඩි වෙලා ආහාර ගන්න පුලුවන් පහසුකම ඔවුන් සපයා තිබෙනවා.හැමදේම හොඳට පිරිසිදුයි.කුස්සිය උනත් හරි පිලිවෙලට තියෙනවා.කෝකි වරු හරි හරියට වැඩ. මෙහි ඉතාමත් සන්සුන් පරිසරයක් තිබෙන්නේ.රාත්‍රියට නම් ටිකක් මිනිසුන්ගෙන් පිරිලා.චීන ගතිය වැඩියෙන් පෙන්නනටදෝ ඔවුන්ගේ දීසි බඳුන් රතු පාටයි.මේස මත එලූ මේස රෙදිත් රතු පාටයි. බිත්ති මත කැම වල විස්තර මුද්‍රනය වෙලා රතු පාටින් එල්ලා තිබෙනවා.. අවන්හල ඇතුලත ඒ සී කරලා තියෙන්නේ.. පාකින් පහසුකමිනුත් සමන්විතයි.
බඩජාරි මෙනුපත

අපි කලිනුත් කිව්ව විදියට මෙහි චීන කෑම වගේම දේශීය ආහාර වර්ගත් ගන්න පුලුවන් ලොකු මෙනු එකක් තියනවා..අපි ඇනවුම් කලා හොට් බටර් මශෲම් එකක් මුලින්ම .. එහි රස ඉස්තරම්. ඔබ වෙජිටේරියන් ලෙනෙක් නම් මෙහි කුඩා පෝශන් එකක් දෙදෙනෙක්ට ඇති.කුඩා පෝශන් එකක් 259ක් මිල උනා. ඒය ගෙවන මිලට වටිනවා.ඩ්‍රැගන් ඩෙවල් ඉස්සෝ බදුනක් මීලඟට . එය 699ක්. චීන ක්‍රමයට ඩෙවල් කල ඉස්සෝ ලූනු සහ මිරිස් මිශ්‍රනයකින් එය සමන්විත උනා. ලොකු රසයක් නෑ.. ඒත් ශේප්. ගෙවන මිලට ඒ පෝශන් එක නම් එතරම්ම නෑ වගේ..මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක පෝක් ඩෙවල් එකත් අවුලක් නෑ..ශේප්.

chinesedragon1

ඔවුන්ගේ රයිස් වර්ග චීන සහ විවිද රස වලින් යුක්තයෛ. එහිමිල ගනන් සාධාරනයි. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 329යි.නාසියක් 399යි. මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකකුත් ඒ ගනන්. රයිස් වල පෝශන් එකත් තව පොඩ්ඩක් වැඩි උනා නම් හොදයි කියලා හිතුනා.රසත් වරදක් කියන්නබෑ.හොඳයි.

ගොඩ දෙනෙක්ගේ මෙහි ප්‍රියතම ආහරය නූඩ්ල්ස් එක. ඔබ මෙහි එනවා නම් එයත් උත්සහ කරලා බලන්න,.විවිද ක්‍රමයට සාදන නූඩ්ල්ස් 299 ඉඳන් 699 වෙනකන්ම තියෙනවා..

chinesedragon34

ඩෙසර්ට් එකක් විදියට ට්‍රයි කරනව නම් කැරමල් එක ඉස්තරම්. ඔබ මෙහි ආවොත් කැරමල් එකක් කන්න අමතක කරන්න එපා. ඒ තරමට එය රසවත්. එහි මිල 159ක් වගේ වෙනව.ඒ වගේම පලතුරු සැලඩ් බිස්කට් පුඩුන් වගේ ඒවත් ඩෙසර්ට් ලෙස ගන්න පුලුවන්.

chinesedragon
සේවාව

මෙතන් සේවාව ගෑන නම් ඒ තරම් පැහැදීමක් නෑ.. ඔබට ඔබේ කෑම වේල මේසයට එන්නට ටිකක් ඉවසන් ඉන්න වෙනවා..පෙලක් වෙලාවට වේටර් කෙනෙක්ට තට්‍ටුවක් දාලා ආයෙත් මතක් කරන්න වෙන්නත් පුලුවන්. ඒ ගොඩ දෙනෙක් මෙහි කෑමට එන හඳාද දන්නේ නැ. ඒත් සේවාව තව ගොඩක් දියුනු වෙන්න ඕනි කිඅයන් එක නම් හොන්දටම පේන්න තියෙනවා. ඔවුන් ලොකු උදව්වක් දෙන්නේ නෑ. ඔබටම කෑම් බලලා තීරනය කරන්න වේවි ඔබේ ආහාර කොහොම විය යුතුද යන්න.කොලඹ අවට ඩිලිවරි සේවාවකුත් ඔවුන් සතුයි. එහිත් සේවාව නම් හොඳ මට්ටමක නෑ.ගොඩක් වෙලා කෑම එනකන් බලන් ඉන්න නම් වේවි.

මග

මෙතනට එනව නම් කොලඹ පැත්ත්ට ගාලු පාරේ මිලාගිරිය බස් හෝල්ට් එක පහු වෙලා හමුවෙන මිලාගිරිය අවනියු එකෙන් වමට හැරිලා පොඩ්ඩක් දුරක් ගිහාම වම් පැත්තෙන් හම්බ වේවි.

ඔබත් එන්න .එය ලංකාවේ පැරනිතම චීන අවන්හල.ඉතින් එක වරක් හෝ ආහාර ගන්න.ඔබේ අත්දැකීම අපට කියන්නත් අමතක කරන්න එපා. අපි එහි විස්තරත් මෙහි ඇතුලත් කරන්න සුදානම්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *