කන්න බොන්න කලින් එන්න

මිහිරි සංගීතය විදිමින් සුපිරි ආහාර වෙලක් රසවිඳින්න Chapter One Baththaramulla

banner

නවීන පන්නයට නිමවුනු ඉතා මනස්කාන්ත වටපිටාවකින් සමන්විත අවන්හලක් තමයි චැප්ටර් වන් කියන්නේ.මෙය බත්තරමුල්ලේ තමයි පිහිටලා තියෙන්නේ.දේශීය කෑම පොඩ්ඩක් අමතක කරලා රසම රස විදෙස් මෙනු එකක රස බලන්න එන්න කියාපු තැනක් විදියට චැප්ටර් වන් හඳුන්වන්න පුලුවන්.අද අපි කියන්න යන්නේ බත්තරමුල්ලේ රසවත් ආහාර පිරිනමන මේ චැප්ටර් වන් අවන්හල ගැන.

 

වටපිටාව

chapteronee

මෙතන මහල් දෙකකින් යුක්තයි. ඇත්ලත සහ පිටත ඉතාම අලංකාරවත්ව නිර්මානය කරලා තියනවා.ඒ අතර පුන්චි සරල කමකුත් තියනවා.ඇතුලත හොඳින් ඒ සී කරලායි තියෙන්නේ.ඇතුලත බිත්ති සහ ආලෝකකරනය රසවත් කෑම වේලකට අනර්ග ලෙසින් නිර්මානය කරලා තියනවා.ඇතුලත වගෙම පිටතත් ඔබට ආහාර ගන්න පුලුවන් වටපිටාවක් තමයි තිබෙන්නේ.දැවයෙන් කරන ලද මේස පු‍ටු අවන්හලේ වටපිටාවත් සමග හොඳි ගැලපෙනවා

බඩජාරි මෙනුපත

chapterone3

මෙහි උදෑසනකට එනව නම් ගුනදායී ආහාර වේලක් ගන්න පුලුවන්.කොල කෑඳ ත් එක්ක හකුරු කෑල්ලක් කාලා පාන් එක්ක සීනි සම්බෝල කනගමන් පලතුරු වීදුරුවක් බොන්නත් පුලුවන්. එහි මිල වෙන්නේ 350ක් වගේ මිලක්.මීට අමතරව උදැට විදේශීය මෙනු එකකුත් ගන්න පුලුවන්.යෝගට් පලතුරු ටෝස්ට් කල පාන් වල තැවරුනු බටර් ජෑම් මාමලේඩ් , චීස් ප්ලේටර් එකක් එක්ක හැම් බේකන් සෝසේජස් වගේ කෑම එකතුවකට කැමති විදියකට ‍තෝරාගන්නත් පුලුවනි.ඒ මෙනු එක නම් 1500ක් විතර වෙනවා.

chapterone2

දවල් සහ රාත්‍රී කෑමකට විදෙස් රයිස් වර්ග විවිද නම් වලින් සැන්ඩ්විච් වර්ගත් මෙතන ගන්න පුලුවන්.බර්ගර් වර්ග 400-600 අතර මිල සීමාවේ පවතිනවා.මෙතනට එන ගොඩ දෙනෙක් අතර ව්‍රැප් වර්ගත් ජනප්‍රියයි..ඒ අතර ක්‍රිස්පි චිකන් මුසු උනු මෙක්සිකන් ව්‍රැප් එක මෙහි එන ගොඩ දෙනෙක් ගේ ප්‍රිය කෑමක්. එහි මිල 550ක් වෙනවා..හොට් ඩෝග් එකක් කන්න ගන්නව නම් ඒක 450ක් වගේ ඒ වගේම චිකන් බීෆ් සහ මාලු මුසු උනු බර්ගර් වර්ග 500-600 අතර මිලකට ගන්න පුලුවන්.මේ හෑම එකකටම අමතර චීස් ඕනි නම් තවත් 100ක මුදලක් අය කෙරෙනවා.

chapterone

මීට් ආම්තරව සැලඩ් වර්ග විව්ද රසට ජූස් වර්ග,ස්මූතීස් ශේක්ස් වගෙම පැනි රස කෑම දිගු මෙනුවක් ඔවුන් සතුයි.මේ ගොඩක් කෑම ඉතාම රසවත්.ඒ වගෙම පිරිසිදු බවත් උපරිමයි. දෙදෙනෙක්ට බඩපිරෙන්න කන්න රුපියල් 3000ක් ඇති.

සේවාව

මෙතන සේවක මහතුන් ඉතාම විනීත ප්‍රියමනාප උදවිය කිව්වොත් නිවැරදියි.මෙහි පෙලක් මෙනු අපිට ටිකක් නුහුරු ඒවා.එහෙම වෙලාවට ඒ දේවල් ගැන හොඳින් කියාදෙන්න මෙහි සේවක මහතුන් සමත්.ඒ වගේම ඔවුන්ට මේ කෑම ගෑන හොන්ද අවබෝධයක් තියනවා.මෙහි වට පිටාව හොඳින් නඩත්‍තෞ වෙන බව හොඳින් පේන්න තියනවා.ඒ වගේම නිදහස් වයිෆයි කලාපයකුත් ඔවුන් සපයනවා.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් බත්තරමුල්ල පැට්තට එන්න ඕනි.. රාජගිරිය පහුවෙලා මීටර් 800ක් විතර ගියහම පාරෙන් දකුනට තියන කෝට්ටේ පාරට හැරුනු ගමන් පාරෙන් දකුනු අත පැත්තේ දැකගන්න පුලුවන් මේ චැප්ටර් වන් අවන්හල.පිට කෝට්ටේ පැත්තේ ඉඳලා එනවා නම් කෝට්ටේ පාර බත්තරමුල්ල පාරට වැටෙන හඳිය අසලම පාරෙන් වම් අත පත්තෙයි මෙය පිහිටන්නේ.හරියටම කිව්වොත් ඉන්ධන පිරවුම්හලට එහායින් තමයි මෙය පිහිටන්නේ.

නිදහස් වරුවක රසවත් කෑම වේලක් කන්න Chapter one bathhtaramulla අවන්හල හොන්ද ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.සවස් වරුවක් ‍තෝරාගන්නවා නම් මනරම් සංගීතය විඳිමින්ම මෙහි ආහාර රසවිඳින්න පහසුව ඔබට තියනවා.මෙහි දුරකතන අංකය වෙන්නේ 0112053330.එන්න ඇවිත් රස බලන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *